Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
27
"මම විවාහ වුණේ පාසල් යන කාලෙදී ඇතිවුණු ප්‍රේම සම්බන්ධයකින්, ඒ කාලේ ඉදලා එයාගේ දෙමාපියන් අපිත් එක්ක හිතවත්.." - ජනක් ප්‍රේමලාල්

- "මම විවාහ වුණේ පාසල් යන කාලෙදී ඇතිවුණු ප්‍රේම සම්බන්ධයකින්, ඒ කාලේ ඉදලා එයාගේ දෙමාපියන් අපිත් එක්ක හිතවත්.." - ජනක් ප්‍රේමලාල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"අනුන්ගෙ දේපළ මනිමින්, තක්සේරු කරමින් යන රැකියාව මට වෙහෙසකාරී වුණා.."

" මම නුගේගොඩ ඉඳන් ලුම්බිණි රඟහලට යාම පුරුද්දක් කර ගත්තා..."

මේ දිනවල සුපුරුදු පරිදි ටෙලිනාට්‍ය රූගත කිරීම්වලට සහභාගි වෙනවා. අප්‍රේල් විසි එක් වැනිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයත් සමඟ රට තුළ වේදිකාගත වුණු වේදිකා නාට්‍ය දර්ශන සියල්ලම වේදිකාගත කිරීම් ඇනහිටියා. සමහර සංවිධායකවරු වේදිකා නාට්‍ය කල් දැම්මා. දැන් නැවත ඒවායේ දර්ශන පටන් ගන්නවා. ඉදිරියෙදී රාජ කපුරු වේදිකා නාට්‍යයත් අබුද්දස්ස කෝළම නාට්‍යයත් වේදිකාගත කරනවා. ඒ වගේම මම නිර්මාණය කළ නාට්‍යවල ගීත සියල්ලම එකතු කරලා නාට්‍ය ගීත ප්‍රසංගයක් අධ්‍යක්ෂණය කළා. ඒකත් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක්. ඒක නරඹපු ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදී එය නැවතත් වේදිකාගත කරන්න ආරාධනා ලැබිලා තියෙනවා.


ඔබ ජීවිතය පටන් ගන්නෙ හොරණින්...?
නැහැ. මම ජීවිතය පටන් ගන්නෙ මගේ මවගේ ගමෙන්. කරන්නාගොඩ ගමේ තමයි මම පුංචිම කාලේ ජීවත් වුණේ. ඒක හරිම සුන්දර ගමක්. කළු ගඟ මිටියාවත ආශ්‍රිතව බොහොම ගැමි පරිසරයක තමයි ඒ ගම තිබුණෙ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඒ නිසා තාත්තාට ගෝමින්ද මහා විද්‍යාලයටත්, අම්මාට ගෝමින්ද කනිෂ්ඨ විද්‍යාලයටත් සේවයට යන්න වුණා. ඒ නිසා කරන්නාගොඩ ගමේ ජීවත් වුණු අපි ගෝමින්ද ප්‍රදේශයට පදිංචියට ආවා. ඒ නිසා මගේ ළමා කාලය ගතවුණේ ඒ පරිසරය තුළයි. බුලත්සිංහල ප්‍රදේශයේ තිබුණු සුන්දර ගම්මානයක් වුණු ඒ ගම හරි අපූරුයි.

ඔබ අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේද..?
මම බාලාංශය ඉගෙන ගත්තෙ ගෝමින්ද කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඒ වෙද්දී මගේ අම්මා ඒ පාසලේ ගුරුවරියක්. තාත්තා පාසල් ගුරැවරයෙක් වගේම පාසල් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඔහු පාසලේදී නාට්‍ය හැදුවා. මගේ තාත්තගේ නම සිරිසේන ප්‍රේමලාල්. අම්මා දයා වීරක්කොඩි. තාත්තා ඉස්කෝලෙ වෙලාවෙන් පසුව සවස් කාලෙදී ඒ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු කරගෙන නාට්‍ය පුහුණුවීම් කළා. ඒ නාට්‍ය පාසලේ විවිධ ප්‍රසංගවලදී වේදිකාගත වුණා. පාසල් නාට්‍ය තරගවලට ඉදිරිපත් කළා. ඒ නිසා මම මගේ පාසල් වෙලාවෙන් පසුව දවල්ට කෑම කාලා තාත්තා උගන්වපු පාසලට දුවගෙන ගිහින් ඒ නාට්‍ය පුහුණුවීම් කරන හැටි බලාගෙන හිටියා. ඒක ඒ කාලේ මගේ පුරුද්දක් වුණා. එතනින් තමයි අද නාට්‍යකරුවෙක් විදිහට ස්ථාවර වෙන්න අවශ්‍ය මූලික පදනම වැටුණේ.

