මෙහෙම දෙයක් වේවි කියලා ඔහු කිසිම දවසක හිතන්න නැතුව ඇති...
මේ අවාසනාවන්ත පුවත ඇසෙන්නේ මොණරාගල ප්‍රදේශයෙන්...
මොණරාගල පොලිස් වසමේ සිරිපුර යාය ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා...
මරණකරු වයස අවුරුදු 49 ක් වූ කදුරුවලාන, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට හේනක් වටා යොදන ලද අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අනවසර විදුලි රැහැන් යෙදු කටුවාමඩ, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. අනවසර විදුලි රැහැන් සිදුවීම් නිසා අහිමි වූ පළමු ජීවිතය මෙය නොවේ..
මෙවන් නීති විරෝධී කටයුතු නිසා ජිවිත අහිමි වීම ඉහළ යනවා... මෙවන් සිදුවීම් වළක්වා ගත යුතුමයි...