පෝෂණ පදාර්ථ බොහෝ සෙයින් ඇති ගොටුකොළ ගැනයි මේ කියන්න යන්නේ..
ඉබේම වැවෙන දිය සීරාවෙන් හෙබි පරිසරයකට නෑකම් කියන ගොටුකොළ, සම්බෝල, ව්‍යංජනයක් රසවත්ව පිළියෙළ කරගන්න පුළුවන්..
ගොටුකොළ, හීන් ගොටුකොළ යනුවෙන් දෙවර්ගයක් තිබෙනවා.. තරමක කසාය රසයකින් යුක්ත වුවත් ප්‍රධානම තිත්ත හා මධුර රස මෙය ග්‍රහණය කර තිබෙනවා...
සමහර අවස්ථාවල ඔබට නුපුරුදු ලෙස ආහාරය පිණිස මෙය ව්‍යංජනයක් ලෙස පිසීමේදී එතරම් රසයක් ලැබෙන්නේ නැහැ.. ඒ මෙහි අනුරසයක් වන කසාය රසය එවිට උද්දීපනය වන බැවිනි.. පිළියෙල කිරීමේදී මෙය, සලාද වශයෙන් අමුවෙන් ගැනීමයි අපේ ගෘහණියන්ට හුරු පුරුදු... ඔබගේ ආහාරය පෝෂණයෙන් හා රසයෙන් වඩන්නට අපේ කතා බහට ගොටුකොළ මූලික කර ගත්තේ ඒ නිසායි..
යම් හෙයකින් පීඩා විඳින අර්ශස් රෝගයට පලා වර්ග සුදුසු වුවත් ගොටුකොළවලින් ලැබෙනුයේ මහත් අත්වැලක්... ගොටුකොළ සම්බෝලය ශරීරයේ මල හොඳින් දිරවීමට උදව් වෙනවා... පීනස අමාරුවට බෙහෙවින් උපකාරී වේ. අක්‍රීයව පවතින බහිස්‍රාවීය කටයුතු හොඳින් පාලනය වෙනවා..
මේ අනුව වඩාත්ම අර්ශස් රෝගීන්ට යෝග්‍ය යැයි කීම නිවැරදියි.. ඒ වගේම ඔබගේ ආමාශගත තුවාල, උගුර වනවීම වැනි රෝගයන්ට ගොටුකොළ හොඳ ඖෂධයක්... සිසිලස ගෙන දෙන ආහාරයක් නිසා දාහයට ගුණ දෙනවා.. ලාදුරු රෝගයට, චර්ම රෝගයන්ට යෝග්‍ය වෙනවා..
මතක ශක්තිය වැඩිකර දෙනවා.. මන්ද බුද්ධික රටාවේ සිටින දරුවන්ගේ සාමාන්‍ය හැකියාවන් හා හැඩගැස්සීම් දියුණු කරයි.. ඔවුන්ගේ ධාරණ ශක්තිය ඔපදමයි.. කොළරා රෝගයට ගුණ දෙනු ලබයි.. සවාසනාල ප්‍රදාහයන්ට ඇඳුම රෝගීන්ට, සුද යාමට, වෘක්කගත ආබාධ (වකුගඩු) මුත්‍ර මාර්ගයේ ආසාදනවලටද සුදුසුයි..
තුවාල ( වෘණ) ටියුමර්වලට සමාජ රෝගවලටද උපකාරී වෙනවා... (TB) ක්ෂය රෝගයට ඖෂධීය ගුණය ගෙන දේ... සන්ධිගත රෝගවලට බරවා, වෘෂණ කෝෂවල වතුර පිරීම වළක්වා ගන්නට ගොටුකොළ ඉවහල් වෙනවා.. අක්මාව ආරක්ෂා කරයි. හිසරදයට ඉතාමත් සුදුසුයි. මුත්‍රා ගල්වලට සුදුසුයි... ඒ වගේම මුත්‍ර මාර්ගයේ ආසාදන අඩු කිරීමට උදව් වෙනවා... උගුරට සහනය ගෙන දෙයි... ඉදිමීම අඩු කරයි.. බඩගින්න ඇති කරයි... හෘද රෝගවලට හිතකරයි... බුද්ධිය වර්ධනය කරයි... මස්තිශ්කයේ යම් යම් ආවේගශීලී අවස්ථාවන් පාලනය කිරීමට ගොටුකොළ උදව් වෙනවා.. ඒ වගේම ප්‍රසවයෙන් පසුව මව්කිරි වඩයි...