ඉන් පසුව ඔබට හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයට ඇතුළු වෙන්න හැකි වුණා..?
ඔව්.. ඒ පාසලෙන් පසුව හතර වසර පන්තියෙදී මට හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් වුණා. මට ඉන්නෙ එක සහෝදරයෙක් විතරයි. මල්ලිත් සංගීතයට ගොඩක් දක්ෂයි. නමුත් පසු කාලයේදී ඔහු යුද හමුදාවට බැඳුණා. මගේ අම්මයි තාත්තයි හොරණ ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත්ත නිසා තමයි මම හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයට ඇතුළු වුණේ. ශ්‍රීපාලි කියන්නෙ කලා තෝතැන්නක්. ලංකාවේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් ඇතුළු බොහෝ කලාකරුවන් පිරිසක් මේ පාසලෙන් බිහි වුණා. ඒ නිසා ඒ පාසලෙන් සුන්දර රසවින්දනාත්මක කලා වින්දනයක් ලබන්න පුළුවන් වුණා.

හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ජනක් හොරණ විද්‍යාරතන පිරිවෙණට ඇතුළු වුණේ ඇයි..?
ඒකට ප්‍රධානම හේතුව වුණේ මගේ තාත්තයි. හොරණ විද්‍යාරතන පාසලෙන් තමයි මගේ තාත්තා ඉගෙනගෙන තිබුණේ. ඒ නිසා හොරණ විද්‍යාරතන පිරිවෙණට මාවත් ඇතුළත් කරන්න තාත්තාට ලොකු ආසාවක් තිබුණා. පස්සෙ 8 වසරෙදී මාව ශ්‍රීපාලි විද්‍යාලයෙන් අයින් කරලා තාත්තා එයා ඉගෙන ගත්ත ඉස්කෝලෙට මාවත් ඇතුළත් කළා. එතැන මගේ ජීවිතේ තවත් කඩඉමක් බවට පත් වුණා. ඒ විද්‍යාලයට ඇතුළු වෙද්දී ඒ පිරිවෙණින් ප්‍රවීණ නාට්‍යකරැවන් රුසක් බිහිවෙලා තිබුණා. ලංකාවේ පාසල් නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයන් වුණු අාඬිහතයි අම්බලමයි, සුදු ඇතා වැනි නාට්‍ය ඒ පාසලෙන් බිහිවෙලා තිබුණා. චන්ද්‍රසේන දසනායක, හේමසිරි ලියනගේ, ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්න, රොඩ්නි විදානපතිරණ වැනි කලාකරුවන් සමූහයක් ඒ පාසලෙන් බිහිවෙලා තිබුණා. මම ඉස්කෝලෙට ඇතුළත් වුණාට පස්සෙ ඔවුන් දස්කම් දක්වපු පින්තූර ශාලාවල එල්ලලා තියෙනවා දැක්කා. ඒවා දැක්කට පස්සෙ නාට්‍යවලට තිබුණු ආසාව තවත් වැඩි වුණා. ඒ නිසා ඒ ආසාවත් එක්ක සුපුරුදු පරිදි වාර අවසාන නාට්‍යවලට මාත් එකතු වුණා. ඒවා බලපු නාට්‍ය ගුරුවරු මට බොහෝ ප්‍රශංසා කළා. ඒ ප්‍රශංසා ලබද්දී තව තවත් ආසාව වැඩි වුණා. පසුව අපි පාසල් නාට්‍ය සංගමයක් හදාගත්තා. එතකොට මම සාමාන්‍ය පෙළ පන්තියෙ ඉගෙන ගන්න කාලෙ. කතාවක් අතර හදියක් නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවෙ මමයි. 1976 අවුරුද්දෙ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබුවේ අපේ නාට්‍යයයි. ඒ නාට්‍යයෙන් පසුව මාත් නළුවෙක් කියන මොකක්දෝ පොඩි හැඟීමක් මටත් ඇතිවුණා. ඔය කාලෙදී අපේ පාසලේ ආදි ශිෂ්‍යයන් වුණු හේමසිරි ලියනගේ, ඩග්ලස් සිරිවර්ධන වගේ අයගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

