Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
07
මධුසමය දා මනාලයා පැනලා ගියේ ශාරීරික දුබලතාවක් නිසයි? - මහ රෑ පැන ගිය දෙල්තොට මනාලයාගේ ඇත්ත කතාව

- මධුසමය දා මනාලයා පැනලා ගියේ ශාරීරික දුබලතාවක් නිසයි? - මහ රෑ පැන ගිය දෙල්තොට මනාලයාගේ ඇත්ත කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54 Views
මහනුවර දෙල්තොට ප්‍රදේශයේ මධුසමය ගත කිරීමට ගිය මනාලයකු රාත්‍රියේ අතුරුදහන්වූ පුවතක් පසුගියදා අප වාර්තා කළා.එම මනාලයා පසුව සොයා ගත්තේ මහමග ඇවිද යමින් සිටියදීයි.

මෙලෙස ඔහු මධුසමය අවස්ථාවේ අතුරුදහන් වීමට හේතුව මේ වන විට හෙළිවී තිබෙනවා.


මහනුවර දෙල්තොට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක්‌ අවසානයේ අලුත බැඳපු ජෝඩුව මධුසමය ගත කරන්නට ගියේ එම ප්‍රදේශයේම හෝටලයකටය. 

ඔවුන් ආදරයෙන් බැඳී දෙපාර්ශ්වයේ කැමැත්ත ඇතිව විවාහ ගිවිස ගෙන ඇත්තේ මීට වසර එකහමාරකට පෙරදීය. ඉතා චාම් විනීත ගති පැවතුම් ඇති මනාලයා තම බිරිඳ මලක්‌ මෙන් රැක බලා ගත්තේය. විසිතුන් හැවිරිදි තම ආදරණීය බිරිඳ කැඳවා ගෙන එන්නට ඔහු අලුතින්ම නිවසක්‌ද ඉදිකළේය.

කාලය කෙමෙන් ගෙවී යද්දී මනාලියගේ මෙන්ම මනාල පාර්ශ්වයද මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ජයටම සූදානම් කළෝය. "දැන් ඉතින් ඔය හිටියා මදැ. දෙන්නම වයසට යනවා. අපිට මුණුබුරෙක්‌ මිණිබිරියක්‌ බලන්න බැරිවෙයි ඔහොම හිටියොත්" දෙපාර්ශ්වයේ දෙමාපියන් එලෙස සඳහන් කළේ දෙදෙනාට පුංචි ලඡ්ජාවක්‌ද ඇති කරවමිනි.

දෙපැත්තේ පෙරැත්ත මැද්දේ ජාතික සමගිය සහජීවනයද ඔප්නැංවෙන අයුරින් දෙපාර්ශ්වයේම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මඟුල ජයටම පැවැත්විණි.

එදින කා බී විනෝද වූ නෑදැ හිතවතුන් උත්සව ශාලාවෙන් පිටව යද්දී සම්ප්‍රදායට ගරු කරමින් මේ මනාලිය හා මනාලය ද මධුසමය ගත කරන්නට ගියේ දෙල්තොට ප්‍රදේශයේ හෝටලයකටය. 

සිහින පොදි බැඳන් යුගදිවිය අරඹන්නට වරම් ලැබූ මේ යුවළගේ සිහින ලොව විනාශ වන්නට ගතවූයේ හෝරා කීපයකි. මංගල උත්සවය නිම වී හෝටලයට ගිය යුවළ කිසිදාක විවාහයෙන් දික්‌කසාද වන්නට නොසිතන්නට ඇත. එහෙත් දැන් එසේ වන්නට කටයුතු කෙරෙමින් පවතින බව ගලහ පොලිසිය අපට කීවේය.

මීට පාදක වූ පසුබිම සොයා ඔබට එය කියවන්නට සැලසිය යුතු යෑයි අපි කල්පනා කළේ එම කතාව තුළ අපේ සමාජයේ වැඩිහිටි අයටත් තරුණ තරුණියන්ටත් වැදගත් වන කරුණු රැසක්‌ ඇතැයි අප කල්පනා කළ නිසාවෙනි.

