ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ එම ධුරය සඳහා මීළඟ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් කොන්ක්ලේව් ක්‍රියාවලිය මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කළා.
මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135ක්.
කාදිනල්වරු 53ක් යුරෝපයෙන්ද, 23ක් ආසියාවෙන්ද, 20ක් උතුරු ඇමරිකාවෙන්ද, 18ක් අප්‍රිකාවෙන්ද, 17ක් දකුණු අමෙරිකාවෙන්ද, හතර දෙනෙක් ඕෂනියාවෙන්ද මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩුවිය යුතු වනවා.
වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි.
එමෙන්ම බාහිර ලෝකයෙන් දුරස්ව පැවැත්වෙන පාප්වරණය වෙනුවෙන් ඊයේ සිට සිස්ටීන් දෙව් මැඳුර වසා දමා තිබෙනවා.