විශ්වවිද්‍යාල ජීවිතය ගැන කතා කළොත්..?
වාණිජ අංශයෙන් උසස් පෙළ සමත්වෙලා මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මම කළමනාකරණ පීඨයේ තමයි ඉගෙන ගත්තෙ. උපාධියට දේපළ කළමනාකරණය හා තක්සේරු විද්‍යාවයි හැදෑරැවෙ. නමුත් විශ්වවිද්‍යාලයට ගිය දවසේ ඉඳන්ම කලා පීඨයට ගිහින් කාලය ගත කරන්න වඩාත් ඇළුම් කළා. කළමනාකරණ පීඨයේ දේශනවලට සහභාගි වුණත් ඉඩක් ලැබුණු සැණින් මම කලා පීඨයට ගියා. සිංහල අංශයේ මහාචාර්ය වුණේ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතායි. මම එතුමාව මුණගැහිලා නාට්‍ය ගැන බොහෝ දේ දැනගත්තා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශ්වවිද්‍යාලයට ආවා. ගියා. ඔහුත් එක්ක මම නිතරම කතා කළා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඒ දිනවල වෙස්සන්තර නාට්‍ය රචනා කරන්න අවශ්‍ය මූලාශ්‍ර ලබාගන්න විශ්වවිද්‍යාල පුස්තකාලයට නිරතම ආවා. මම එතුමාගෙනුත් නාට්‍ය කලාව ගැන අපට නොතේරෙන දේවල් දැනගත්තා.

විශ්වවිද්‍යාල කාලය තුළත් ඔබ නාට්‍ය බැලුවද..?
අම්මෝ.. ඔව්. ඒ කාලේ මම නුගේගොඩ බෝඩින් වෙලයි විශ්වවිද්‍යාලයට ගියේ. ඒ නිසා මම නුගේගොඩ ඉඳන් ලුම්බිණි රඟහලට යාම පුරුද්දක් කර ගත්තා. ඒ කාලේ වේදිකාගත වුණු හැම නාට්‍යයක්ම බලන්න ගියා. 1982 අවුරුද්දෙ විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා මට මුල්ම පත්වීම ලැබුණෙ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරැ පරීක්ෂකවරයෙක් විදිහටයි. ඔය කාලෙදී මට නාට්‍ය පිස්සුවක් තිබුණා. මේ නිසා මට ලැබුණු රැකියාව පිළිබඳව සෑහීමකට පත්වෙන්න බැරි වුණා. මට පැවරුණු රාජකාරිය වුණේ අලුතින් පාරවල් පළල් කරන ප්‍රදේශවල ඉඩම් මැනලා, තක්සේරැ කරලා, ඒවාට අවශ්‍ය මුදල් ගෙවීම් තීරණය කරන්නයි. ඒ හැමදෙයක්ම බොහොම නීරස අත්දැකීම් බවට පත් වුණා. රුකියාවකින් ලැබෙන ආත්ම තෘප්තිය ඒ ගණන් හිලව් අස්සෙන් ලැබුණෙ නැහැ. අනුන්ගෙ දේපළ මනිමින්, තක්සේරු කරමින් යන ගමන මට වෙහෙසකාරී අතෘප්තිකර රස්සාවක් වුණා.