ගොටුකොළවල ස්වභාවය
ඉතාමත් ශක්ති ජනක ආහාරයක් වේ. විෂ හරණයට යෝග්‍යයි. දියසීරාව ඇති තැන්වල වැඩියෙන් වර්ධනය වේ. කුඹුරු ආදී ජල බිම්වල හොඳින් වැඩේ. මුළු පැළෑටියම ප්‍රයෝජනයට ගනී. අමුවෙන් ආහාරයට ගැනීම බොහෝ සෙයින් සිදුවේ. එවිට ගුණයෙන් අනූනයි. පීනස රෝගීන්ට උදෑසන ගොටුකොළ මිටක් කොටා, ඉස්ම බීම යෝග්‍යය.
වෙනත් ප්‍රයෝජන
ආහාරවලට ගන්නා ගොටුකොළ ඔබගේ උදෑසන බීමක් ලෙසද සකසා ගත හැකියි. ඒ අතර ගොටුකොළ කැඳ හොඳ පානයක් ලෙස හඳුන්වා දිය හැකියි.. මෙසේ උදෑසන ගන්නා කැඳ නිසා ඔබගේ දවස ප්‍රබෝධයෙන් ආරම්භ කරන්නට හැකියි.. කුඩා ළමුන්ට ගොටුකොළ සම්පූර්ණ ශාකමය තැම්බූ වතුර බොන්නට දෙයි.. එවිට බුද්ධි වර්ධනයට හා හොඳින් සිරුර වර්ධනයටද ඉවහල් වෙනවා... ඒ වගේම කාන්තිමත් සමකට හිමිකම් ලැබෙයි...
අවාසිදායක තත්ත්ව
රුධිර ගමනය වැඩි කරයි.. ඒ වගේම රුධිරගත සීනි යුෂ ප්‍රමාණයෙන් හෝ වැඩි වෙනවා... වැඩි ප්‍රමාණයක් ගොටුකොළ භාවිතා කිරීම නිසා මොළයට ද සුදුසු නොවේ.. ක්ලාන්තය, කෝමා වැනි තත්ත්ව වුවත් ඇතිවිය හැකියි. මෙය ශීත අධික ආහාරයක්...
පීනසට ගොටුකොළ එක්කර සාදන කසායක්
1. ගොටුකොළ කලං 6
රතුළූණු, ඉඟුරු පියළි, තිප්පිලි කලං 2 බැගින් තම්බා වතුර පත 8 එකට සිදුවා පත 1/2 බැගින් උදේ සවස බීමට හොඳයි.
2. ගොටුකොළ මුල් වේලා කුඩු කරගත් චූර්ණයට උණු වතුර කෝප්ප 1/2 ට දමා තේ හැඳි 1 බැගින් දිනකට 2 වරක් බොන්න.
ආහාරයට ගැනීමේදී
පොල්, අමු මිරිස්, රතුළූණු ආදිය දමා සකසා ගන්නා ගොටුකොළ සම්බෝලය ඉතාම රසවත් ආහාරයක්වේ. මෙහිදී රතුළූණු වැඩිපුර දමා සකසා ගන්නා ගොටුකොළ සම්බෝලය ඔබට ඇති පීනසයද මඟහරවා ගන්නට උදව් කරයි. කේශ වර්ධනයටද ඉවහල් වේ.
සමහර අවස්ථාවලදී ගොටුකොළ ව්‍යංජනයද රසවත් ලෙස සකසා ගත හැකියි. නමුත් පිසීමේදී රත් වීමකට හසුවන නිසා තිබෙන විටමින් වර්ග දියවී යා හැකි නිසා වඩා පෝෂණීය ගුණයක් අමුවෙන් සැකසීමේදී ඔබට ලබා ගත හැකියි.
අන්තර්ජාලය ඇසුරෙන්..