මහර - මහේස්ත්‍රාත් අධිකරණයේ අසල ඊයේ (23) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගිය අතර ඔහු වත්තල උසාවියේ පැවැති කුඩු නඩුවක විත්තිකරු ලෙස ඉදිරිපත් වී මෝටර් රථයෙන් ආපසු නිවෙස බලා යමින් සිටි සැකකරුවකු බවයි දැනගන්නට ලැබෙන්නේ.
පෙරුවරුවේ 10.20ට පමණ මහර උසාවි සංකීර්ණය අසල මාර්ගයේදී හයිබ්‍රිඩ් වාහනයකින් පැමිණි තුන් දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණු අතර වෙඩි වැදුණු එම සැකකරු පසුව රාගම රෝහලට ගෙන යන අතරමඟදී මරණයට පත්වුණා.
සුරේෂ් අසංක සිල්වා නමැති මෙම සැකකරු විවාහකයෙකු වන අතර ඔහු සමඟ වාහනයේ ගිය බිරියට සහ බිරියගේ නැඟණියටත් වයස අවුරුදු 8ක දරුවාටද මේ වෙඩි තැබීමෙන් අනතුරක් සිදුව නැති බවට දැනගන්නට ලැබෙනවා.
සුරේෂ් නම් මෙම පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගැනීමේ වරදකට කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් නඩු පවරා ඇති අතර පසුව ඇප මත නිදහස් කර තිබුණා.
සුඛෝපභෝගී හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි 4ක් හැමෝම බලා සිටියදී මේ වාහනය හරස් කර නවතා ඇති බවත් තිදෙනකු හයිබ්‍රිඩ් රථයෙන් බැස මේ මෝටර් රථයේ රියැදුරු අසුනේ වාඩිවී සිටි අයට ගිනි අවි දෙකකින් පිට පිටම වෙඩි 15ක් පමණ එල්ල කර රාගම ප්‍රදේශයට පලාගොස් ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
ඝාතනයට ලක්‌වූ "ලන්පියා" නමැත්තා පාතාල ලෝකයේ කෙරුම්කාරයකුව සිටි මොරටු සමන් නමැත්තාගේ සමීපතම ගෝලයෙකි. මොරටු සමන් ඝාතනයට ලක්‌වීමෙන් පසු මොහු වෙනත් පාතාල කල්ලියකට සම්බන්ධ වී සිටි බව පොලිසිය පවසයි.
ගල්කිස්‌ස ගොනාකෝවිල ප්‍රදේශයේ පාතාල කෙරුම්කාරයකු සහ "ලන්පියා" අතර කාලයක පටන් ආරවුලක් පැවති බවට තොරතුරු ලැබී තිබේ. "ලන්පියා" නමැත්තා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ආරවුල හේතුවෙන් ආරක්‌ෂාව සඳහා මොහු සිය බිරිඳ සහ දරුවා සමඟ රාගම පේරලන්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණ සිට ඇත.
පසුව කරන ලද පරීක්ෂා කිරීම් වලදී වෙඩි වැදුණු මෝටර් රථය අසල තිබී ටී 56 ගිනි අවි උණ්ඩ හිස් කොපු 11ක් සහ හඳුනා නොගත් තවත් හිස් උණ්ඩ කොපු 4 ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ ඝාතනය පෞද්ගලික කෝන්තරයක් මත සිදු වූවක් බවට තොරතුරු අනාවරණය වන බවද දැනගන්නට ලැබෙනවා.