මධුසමයට ගිය මේ යුවළ එදා මධුසමය ගත කළේ නැත. රාත්‍රී 10.30 වන තුරු නිදි ඇඳේ එහා මෙහා පෙරළෙමින් සිටි මනාලියට නින්ද ගියේ දවසේ වෙහෙස කර බව නිසාමය. "මට ගෙදර වගේ නෙමෙයි මෙතැන නින්ද යන්නෙ නැතිවෙයි. ඔයා නිදා ගන්න" යෑයි සැබෑ ආදරවන්තයකු සේ වදන් දෙඩූ තම ස්‌වාමියා මධුසමය ගත කිරීම පසෙක දමා අතුරුදන්ව ඇති බව තේරුම් ගියේ ඇය මහ රෑ අවදිව බලද්දියි.

ඇය අවදි වී තම ස්‌වාමියා කොහේදැයි හෝටලයේ තම කාමරය තුළත් නාන කාමර තුළත් සොයා බැලුවද ඔහු නොසිටියේය. ඇය කලබලයටත් බියටත් පත්ව තම දෙමාපියන්ට දුරකථන ඇමතුම් දී තම ස්‌වාමියා අතුරුදන් බව දැන්වීය. දෙමාපියෝද කලබලයට පත්ව තම පුතා, බෑණා සොයන්නට විය. අවසානයේ ඔවුන්ට පොලිසියේ සහයද ඉල්ලා සිටින්නට සිදුවිය.

අවසානයේ ඔහු දෙල්තොට දාරාඔය ප්‍රදේශයේ මහ මඟ ඇවිද යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක්‌ අනුව ඔහු පොලිසියට කැඳවාගෙන ආවේය. මේ සිදුවීමෙන් පසු මනාලිය හා මනාලයාගේ පවුලේ අය අතර විවිධ මත භේද ගොඩනැගුණි. පුතා මානසික රෝගියකු බවත් එසේ තිබියදී එය වසන් කර තම දුව විවාහ කරගෙන ඇත්තේ වංචනිකව බවත් මනාලියගේ පාර්ශ්වයෙන් චෝදනා නැගුණි.

ඒ කිසිම දේකට පිළිතුරු දෙන්නට හෝ සිදුවූයේ කුමක්‌ද යන්න අදහාගත නොහැකිව මනාලයාගේ දෙමාපියන් හා ඥතීහූ මහත් කම්පනයකට පත්ව සිටිති. මෙය සිවිල් ගණයට ගැනෙන සිදුවීමක්‌ නිසා පොලිසියට ක්‍රියා කළ හැකි සීමාවක්‌ද ඇත. කෙසේ වුවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලට අනුව ඔහු මානසික ආබාධයක්‌ ඇති අයකු බව ඔප්පු වී නැති බව පොලිසිය සඳහන් කරයි.

එසේ නම් මධුසමයට සූදානම්ව සිටි ඔහු මහ රෑ හෝටලයෙන් පැන ගත්තේ ඇයි? එසේ කිරීමට බලපෑ හේතු කවරේද? ඔහු මානසික ආබාධයකින් හෝ කිසියම් කම්පනයකින් පෙළෙන්නේද? මේ සියල්ලට මෙන්ම වසර එකහමාරක ආදර කතාවේ සිප වැළඳ ගැනීමක්‌වත් නැතිනම් ඒ සැබෑ ප්‍රේමයේ සත්‍ය ප්‍රේමයේ කැඩපතද නැතිනම් වෙනත් අපට ඔබට නොපෙනෙන ගැටලුවක්‌ද?

දැනට පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ඔහු කිසියම් ශාරීරික දුබලතාවක්‌ හේතුවෙන් ඇති වූ කම්පනය නිසා මධුසමයදා, රාත්‍රියේ හෝටලයෙන් පැනගොස්‌ ඇති බව තහවුරු කරගෙන ඇත. කෙසේ වුවද මෙම සියලු කාරණා නිත්‍ය වශයෙන් තහවුරු කරගත හැක්‌කේ ඔහු වෛද්‍යවරයකු හමුවට පැමිණවීමෙන් පසුවය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top