Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
23
"ඒවා නම් කියන්නේ නැහැ..." කලකට පස්සේ රයිනි මේ රසිකයින්ගෙන් වසන් කරන්නේ මොකක්ද..?

- "ඒවා නම් කියන්නේ නැහැ..." කලකට පස්සේ රයිනි මේ රසිකයින්ගෙන් වසන් කරන්නේ මොකක්ද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මේ කියන්න යන්නේ රසිකයින් වැඩියෙන්ම ආදරය කරන ඇය ගැන කතාවක්..

රයිනි චාරුකා.. කවුරුත් ආදරය කරන මේ සුන්දර ගායිකාව කලකට පස්සේ ඔන්න ආයෙත් කරලියට ඇවිත්.. 


දක්ෂතා රැසකින් පිරි ඇය මෙරට ගායන ක්ෂේත්‍රයට පොප් සහ රෙගෙ ශෛලියෙන් පවා ගීත ගායනා කරන ගායිකාවක්.. ඇයගේ ගීත රසවිඳින්න හැමෝම කැමැතියි.. ‘පිච්චමලි මමයි නුඹේ’ කවර් සෝන්ග් එක සහ ‘මා නුඹ නිසා’ ගීත ඇයගේ අලුත් ගීත අතර මේ දිනවල ඉදිරියෙන්ම පසුවෙනවා..


මං නුඹ නිසා’ ගීතය ගැන මුලින්ම කතා කරමුද?
තරින් මල්ලි මට කිව්වා අලුත් සින්දුවක් කරමු කියලා. මම කිව්වා මට සින්දුව එවන්න කියලා. එයා එවපු එකම සින්දුව තමයි ‘මා නුඹ නිසා’ ඒක අහපු ගමන් මම ආස වුණා. ඊට පස්සේ අපි රේකොඩින් එක දාගත්තා. ඒ එක්කම මම ආස වුණා මේකෙම ටැමිල් වර්ෂන් එකක් කරන්න. මොකද මේකේ මෙලඩි එක ලස්සන නිසා. කලිනුත් මම කරපු කළුවරට හිත බය හින්දා ගීතයෙත් සිංහල සහ ටැමිල් වර්ෂන් එකක් කළා. දැනට එළිදක්වලා තියෙන්නේ සිංහල එක පමණයි. ළඟදීම ටැමිල් වර්ෂන් එකත් එළියට එයි.

කොච්චර කාලයකට පස්සේද ගීතයක් කළේ..?
මගේම තනි ගීතයක් විදිහට කළේ සරෝජිනී එකෙන් පස්සේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ.

ගීත නිර්මාණ කරන්න මේ තරම් කාලයක් ගන්නේ ඇයි...
මුලින්ම ගීතයට මම ම ආස වෙන්න ඕනේ. ඒ නිසා මම කාලය ගන්නවා. 2015 දී නොබලා මා දිහා ගීතය කළාට පස්සේ 2021දී කළුවරට ගීතය කරකම් මම මුකුත්ම කළේ නැහැනේ.

කළුවරට ගීතය සහ දැන් මේ මා නුඹ නිසා ගීතයේ විෂුවල් එක ඩාර්ක් තීම් එකේ යන්නේ, ඇයි ඒ...

මම මේ ක්ෂේත්‍රයට එන කාලේ තාත්තා මට හදලා දුන්නු නීල කඳු ගැටේ ගීතත් එක්ක මම එළියට දුන්නු වයිබ් එක වෙනස්. නමුත් මම පාසල් යන කාලේ පවා ඔක්කොම කළු ඇඳුම් ඇඳලා, කළු අයි ලයිනර් ගාලා, කළු බුට්ස් දාලා තමයි මම හිටියේ. ඒ නිසාම මම විෂුවල් එකකදී ඩාර්ක් තීම් එකකට යන්න කැමැතියි. හැබැයි එහෙමයි කියලා සින්දුවට ගැළපෙන්නේ නැත්නම් කරන්නෙත් නැහැ.

මේ කාලේ රයිනි ගැයූ පිච්චමලි කියන කවර් සෝන්ග් එකත් අතිශය ජනප්‍රියයි නේද?
ඒක තමයි ලොකුවටම කතාබහට ලක්වෙන්නේ.

‘‘මවෙත හොරෙන් බලන්නේ... මහිත මනාපයි ... මනාලයි.. මඟුල් කතාවයි.... මයෙ හිත බාරයි..’’ කාටද රයිනිගේ හිත භාර දුන්නේ...
ඒවා නම් කියන්නේ නැහැ.

‘පිච්චමලි මමයි නුඹේ
මා පෙම් කුමරෝ
පෙම් කවි හොරෙන් ලියාපු’ ... කාටද මේ පෙම් කවි හොරෙන් ලියන්නේ...

ඒක ඉතින් මම හිතන්නේ ආදරේ කරන හැමෝම හොරෙන්නේ පෙම් කවි ලියන්නේ. මම නම් ළඟදී පෙම් කවි ලියලා නැහැ. ඉස්සර නම් ඕක විතරයි කළේ. කොලේජ් යන කාලේ ඕක තමයි වැඩේ. අද වෙද්දී කවි ලියන කෙනා මගෙන් ඈත් වෙලාම ගිහින්. දැන් සින්දුවලින් කියනවා.

පිච්චමලීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ ළඟදී මම අහපු ගීත අතරේ මගේ හිතට තදින්ම වැදුණු ගීතයක් තමයි මේ චුට්ට මලේ ගීතයේ මෙලඩි එක. ඒක තෙළිඟු ගීතයක්. අයියෝ මේ සින්දුව මට තිබ්බ නම් කියලා හිතුණා. ඒ එක්කම මට හිතුණා මේක මට ස්ටේජ් එකක කියන්න ඕනේ කියලත්. ඒ නිසා මම මේ කවර් සෝන්ග් එක කළා. මේ ගීතය එක්ක මගේ ෆෑන් බේස් එක වැඩිවුණා. බංග්ලාදේශයෙන් සහ ඉන්දියාවෙන් මට ෆෑන්ස්ලා එකතු වුණා. ඒක තමයි මගේ ගෝල් එක වෙලා තිබ්බෙත්. මොකද මට ඕනේ වුණා මගේ කටහඬ මේ ලෝකේ වෙන රටවල ඉන්න අයටත් ඇහෙන්න සලස්වන්න. මම මේ ගීතය දාලා තියෙන හැම තැනකම මෙන්ෂන් කරනවා මේක චුට්ට මලේ ගීතයේ එහෙම නැත්නම් ගීතයේ සිංහල වර්ෂන් එක කියලා. දැන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

දැන් රඟපාන්න අදහසක් නැද්ද?

මට ඇරයුම් නම් එනවා. සමහර වැඩ ගැන කතා කරලත් තියෙනවා. අපි ගායිකාවන් නිසා අපිව දාලා නිර්මාණ කරන එක රිස්ක් එකක් කියලා සමහරු හිතනවත් ඇති. හැබැයි කතා කරගෙන යන නිර්මාණ අතරින් ළඟදීම එකක රූපගත කිරීම් ආරම්භ වෙනවා.

අපි මතක් කරමු R & D Academy එක ගැනත්...

Rising Voices & Drawing Academy ඒක ලංකාවට අලුත් සංකල්පයක්. මියුසික් ඇන්ඩ් ආර්ට් එකම තැනකින්. දැන් එන ළමයි කියන්නේ එයාලගේ හැපී ප්ලේස් එක තමයි R & D Academy එක කියලා.


අරුණ පුවත්පත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top