ඒ නිසා ඔබ ඒ රස්සාවට ආයුබෝවන් කිව්වා. එහෙම නේද..?
ඔව්.. තාත්තා නාට්‍ය කරපු විදිහ, අපිට උගන්වපු ගුරුවරු නාට්‍ය කරපු විදිහ මම හොඳට දැකලා තිබුණා. ඒ නිසා මේ ඉගැන්වීමට මට ආසාවක් ඇතිවුණා. ගුරු පත්වීමක් ලබලා මම ඉගෙන ගත්ත විද්‍යාරතන විද්‍යාලයෙන්ම ගුරු වෘත්තියට ඇතුළත් වුණා. පිරිවෙණේ හාමුදුරුවන් එක්ක කතාබහ කරලා මම ගුරුවරයෙක් විදිහට 1984 වසරේදී සේවයට බැඳුණා. කලා විෂයන් උගන්වන්න ආසාව තිබුණට ඒ කාලෙදී නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට පාසල්වල නිර්දේශ කරලා තිබුණෙ නැහැ. ඒ නිසා උසස් පෙළ පන්තිවලට උගන්වන්න සිද්ධ වුණේ ආර්ථික විද්‍යාවයි. 1984 වසරේ ඉඳන් 2014 වසර දක්වා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට වසර තිහක් මම ඒ පාසලේ ඉගැන්වුවා. ඒ වසර තිහ ඇතුළත මට ලැබුණු බොහෝ නාට්‍ය හා චිත්‍රපට ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ගුරැවරයෙක් විදිහට මට ලොකු වගකීමක් පැවරුණා. ඒ වගකීම කිසිම දෙයක් නිසා මඟහරින්න මම කැමති වුණේ නැහැ. ඈත පළාත්වල දින ගණන් නතරවෙලා කරන රෑගත කිරීම් බොහොමයක් මම බාරගත්තෙ නැහැ. නමුත් අද වෙද්දී කිසිම බාධාවකින් තොරව කලා කටයුතු කරගෙන යාමේ තත්ත්වයක් උදාවෙලා තියෙනවා.  

අබුද්දස්ස කෝළම ඔබ විසින් කළ මුල්ම වේදිකා නාට්‍යයයි. ඒ නිර්මාණය බිහි වුණේ කොහොමද..?
තක්සේරුවරයෙක් විදිහට ඉන්න කාලෙදීම නාට්‍යයක් කරන්න ඕනෙ කියන සිතිවිල්ල මගේ හිතට ආවා. මගේ හිතට තදින්ම දැනුණු නාට්‍ය රචකයා තමයි මගේ තාත්තා. පාසල් කාලයෙදීත් තාත්තා ළඟ බොහෝ නාට්‍ය පිටපත් තිබුණා. ඒ නාට්‍ය පිටපත් තියෙන අල්මාරියේ තිබුණු නාට්‍ය පිටපතක් මගේ හිත ගත්තා. වෙසක් තොරණක පිටුපස අළලා නිර්මාණය වුණු ඒ පිටපත තමයි අබුද්දස්ස කෝළම කියන්නෙ. සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය විදිහට පෙනෙන දේ කලාකරුවෙකුට විනිවිද පෙනෙනවා. තොරණක් අටවලා, අටවපු තොරණ පිටුපස මොන තරම්නම් ජාවාරම් සිදුවෙනවාද කියලා තාත්තා දැකලා තිබුණා. මේ නාට්‍ය නිර්මාණය කරලා මම යෞවන නාට්‍ය තරගයට ඉදිරිපත් කළා. ඒ තරගයේ හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සංගීතය, හොඳම වේදිකා පසුතල, හොඳම අංගරචනය ඇතුළු සම්මාන රාශියක් මේ නාට්‍ය දිනාගත්තා. ඒ නිසා මේ නාට්‍ය ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ලංකාවේ නාට්‍ය රඟදක්වන නගර සියල්ලෙහිම මේ නාට්‍ය ඉතා ඉක්මනින් රඟදක්වන්න අපිට අවස්ථාව ලැබුණා. කිසිම පිළිවෙලක් නැතිව අටවාගන්න තොරණට එහායින් පිළිවෙලට තියෙන පිං පෙට්ටිය නිසා බොහෝ දෙනා මේ ගැන කතා කළා. ලුම්බිණි රංග ශාලවේදී මේ නාට්‍ය නැරඹූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නාට්‍ය අවසන් වුණු පසුව වේදිකාවට පැමිණිලා එය බොහෝ පැසසුමට ලක් කළා. මේක වෙසක් තොරණක් නොවේ.. මේ නාට්‍ය බලද්දී බොහෝ උත්සවලට සවි කරන තොරණ් පිළිබඳව අපිට මතක් කරනවා. කියලා එතුමා කිව්වා. රාජ්‍ය උත්සවවල ගහන තොරණ් පිටුපස තියෙන ජාවාරම් ගැන අබුද්දස්ස කෝළම නාට්‍යයෙන් අපූරුවට කියලා දෙන්න අපිට පුළුවන් වුණා.

