නිස්සාර වු හිත් මතට ධම් අමා වැසි වස්සවමින් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කරමින් ආසියානු මාධ්‍යජාලයේ හිරු FM, හිරු TV එක්ව සංවිධාන කරන "හිරු ශ්‍රද්ධාභිවන්දනා" එතෙක් මෙතෙක් ශ්‍රි ලංකාවේ සංවිධානවු පොසොන් වැඩසටහන් පෙලයි.
අඛණ්ඩව සිව්වන වරටත් සංවිධානවන්නාවු මේ සුවිශේෂි පිං කටයුත්තේ සංකල්පීය නිර්මාතෘ, ආසියානු මාධ්‍යඡාලයේ ගරු සභාපති
රේනෝ සිල්වා මැතිතුමන්, ශ්‍රි සම්බුද්ධ සාසනයේ චිර පැවැත්ම උදෙසා එහි බර සිය දෙවුර මතට ගනිමින් "හිරු ශ්‍රද්ධාභිවන්දනා"වට සිය නායකත්වය එක් කරයි.
බොදු බැතිමතුන්ගේ ඉමහත් ගෞරවයට හා වන්ඳනාවට පාත්‍ර වු පිං බිමක සිට, ලක්ෂ සංඛාත බැතිමතුන් සමගින් ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැන දෙමින් පොසොන් පුන් පොහෝ දිනයේ හිරු ශ්‍රද්ධාභිවන්ඳනාව දියත් කරන්නේ, අන් සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් බව ධර්මයේ සඳහන් වන නිසාමය.
ඒ අනුව මෙවර මාතලේ අලුවිහාර පිං බිමේදී පොසොන් පොහෝදා හිමිදිරියේ පටන්, දාන, සීල භාවනාමය ආමිස ප්‍රතිපත්ති පුඡාවන්ට දිවයිනේ සතර දිග්භාගයෙන් ම පැමිනෙන සැදැහැවතුනට අවස්ථාව ලැබෙනුයේ, තමන්ද මේ සුවිශාල පුන්‍යකර්මයේ කොටස් කරුවන් බවට නිතැතින්ම පත්කරමිනි.
අතීතයේ ශ්‍රි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රඡ දරුවන් අනුග්‍රහය දැක්වුවාසේම, මෙරට ශ්‍රි සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා කුල දරුවන් සසුන් ගත කරවන " හිරු ශාසනාවතරණය" එතෙක් මෙතෙක් මාධ්‍ය ආයතනයකින් සිදු කෙරෙන ප්‍රථම සහ එකම ශාසනාභිවන්දනාව ලෙසින් ඉතිහාස ගත වෙමින් ආසියානු මාධ්‍යඡාලයේ සභාපතිතුමන්ගේ පිංබර දායකත්යෙන් සිදුවන්නේ මේ මහා භද්‍රකල්පය පුරාවටම සම්බුදු සසුණ මේ පිං බිම තුල තහවුරු කරනු පිණිසමය.
එවන්වූ පින් බිමක් ඔබට නිවසේ සිටම වන්දනා කිරීමේ පහසුව සලසන්නට මේ වන විට අප කටයුතු කර තිබේ. 360 Virtual Tour තුළින් ඔබට මාතලේ අලුවිහාරයේ සුවිශේෂී ස්ථාන රැසක් සුපැහැදිලිව පරිගණකය මෙන්ම ජංගම දුරකථනය ඔස්සේ යමින් නැරඹීමේ හා වන්දනා කිරීමේ පහසුව මේ තුළින් ලබා දී තිබේ.