Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
11
40න් පස්සේ නීරෝගීව ඉන්න කැමතියි නේද..? එහෙනම් මේ කෑම හැමදාම කන්න....

- 40න් පස්සේ නීරෝගීව ඉන්න කැමතියි නේද..? එහෙනම් මේ කෑම හැමදාම කන්න....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

716 Views
අපි අපේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නම ඕන..

ඒත් ඒකට වයස් සීමාවක් නෑ.. ඒත් එන්න එන්න වයසට යද්දී මේ ගැන අපි හිතනවා වැඩියි.. 

විශේෂයෙන් අවුරුදු 40 න් පස්සේ අපේ ජීවිතය ගමන් කරන්නේ ආපස්සට ද..? සමහරු එහෙම හිතනවා.. ඒත් ඒ කතාව අමූලික බොරුවක්.. ඇත්තටම ජීවිතය පටන් ගන්නේ අවුරුදු 40 න් පස්සෙයි.. සුද්දා ඉංග්‍රීසියෙන් "Life begins after fourty" කියලා කියන්නෙත් අන්න ඒ නිසයි.. කතාව ඇත්ත.. ජීවිතයේ අඩු අත්දැකීම් මැද, විවිධ හැල හැප්පීම් මැද ආදරය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ මොකක්ද? මිනිස්සු කියන්නේ කවුද? කියලා හොඳහැටි තේරුම් අරගෙන මොළයෙන් තීරණ අරන් අපි ජීවත් වෙන්න පටන් ගන්නේ මෙන්න මේ 40 කියන මධ්‍යම වයසෙන් පස්සෙදි තමයි..

ඒත් අවාසනාවකට හතලිහ වෙද්දි ගොඩක් අයට ලෙඩ ඇවිත්.. ඉස්පිරිතාලේ ක්ලින්ක්වල, චැනලින් සෙන්ටර්වල පෝලිමේ ඉන්න අයගෙන් තුන් කාලක්ම ඉන්නේ මේ 40 පැනපු අයම තමයි.. තවම අපේ ජීවිතය ඉවරවුනේ භාගයයි නේ... හතලිහෙන් පස්සේ මෙහෙම ලෙඩ වුනොත් කොහොමද අපි ජීවිතයේ ඉතිරි කාලය රසවිඳින්නේ.. අපි කොහොමද වන්දනාවක යන්නේ..

පන්සලකට ගිහින් කොන්ද කෙලින් තියාගෙන බණක් අහන්නේ භාවනාවක් කරන්නේ.. පල්ලියකට කෝවිලකට ගිහින් දෙවියන් වඳින්නේ.. අපි කොහොමද අපේ මුණුබුරු මිණිබිරියන් එක්ක පොඩ්ඩක් දුවලා පැනලා සෙල්ලම් කරන්නේ.. ඇත්තටම ලෙඩ ශරීරයකුයි ලෙඩ හිතකුයි එක්ක ඔබට මේ දේවල් කරන්න බෑ.. ශරීරය ලෙඩ වුනොත් ඒ ගැන හිතමින් හිත ලෙඩ වෙන එකත් ඔබට වළක්වන්න බෑ..

ඒ නිසා ඔබ අවුරුදු 40 - 50 කාලය තුළ ජීවත් වෙන විදිහත් කන බොන විදිහත් හරිම වැදගත්.. 50 න් පස්සේ ජීවිතයට වෙන නොවෙන දේවල් තීරණය වෙන්නෙත් 40 ත් 50 ත් අතර වයසෙදි කන බොන දෑ කරන කියන දෑ මත තමයි..

අද මේ ලිපිය ඔබ වෙනුවෙන් පල කරන්නේ ඒ නිසයි.. මේ කෑම 20 ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් 40 න් පස්සේ ජීවිතය ලෙඩ දුක් අඩු නිරෝගී සැපවත් ජීවිතයක් බවට පත්වේවි.. මේ කෑම 20 එතරම්ම බලගතුයි.. ඉතින් ඔබත් පුළුවන් විදිහට ජීවිතයට මේ ආහාරපාන එකතුකරගෙන නිරෝගී වෙන්න.. ඊට පස්සේ මේ ජීවිතය හරි අපූරුවට ඔබට තවදුරටත් රසවිඳින්න පුළුවන්..

වයස 40 න් පස්සේ ගතයුතු කෑම වර්ග...

