මේ කියන්න යන්නේ බස් රථ රියැදුරු සහ කොන්දොස්තරවරයා නිසා අපහසුතාවටපත් වුණු සිද්ධිය ගැන කතාවක්..
වැලිකන්ද නගරයේ සිට ගල්කන්ද දක්වා සවස දෙකයි තිහට පිටත්වීමට නියමිතව තිබෙන එකම බස් රථය ඊයේ ධාවනය නොකිරීම හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ සිසුන් ඇතුළු මගීන් පිරිසකට නිවෙස් වෙත යාමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා..
ඒ, එම බස් රථයේ රියැදුරු සහ රිය සහයකවරයා මත්පැන් පානය කර වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ වැටී සිටීම හේතුවෙන්..
පොළොන්නරුව, වැලිකන්ද නගරයෙන් ගල්කන්ද දක්වා ගමන් කරන, පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය සෑම දිනකම පස්වරු 2.30ට ධාවනය කෙරෙනවා..
නමුත් ඊයේ එම බස් රථය නියමිත වේලාවට ධාවනයට එක් කර තිබුණේ නැහැ..
ඒ, එම බස් රථයේ රියැදුරු සහ රිය සහායකවරයා මත්පැන් පානය කර වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ බීමතින් වැටී සිටීම හේතුවෙන්..
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් වැලිකන්ද පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබූ අතර ඒ වනවිටත් බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් තිබුණා..
මෙම ප්‍රමාදය නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සම්මන්ත්‍රණයකට ගිය සිසුන් ඇතුළු මගීන් පිරිසක් දැඩි අපහසුතාවකට පත් වූ අතර එම පිරිස වැලිකන්ද පොලිසියට අයත් ජීප් රථයකින් වැලිකන්ද, ගල්කන්ද හා කුඩාපොකුණ ප්‍රදේශවලට රැගෙන යාමට පොලිසිය පියවර ගත්තා..
බස් ප්‍රමාදය නිසා නිවෙස් වෙත යාමට ප්‍රමාද වූ සිසුන් පිරිසක් බස් නැවතුම්පොළේදීම සිය ආගම අදහන අයුරු ද දක්නට ලැබුණා..
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප පොළොන්නරුව ඩිපෝ අදිකාරී ප්‍රේමසිරි ගුණවර්ධන මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි...