Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
02
රෝග රැසකට ගුණ දෙන තවත් විශ්මිත පානයක්..

- රෝග රැසකට ගුණ දෙන තවත් විශ්මිත පානයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

මේ කියන්න යන්නේ ගස යටින් ගියත් නිරෝගී වෙන වටිනා ඖෂධිය ශාකයක් ගැන කතාවක්...

රෝග රැසකට ගුණ දෙන අශෝකා මල් ගැන ඔබ  අසා ඇති.. 


"සීතා සොයා ගිය හනුමාට මල් වනයක දී ඇය හමුවී ශෝකය නිවී ගිය හෙයින්, එම මල් වර්ගය ශෝක නැති" යන අරුතැති , අසෝක, අසෝකමු, අශෝභම් වැනි නම්වලින් හැඳින්වෙන බව සඳහන් වෙනවා... කාන්තාවන් ප්‍රිය බැවින් අංගන ප්‍රිය ලෙස ද හැඳින්වෙන අශෝක ශාකය, හෝපලු , සීතා අශෝක, හේම පුෂ්ප, දියරත්මල, දිය රතඹල, ආදි තවත් විවිධ නම්වලින්ද හැඳින්වෙන්නක්...

මීටර් 10ක් 12ක් උසට වැවෙන එය සංයුක්ත පත්‍රවලින් යුක්තයි.. ශාක කඳෙහිත් අතුවලත් තැඹිලි පාටැති අලංකාර මල් පොකුරු පිපී පරවීගෙන එනවිට රතු පැහැ ගැන්වෙනවා.. එහි සෑදෙන කරල බීජ 4-8 කින් යුක්තයි.. වියළි කලාපයේ ඇල මාර්ග අසළ බෙහෙවින් දක්නා ලැබෙනවා.. Fabaceae කුලයට අයත් වෙන මෙම ශාකය ඉන්දියාවේ ඉමහත් ගෞරවාදරයට පත්වූ ශාකය එහි වේද සාහිත්‍යයේ හැඳින්වෙන්නේ වාසනාව ගෙනෙන්නක් ලෙසටයි.. පද්ම පුරාණය ඇතුළු පුරාණ ග්‍රන්ථවල අශෝක ශාකය සිටුවීම මංගල්‍යයක් බවත්, සිටුවීමෙන් නිවසේ සෝ දුක් දුරුවන බවත්, එහි සාමය සෞභාග්‍යය ළඟාවන බවත් , විස්තර කෙරෙනවා..

ආයුර්වේද ග්‍රන්ථ වන සුශෘත, චරක, සංහිතාවල එය වේදනා නාශකයක් සේ හැඳින්වෙනවා. එසේම සිසිල , වර්ණවත් බව ගෙනෙන, හදවතට හිතකර ,දාහය විඩාව පිපාසය නිවන , විස නසන , ගුණයන්ගෙන් යුතු බව සඳහන් වෙනවා.කාන්තා රෝග සුවයට නැතිවම බැරි ශාකයක් ලෙස හැඳින්වෙන අශෝක ශාකය රුධිරය පිරිසිදුකිරීමේ , රුධිරගත සීනි පාලනය කිරීමේ හා රුධිර වහන නවතාලීමේ හැකියාවෙන් ද යුක්තයි..

එය ගර්භාෂ ගෙඩි , ශ්වේත, රක්ත ප්‍රදර රෝග, දන්ත හා මුඛ රෝග, අර්ශස්, කු ෂ්ට, තුවාල, ඉදිමුම්, කැඩුම් බිඳුම් අතීසාර මුත්‍රා රෝග සුවපත්කිරීමේ හැකියාව සහිතයි..
ඒ සඳහා ශාකයේ පොතු, ඇට, මල් හා මුල් යොදා ගන්නවා.. අශෝක පොතු බැක්ටීරියා දිලීර ආසාදනවල ට එරෙහි මනා ක්‍රියාකාරිත්වයක් ඇත්තක් ලෙස සැළකෙනවා.. පැරණි තුවාල කුෂ්ට බිබිලි ආදිය සුවකර ලේ පිරිසිදුකර වර්ණවත් සමක් ලබාදීමට ඊට හැකියි..

පොතු කෂාය අර්ශස් රෝග පාලනයට ද යොදාගන්නවා.. අශෝක මල් රුධිරගත සීනි පාලනයට උපකාරි වන්නක් සේත් අශෝක මුල් කාන්තා ප්‍රජනන ශක්තිය වඩවන්නක් සේත් සැළකෙනවා..
අශෝකාරිෂ්ටය අශෝක සෘතය වැනි කාන්තාරෝග නිවාරණය කෙරෙන වටිනා බෙහෙත් නිෂ්පාදනයවී ඇත්තේ ද අශෝක ශාකය මගින්..

අශෝක ශාකයෙන් අත් බෙහෙත් (වෛද්‍ය ලේඛන මගින්)
කාන්තා ප්‍රජනන පද්ධති ආශ්‍රිත රෝග සඳහා -
ගර්භාෂ ආශ්‍රිතරෝග සඳහා අශෝක පොතු වියළා කුඩුකර තේ මෙන් පානය කිරීම. පොතු ග්‍රෑම් 60 කට වතුර පත හතක් හා එළකිරි පතක් යොදා අට එකට සිඳුවා කෂාය උදේ සවස පත බාගය බැගින් බීම (එළකිරි වෙනුවට වතුර යොදාගන්නත් හැකියි)

දිය වැඩියාවට – අශෝක මල් පවනේ වියළා කුඩුකර උණු වතුර වීදුරුවකට මිශ්‍රකර දිනකට දෙවරක් පානය කිරීම. පවනේ වියළූ මල් මිටක් පත හතර එකට සිඳුවා පතබාගය බැගින් සතියක් උදේ සවස බීම

විදුරු මස් ආසාදන – මුඛ දුර්ගන්ධය , සෙම්ගෙඩි වලට – පොතු වේළා කුඩුකර ඇල් දියෙන් අනා දත් මැදීම, කට වණවීම්, මුඛයේ බැක්ටීරියා නැසුමට – පොතු කුඩු දැමූ උණු වතුරෙන් කට සේදීම.

සැරව සහිත පරණ තුවාලවලට – අමු පොතු අඹරා ගෑම, සමේ කුෂ්ට බිබිලි දුරුකර සම පැහැපත් කිරීමට.

ලේ පිරිසිදු කිරීමට – පොතු කෂාය අට එකට සිඳුවා සීනි දමා පැණියක් කර දිනකට තේ හැඳි දෙක බැගින් බීම.

හන්දිපත් රුදාවට – පොතු කබලේ බැද කුඩුකර ශුලහර තෙලට මිශ්‍ර කර ආලේපකිරීම.

කැඩුම් බිඳුම්වලදී – පොතු කුඹුක් පොතු සමග මිශ්‍ර කර පත්තු බැඳීම.

අතීසාරයට – මල් කෂායකර බීම.

රක්තාතීසාරයට හා අර්ශස්වලට – පොතු තම්බා කෂාය කර බීම.

වකුගඩු ආශ්‍රිත ගල් දියවීමට – අශෝක ඇට වියළා කුඩුකර ඉන් ස්වල්පයක් උණුවතුර වීදුරුවකට දමා උදය සවස පානය කිරීම.



අන්තර්ජාලය ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top