- රතු බත්, නාඩු හෝ දේශීය සහල් වර්ග ආහාරයට ගන්න. සම්බා, බාස්මතී, සුදු හාල් වෙනුවට රතු කැකුළු, තම්බපු නාඩු, මඩතවාලු, මසුරං, දික්වී, දහනල, පොක්කාලි ආදී තන්තු වලින් බහුල පෝෂණය උතුරා යන දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කරන සහල් වර්ග ජීවිතයට එක්කර ගන්න.
- දිනපතාම ආහාර වේල සමඟ කොළ සලාදයක් හෝ මැල්ලුමක් කන්න. කොළ වල ඇති කෙඳි බහුල තන්තු අන්ත්‍රයට බොහෝ සේ ගුණදායකයි. ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට අවශ්‍ය බොහෝ පෝෂක කොටස් මෙම කොළ වල නොඅඩුව තියෙනවා.
පොල් අඩුවෙන් දාපු මැල්ලුමක් හෝ දෙහි ඇඹුල් යහමින් දාපු කොළ සලාදයක් කනවා නම් වඩා හොඳයි. එක බත් හැන්දකට කොළ මැල්ලුම් හෝ කොළ සලාද එක හැන්දක් අනුභව කළ යුතු බව මතක තබාගන්න.
- දිනපතා ආහාර ගැනීමෙන් පසුව හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් කන්න. බඩවැල් වල ඇතිවෙන සංකූලතා වගේම මලබද්ධයටත් එය ඉතාම හොඳයි. කෙසෙල් ශක්තිය නිපදවන, චිර ජීවනයට මහත්ඵල මහානිසංස ගෙන දෙන හොඳ පලතුරක්.
- සතියකට වතාවක් වැලි අනෝදා ගෙඩියක් කන්න. පිළිකා ඇතුළු රෝග රැසකින් වැළකිලා ඉන්න ඒක හේතුවක්. වැලි අනෝදා වල පිළිකා සෛල නැසීමේ ගුණයක් තියෙනවා. එසේම ගැස්ට්‍රයිටිස් නිසා බඩවැල් වල ඇතිවෙන තුවාල සුව කිරීමේ විශ්මිත ගුණයකුත් එහි තියෙනවා.
- රතු මස් වෙනුවට පොඩි මාළු කන්න. මාළුවල ඇති ඔමෙගා - 3, අපේ නහර වල ඇති කොලෙස්ටරෝල් නැතිකර දමනවා විතරක් නෙවෙයි ශරීරයට තරුණ ජවයකුත් ගෙන එනවා. එසේම අස්ථි වර්ධනයට ද උපකාරී වෙනවා. එය 40 න් පසු එන්නට අවධානමක් ඇති ඔස්ටියෝපොරෝසිස් තත්වයද අවම කරනවා.
- දිනකට එළවළු වර්ග 04 ක් වත් ආහාරයට ගන්න. ඒ එළවළුව කුමක් වුනත් කමක් නෑ. එක බත් කෝප්පයකට එළවළු කෝප්ප 02 ක් බැගින් එක්කර ගන්න. තෙල් නොදමා සකස්කල එළවළු නම් වඩාත් හොඳයි. ඒත් ඒ එළවළු වලින් එක් එළවළුවක් නොපිසූ එළවළුවක් විය යුතුයි.
උදාහරණ ලෙස - කැරට් සම්බෝල, බණ්ඩක්කා සම්බෝල, කොහිල අල සම්බෝල ආදිය දැක්විය හැකියි.
- බිත්තර සුදු මදය ආහාරයට ගන්න. කොලෙස්ටරෝල් තියෙන්නේ කහ මදය තුළයි. ඒ නිසා සුදු මද දෙකක් ආහාරයට ගත්තත් ප්‍රශ්නයක් නෑ. එය ඔබේ පෝෂණය වෙනුවෙන් උපකාරී වෙනවා. හාෆ් බොයිල් කළ සුදු මද දෙකකට ගම්මිරිස් කුඩු ටිකක් ඉහගෙන වුනත් ඔබට කන්න පුළුවන්.
- පාන් වෙනුවට කඩල, මුං ඇට, කව්පි, බතල, රතු කැකුළු ඉඳිආප්ප ආහාරයට එක්කරගන්න.
පාන් වල ඇති අධික සීනි ප්‍රමාණය එය ආහාරයට ගත් පසු විනාඩි ගණනක් ඇතුලත අපේ රුධිරයට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි පාන් තැනීමේදී එක්කරන මාගරින් වර්ග ශරීරයට හොඳම නෑ. පිපෙන්නට දමන යීස්ට් ඔබේ ගැස්ට්‍රයිටිස් රෝගය තවත් දරුණු කරවනවා.
