මේ කියන්න යන්නේ තවත් එක් බිහිසුණු අත්දැකීමක් ගැන ඇසෙන කතාවක්..
මාවතගම - වෑඋඩ වතුයාය ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රී කාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධකින් පහර දී බරපතල තුවාල ලබා මාවතගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව මාවතගම පොලිසිය පවසනවා...
මරණකරු වයස අවුරුදු 45ක් වූ වතුයාය, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..
මරණකරුගේ නිවසට ආසන්නයේ පිරිසක් එක්ව වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහරදීමට යාමේදී මරණකරු එය වැළැක්වීම සඳහා තම පුත්‍රයාද සමඟ ගොස් ඇති බවත්, එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පිරිස අතර සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම අපරාධය සිදුකර ඇති බවටත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා..
මෘත ශරීරය මාවතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා..
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..