ශ්‍රී ලංකාවේ කදුකර ප්‍රදේශවල හටගන්නා සවිමත් ලීයක් සහිත ඉතා උස් මහත්ව හටගන්නා නා හිඹුල් ශාකය මොරගසට නෑ කම් කියන ශාකයක්.
මෙහි පල මොරගෙඩි වලට වඩා විශාල අතර දිගටි ගතියකින් යුක්තයි.
අමු ගෙඩි කොළ පැහැයෙන් යුක්ත අතර ඉදුනු ගෙඩි රෝස පැහැයක් ගනී.
ගම් වල ලමුන් සේම වැඩිහිටියනුත් මේ ගසෙහි ඉදුනු ගෙඩි ආහාරයට ගන්නවා...ඒවා පැණිරස ගතියෙන් යුක්තයි ..
මෙම ශාකයෙහි ලී වහල ගැසීමට යොදාගන්නා බාල්ක පරාල ඉරන නිසා ලන්කාව තුල ඉතා වේගයෙන් වදවීමේ තර්ජනයට පත් වීමෙනුයි පවතින්නේ...
මෙම ශාක වලින් ලී ඉරන අවස්තාවලදී අප කුඩා කල හරිම සතුටක් ලබන්නේ මේ ගසෙහි ලී කුඩු ගලා යන දොල පාරකට දැමූ විට සබන් පෙන මෙන් මුලු දොල පාරම පෙන වලින් වැසී යනවා.
එහෙම වෙන්නේ මේ ගස සතු යම් රසායනික ගුනයක් නිසා යන්න කිව යුතුයි ..ඉතිම් කිතුල් ගල පැත්තේ එහෙම ගිය වෙලාවක කාගෙන් හරි නා හිඹුල් ගෙඩි ටිකක් හොයාඅ දෙන්න කියලා කාලම බලන්කෝ.
.