- උදෑසන දොඩම් යුෂ වීදුරුවක් බොන්න. මේකට සීනි දාන්න එපා. එහි විටමින් වර්ග රැසක් තිබෙනවා. එය ඔබේ 40 න් පසු තරුණ පෙනුම ඇතිකිරීමටත්, ශරීර සෞඛ්‍යයටත් ඉතාම වැදගත්. ඔබට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් මෙය වෛද්‍ය උපදෙස් මත පමණක් පානය කරන්න.
- දිනකට වතුර බෝතල් 06 ක් අනිවාර්යයෙන් බොන්න.
එයට කළ යුත්තේ උදේට වතුර බෝතල් 06 ක් ගෙන ඔබේ වාහනයේ හෝ නිවසේ මේසය මත හෝ කාර්යාලයේ මේසය මත තබාගැනීමයි. හවස් වෙද්දි ඒ වතුර බෝතල් 06 පානය කර අවසන් කළ යුතුමයි.
- නින්දට යාමට පෙර දෙහි ගෙඩියක යුෂ දැමූ උණු වතුර කෝප්පයක් පානය කරන්න. ඔබේ දවසේ වෙහෙසත්, අධික නොසන්සුන් බවත්, දවසේ කාපු තෙල් කෑම වල අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයත් ඉන් මගහරවා ගන්න පුළුවන්.
- බත් ආහාරයට ගන්නා සෑම අවස්ථාවකදීම බත් සමඟ සුද්ද කළ සුදුළූණු බික් 02 ක් ආහාරයට ගන්න. සුදුළූණු ඔබේ අහිමි වී යන ප්‍රතිශක්තිකරණය නැවත ලබාදෙනවා.ඒ වගේම ඔබේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලනවා. තරුණ පෙනුමකුත් ලබාදෙනවා.
- උදේ 8 ත් 12 ත් අතර කවර හෝ වෙලවක එළවළු ජූස් වීදුරුවක් බොන්න. එය කැරට් ජූස්, තක්කාලි ජූස්, බීට් ජූස් හෝ මිශ්‍ර එළවළු ජූස් එකක් වුනාට කමක් නැහැ. එක වීදුරුවක් බොන්න. එය ඔබේ ශරීරයට කොතරම් ගුණ ද කියලා දින කිහිපයක් බොනකොට ඔබටම තේරේවි.
- බත් කනවිට රතුළූණු ගෙඩි 02 ක් හපලා කන්න. එය ඉතාම හොඳයි. 40 න් පස්සේ මෙය කළ යුතුමයි. රතුළූණු ශරීරයේ විෂ නසා ඔබේ ශරීරය විසෙන් තොර කලාපයක් බවට පතකරනවා.
- කිරිපිටි බීම වහාම නවත්වන්න. ඒ වෙනුවට දියර කිරි බොන්න. දවසකට එක දියර කිරි වීදුරුවක් හොඳටම ප්‍රමාණවත්. මෙයට සීනි නොදමා බොනවා නම් වඩාත්ම හොඳයි.
- කෑමෙන් විනාඩි 30 කට පසුව ග්‍රීන් ටී එකක් බොන්න. එය ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර, කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී බොහෝ රෝග වලින් ඔබව මුදවා ගැනීමට සමත්. හැකිතරම් සීනි නොදමා බොන්න උත්සාහ කරන්න.
- ආහාර පිසීමට ඔලිව් ඔයිල් එක්කර ගන්න. හැකිනම් සලාදයටත් දාගෙන කන්න. ඔලිව් තෙල් ශරීරයේ ඇති අහිතකර මේදයට එරෙහිව සටන් කර අපේ ශරීරය නීරෝගී කරවනවා. අපිව පිළිකා වලින් පවා ආරක්ෂා කරගන්නවා. ඒ විතරක් නෙවෙයි තරුණ පෙනුමකුත් ලබාදෙනවා.
- සීනි නැති කහට කෝප්පයක්, කෑමට විනාඩි දහයකට පමණ පසු බොන්න. තේ වල අඩංගු තෙල් නැසීමේ ගුණය ඔබේ අනවශ්‍ය මේදය අඩුකර ගතට සිතට ප්‍රබෝධයක් ගෙන දේවි.
- හැකිනම් වස විස නොගැසූ කොළ ඇපල් ගෙඩියක් දිනපතාම කන්න. "කොළ ඇපල් ගෙඩියක් කන්න.. දොස්තරගෙන් ඈත් වන්න.." කියලා බටහිර කියමනකුත් තියෙන්නේ කොළ ඇපල් එතරම්ම ශරීරයට ගුණදායක නිසයි.

මුහුණුපොත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top