ඒත් අපිට එහෙම වුණාට චීන ජාතිකයින්ට නම් මේ කතාව අරුමයක් නොවෙන්න පුළුවන්.
චීනයේ බීජිං හි පිහිටා ඇති කෘමි තේමාවෙන් යුක්ත කෞතුකාගාරයක් විසින් අතිශය අසාමාන්‍ය කෝපි පානයක් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා.
එය මෑතකදී අන්තර්ජාලය පුරා ප්‍රවණතාවක් බවට පත්වී ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
මෙම නව පානය ‘කැරපොතු කෝපි’ (Roach Coffee) ලෙස හැඳින්වෙනවා.
කෝපි කෝප්පය මතුපිට තරමක් බැදගෙන පොඩි කරන ලද කැරපොත්තන් කැබලි ඉසින ලද කෝපි කෝප්පයක් එහිදී පිළිගන්වන බවයි ඡායාරූප වාර්තාවල දැක්වෙන්නේ.
මෙම කැෆේන් පානයට වියළන ලද වියලන ලද කහ පණුවන් ද අඩංගු වන බව වාර්තා වනවා.
පානය කරන්නන් පවසන්නේ මෙම කැරපොතු කෝපිවලට පිළිස්සූ සහ තරමක් ඇඹුල් රසයක් ඇති බවයි.
මෙම පානයක මිල යුවාන් 45ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2000ක් පමණ).
කෞතුකාගාරයේ සේවකයෙකු මාධ්‍ය වෙත පැවසුවේ, "කෘමි තේමා කෞතුකාගාරයක් ලෙස, එයට ගැලපෙන බීම වර්ග තිබීම හොඳ අදහසක් සේ පෙනුණා" යනුවෙන්.
ඔවුන් ජුනි මස අගදී මෙම කෝපි වර්ගය හඳුන්වා දුන් බව ඔහු තවදුරටත් පැවසුවා.
මෙම කෞතුකාගාරයේ නව බීම මාලාවට, පිචර් ශාකයේ ජීර්ණ යුෂ භාවිත කර සකස් කරන ලද විශේෂ බීම වර්ග ද ඇතුළත් වනවා.
කෞතුකාගාර සේවකයාට අනුව, පිචර් ශාකයේ පානය සාමාන්‍ය කෝපි මෙන් රසයි.
මීට අමතරව, සීමිත ලෙස සකසන ලද කුහුඹුවන්ගෙන් සකස් කළ පානයක් ද ඔවුන් හඳුන්වා දුන්නා.
නමුත්, එය අලෙවි කරනු ලැබුවේ හැලොවීන් සමයේදී පමණයි.
කුහුඹු පානය ඇඹුල් රසයක් ගන්නා බවයි පැවසෙන්නේ.
කෞතුකාගාර සේවකයා පාරිභෝගිකයින්ට ආරක්ෂාව පිළිබඳව සහතික විය හැකි බව අවධාරණය කරනවා.
මෙම කෝපි සඳහා යොදන සියලුම අමුද්‍රව්‍ය සාම්ප්‍රදායික චීන වෛද්‍ය (TCM) ඔසුසලකින් මිලදී ගත් බැවින් ඔහු එලෙස තහවුරු කරනවා.
චීන සම්ප්‍රදාය තුළ විශ්වාස කරන පරිදි කැරපොතු කුඩු රුධිර සංසරණයට උපකාර වන ඖෂධයක්.
ප්‍රෝටීන් බහුල කහ පණුවන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වන බවත් වෛද්‍යවරු විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළා.
සේවකයාට අනුව, මෙම කැරපොතු කෝපි ප්‍රධාන වශයෙන් පානය කරනු ලබන්නේ කුතුහලයෙන් පෙළෙන තරුණයින් විසින්.
කෙසේ වෙතත්, දරුවන් සිටින දෙමාපියන් කැරපොත්තන්ට අකමැති බැවින් එයට කැමැත්තක් නොදක්වන බවද ඔහු කියාසිටියා.
කෝපි කඩය දිනකට මෙම කැරපොතු පානයෙන් කෝප්ප 10කට වඩා අලෙවි කරන බවයි චීන වාර්තා පවසන්නේ.
චීනයේ සාම්ප්‍රදායික නොවන කෝපි වර්ග අසාමාන්‍ය නොවන අතර ඒවා නිතරම ප්‍රවෘත්තිවල ශීර්ෂ පාඨ බවට පත්වෙනවා.
මේ වසරේ මුලදී, නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කැෆේ එකක් තුළ, ගැඹුරු තෙලේ බැදපු පණුවන් කෝපි සමඟ මිශ්‍ර කිරීමෙන් අවධානය දිනා ගත්තා.
නැගෙනහිර ජියැංසි පළාතේ කෝපි කඩයක් ද ඔවුන්ගේ ලතේ කෝපිවලට බැදපු මිරිස් සහ ගම්මිරිස් කුඩු එකතු කිරීමෙන් පුවත් මවන්නට සමත් වී තිබුණා.
