එංගලන්තයේ සසෙක්ස් මුහුදු තීරයේ දියනාමින් විනෝද වන්නට ගිය ශ්‍රී ලාංකිකයින් තරුණයින් 5දෙනෙකු දියේ ගිලී මියයෑම සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යද තොරතුරු වාර්තා කර ඇති අතර සිද්ධියෙන් මියගිය තරුණයෙකුගේ සහෝදරයෙකු විසින් මේ වන විට එදින සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් පවසා තිබෙනවා.
සහෝදරයා පවසන ආකාරයට ඔවුන් මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ එංගලන්තයේ මේ වසරේදී උෂ්ණ අධිකම දිනයේ වන අතර නිවාඩුව හේතුවෙන් හොඳම මිතුරන් 5දෙනා විනෝද වීමට මෙම වෙරළ තීරණයට ගොස් තිබෙනවා. එහි 1000කට අධික පිරිසක් සිට ඇති අතර වෙරළෙන් මදක් ඔබ්බට ගිය මෙම මිතුරන් කුඩා වැලි පරයක පාපන්දු ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා.
පසුව ඔවුන් මුහුදු රැල්ලත් සමඟින් ගොඩබිමට පිහිනාගෙන පැමිණ ඇති අතර එහිදී රැල්ල ප්‍රචණ්ඩ වී මුලින්ම දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා. ඔවුන් එහිදී වැලිමත එරීමක්ද සිදුව කකුල් ඉහලට ගැනීමට නොහැකිව සිට තිබෙනවා. එය දුටු අනෙක් මිතුරන්ද වැලි මතින් ගොස් ඔවුන් බේරාගැනීමට උත්සාහ කර ඇති අතර නමුත් මුහුදු රළ දැඩිවීම නිසාවෙන් ඔවුන්ට එකටම දියේ ගිලී තිබෙනවා.
සිද්ධිය පිළිබඳව පවසා ඇති සහෝදරයා දෝෂාරෝපණ එල්ලකර සිටින්නේ මුහුදු වෙරළේ 1000ක් වැනි පිරිසකට ඉතා සුළු ජීවිතාරක්ෂකයින් පිරිසක් සිටීම මෙලෙස එකවරම පස්දෙනෙකු දියේ ගිලී මියයාමට හේතුව බවයි.
සිද්ධියට මුහුණදුන් තරුණයින් පස්දෙනාගෙන් තිදෙනෙකු වෙරළට රැගෙන එන විටත් විනාඩි 15ක් පමණ ඇඟේ නාඩි වැඩකරමින් තිබූ බව මෙම සහෝදරයා පවසා තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙසින් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට කිසිවෙකුට හැකිව නැහැ.