ඔබ නිර්මාණය කළ රාජ කපුරු වේදිකා නාට්‍ය සාමාන්‍ය නාට්‍යයක් නෙමෙයි. හැම කාලයටම ගැලපෙන කතාවක් ඒ වේදිකා නාට්‍යයේ අන්තර්ගත වෙලා තියෙනවා. රාජ කපුරු නිර්මාණය වුණේ කොහොමද..?
අබුද්දස්ස කෝළම නිර්මාණය කරලා අවුරුදු හතරක් පමණ විවිධ රංග ශාලාවල, එළිමහන් රංග ශාලාවල අපි රඟ දැක්වුවා. ඒ නිසා තවත් නාට්‍යයකට කාලය හරි කියලා හිතලා මම නැවතත් තාත්තගේ නාට්‍ය පිටපත් අල්මාරිය ඇවිස්සුවා. ඔය මොහොතෙදී රජෙක් වුණු පඹයෙක් ගැන කියවෙන කතා පිටපතක් ළඟ මගේ හිත නතර වුණා. තාත්තා එක්ක කතාබහ කරලා මේ පිටපත නැවතත් ටිකක් සංස්කරණය කරලා ඒ රජ වුණු පඹයාට ප්‍රශස්ති ගායනා නිසා පණ ඇවිත් රට පාලනය කරන අන්දම ගැන කියවෙන නාට්‍යයක් නිර්මාණය කළා. එය අද වෙද්දී වර්තමාන සමාජයේ දකින්න පුළුවන්. ප්‍රශස්තිවලින් රජවරු නොමඟ ගිය හැටි අදටත් අපි දකිනවා. 1988 වසරෙදී තමයි මේ නාට්‍ය නිර්මාණය කළේ. හැබැයි මේ පඹයාගෙන් රටේ බොහෝ චරිත කාලෙන් කාලෙට සංකේතවත් වුණා කියලා නාට්‍ය බලපු බොහෝ දෙනා කිව්වා. නාට්‍ය සංවිධානය කරන සංවිධායකවරු විවිධ පාඨ යටතේ මේ නාට්‍යයට පෝස්ටර් යොදලා තියෙනවා. ඕනෑම කාලයකට මේ නාට්‍ය ගැලපෙනවා.

අපි ඔබේ ආදරණීය බිරිය හා දරුවන් දෙදෙනා ගැනත් ටිකක් කතා කරමු..?
මම විවාහ වුණේ පාසල් යන කාලෙදී ඇතිවුණු ප්‍රේම සම්බන්ධයකින්. ඇයගේ නම ඥානෝත්රා. එයාගේ මව්පියනුත් ගුරුවරු. මගේ අම්මා තාත්තත් එක්ක එකම ගුරු මණ්ඩලයක ඒ දෙන්නත් සේවය කළා. ඒ නිසා අපිට ඒ හැමෝගේම ආශිර්වාදය ලැබුණා. මගේ ලොකු දුව තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගෙනගෙන ශිෂ්‍යත්වය සමත්වෙලා කොළඹ විසාකා විද්‍යාලයට ඇතුළු වුණා. එතනින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය ලබාගත්තා. දැන් පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරියක් ලෙස සේවය කරනවා. දුව විවාහකයි. මගේ පුතාත් තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගෙනගෙන ශිෂ්‍යත්වය සමත්වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වුණා. පස්සෙ මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යාපනය ලබාගෙන දැන් පෞද්ගලික ආයතනයක සේවය කරනවා. එයා විවාහ ගිවිස ගත්තා. ලබන වසරේදී එයාගේ විවාහය සිදු කරනවා. අපේ දුවට පුතෙක් ඉන්නවා. ඒ නිසා දැන් මම සීයා කෙනෙක්. එයත් එක්ක ගත කරන ජීවිතේ ඇතුළෙ අපූරු ආත්ම තෘප්තියක් ලැබෙනවා. මගේ අම්මයි තාත්තයි ඉන්නෙත් අපේ ගෙදරටම යාබදවයි. ඒ දෙන්නා රැකබලාගෙන ඒ අය එක්ක ගත කරන ජීවිතය ගැනත් මම ගොඩක් සතුටු වෙනවා. කලබලකාරී, අවිවේකී පරිසරයකට වඩා හොරණ හැදුණු වැඩුණු මේ පරිසරයේම ජීවත්වීම මානසික සුවයක් ලැබෙන දෙයක්. මේ ගමේ මිනිස්සු මට හරි ආදරෙයි. හැමෝම හරිම හොඳයි. ඒ ආදරය ලබන්න තරම් මම පින් කරලා තියෙනවා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top