බෝ නොවන රෝග නිසා පීඩාවට පත්වන ජනතාව බොහෝමයි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ රෝගයක් නිසා ඇතිවුණු ප්‍රවණතාවක් ගැන විශේෂ අනාවරණයක්..
දිනකට මෙරට වකුගඩු රෝගීන් පස් දෙනෙකු මිය යන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පෙන්වා දෙනවා.
2023 වසරේ දත්ත සලකා බලන විට මෙරට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගතවීම් 213,448ක් සහ මරණ 1626ක් වාර්තා වුණා.
2023 - 2024 වර්ෂවල දී රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ සංඛ්‍යාව 6,582ක් වන අතර, 2023 - 2024 වර්ෂවල දී රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංගඛ්‍යාව 1000ක්.
එමෙන්ම වකුගඩු බද්ධ කළ රෝගීන් සංඛ්‍යාව 300ක් පමණ වන බව සදහන්.
තවමත් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව උතුරු මැද පළාතෙන් වාර්තා වනවා.
එවන් තත්වයක් හමුවේ 2006 වසරේ සිට ලෝක වකුගඩු දිනය සෑම වසරකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබනවා.
“දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” යන්න මෙවර එහි තේමාවයි.