මේ කියන්නේ අන්න ඒ වගේ රෝගයක් වන දණහිස් කැක්කුම නිසා පීඩාවට පත්වෙලා ඉන්න ඔබට හොඳ විසඳුමක්.. කොහොම වුණත් දණහිස් ආබාධවලට නිසි නොවුහොත් සිදු වන්නේ සුව කිරීමට අපහසු වන ආකාරයකින් දණහිස් වේදනා උඩු දිවිමයි...
දණහිස් වේදනා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුන් ලෙස අධිකව වැඩ කිරීම, අස්ථි ඝනත්වය වගේම දනහිස ආශ්‍රිත මාංශ පේශි ගෙවී යාම පෙන්වා දෙන්න පුළුවන්. අස්ථි ඝණත්වය කිව්වේ, නිශ්චිත අස්ථි කොටසක අඩංගු වන කැල්සියම් හා අනෙකුත් ඛනිජ ලවණ සංයුතිය මත ගණනය කරන මිනුම් දණ්ඩකට. මේ අස්ථි ඝනත්වය අනුව එහි නිරෝගිතාවය ගැන නිගමනය කරන්න පුළුවන්. දණහිස් ප්‍රශ්න ඇති වීමට බලපාන තවත් ප්‍රධාන හේතුවක් තමයි පෝෂණ සංගටක වල හිඟකම.
අපේ ශරීරයට විටමින් D, කැල්සියම් හා යකඩ නිසි පරිදි ලැබුනේ නැති උනොතින් සන්ධි ආශ්‍රිත ප්‍රශ්න විතරක් නෙවෙයි තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විටමින් D හරියට ඇඟට නොලැබුණොත් ආතරයිටිස් හා සන්ධි ප්‍රදාහය වැනි දරුණු ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්.
හරි දැන් ඔන්න දණහිස් වේදනාව ගැන කිව්වා. එහෙම වේදනා එන්න හේතු මොනවද කිව්වා. දැන් කියන්න යන්නේ සුබ ආරංචියක්. ඒ තමයි බොහෝ දෙනා පිඩා විදින දණහිස් වේදනාව, ස්වාභාවිකව ක්‍රම වේදයක් ඔස්සේ කිසිදු වේදනාවකින් තොරව දින කිහිපයක් ඇතුලත සුව කර ගන්න පුළුවන් කියන ආරංචිය. අපේ මේ ලිපියෙන් ඔබට තොරතුරු ගෙන එන්නේ ඒ පිළිබදව. තව දෙයක්. ඔබට පුරා සතියක් වැනි කාලයක් තිස්සේ නොනවත්වා රිදුම් දෙන දණහිස් හෝ සන්ධි අමාරුවක් තියෙනවා නම් මේ ස්වාභාවික බෙහෙත් වට්ටෝරුව කරලා වැඩක් නෑ. ඔබ වහාම වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගන්න ඕන.
තව දෙයක් තමයි මේ ප්‍රතිකාරය කරන අතරතුරේ කන්න ඕන කෑම වේල. මේක ඉතාම වැදගත්. අපේ දණහිස් ඉක්මනින් යතා තත්වයට පත් කර ගන්න කෑම වලින් ලොකු සහයෝගයක් ගන්න පුලුවන්. ඒ නිසා විටමින්, බ්‍රෝමෙලින් හා මැග්නීසියම් කියන පෝෂණ සංගටක යහමින් අඩංගු ආහාර පාන මේ දවස් වල වැඩිපුර ආහාර වේලට එකතු කර ගන්න ඕන.
හරි දැන් අපි කියන්නම් මොකක්ද මේ ස්වාභවික බෙහෙත කියලා. මේක රසවත් ස්මුති එකක්. කුරුදු , අන්නාසි හා දොඩම් යුෂ වලින් හදපු රසවත් ස්මුති එකක් දිනපතා පානය කිරීම මගින් දණහිස් හා සන්ධි වේදනාවට සුවයක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වොත් ඇත්තෙන්ම ඔබ පුදුම වේවි. මේ තුන් ජාතිය එකතු කරලා හදන ස්මුති එක දණහිස් වේදනා වලට පුර්ණ සහනයක් ලබා ගන්න පුළුවන් ඉතාම එලදායි ප්‍රතිකාරයක්. මේ ස්මුති එකේ ශරීරයේ ප්‍රදාහමය තත්වයන් නසන සංයෝග හා සිලිකන් අඩංගු වෙනවා.
ඒ වගේම අන්නාසි තුල විටමින් සී හා ඉහල බ්‍රෝමේලින් සංයුතියක් අඩංගු වෙනවා. මෙන්න මේ බ්‍රෝමේලින් මගින් තමයි අපි අර කිව්ව ශරීරයේ ප්‍රදාහ තත්වයන්ට විරුද්ධව සටන් කිරීම සදහා බලය ලැබෙන්නේ. කුරුදු මගින් ශරීරය පුරා හොද රුධිර සංසරණයක් පවත්වා ගෙන යාම සිදු කරනවා. ඒ වගේම තමයි දොඩම් යුෂත්. දොඩම් යුෂ තුළ අඩංගු වන විටමින් සී මගින් දණහිසේ කාටිලේජ හා කන්ඩරා නැවත අලුත්වැඩියා කර ශක්තිමත් කිරීම සිදු කරනවා.
මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය
කුඩා කැබලි ලෙස කපා ගත් අන්නාසි කෝප්ප 2, ඕට්ස් කෝප්ප 1, වතුර කෝප්ප 2, දොඩම් ගෙඩියක යුෂ වලින් සාදාගත් දොඩම් වීදුරුවක්, කුරුදු කැබැල්ලක්, පිරිසිදු මී පැණි.
මේ තියෙන්නේ සාදා ගන්නා ආකාරය
මුලින්ම වතුර හා ඕට්ස් බදුනකට එක් කරලා විනාඩි කිහිඔයක් පිස ගන්න. ඕට්ස් එක හොදින් පිසුනට පස්සේ සිසිල් වෙන්න මද වෙලාවක් තියන්න. හරි දැන් ගන්න බ්ලෙන්ඩරයක්. එකට එකතු කරන්න පිසගත් ඕට්ස් ටික. ඊට පස්සේ දොඩම් යුෂ, අන්නාසි කැබලි, කුරුදු හා මී පැණි ටිකත් එකතු කරලා අවශ්‍ය පමණට වතුරත් එකතු කරලා හොදින් අඹරා ගන්න. ඔන්න දැන් අපේ ස්මුති එක ලෑස්තියි. දණහිස් ප්‍රමුඛ සන්ධි වේදනා වලින් මිදෙන්න නම් මේ ස්මුති එක දිනපතාම පාරිභෝජනය කරන්න අවශ්‍යයි. දවස් 5ක් විතර එක දිගට බොන කොට ඔයාට වෙනසක් දැනෙන්න ගනීවි. දණහිස් වේදනාව අඩු වීගෙන යන හැටි ඔයාටම අත් විදින්නට ලැබේවි.
අන්තර්ජාලය ඇසුරෙන්..