Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
30
"පළවෙනි පෙම්වතා වුණේ ගාමිණි ෆොන්සේකා, ගාමිණීගෙන් බැණුම් අහපු වාර අනන්තයි.." - විනා ජයකොඩි

- "පළවෙනි පෙම්වතා වුණේ ගාමිණි ෆොන්සේකා, ගාමිණීගෙන් බැණුම් අහපු වාර අනන්තයි.." - විනා ජයකොඩිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"එදා ගියේ සාමාන්‍ය සාරියක් ඇඳගෙන. හැට්ටයත් හරි නැහැ.."

"මට තරගයක් තිබුණේ නෑ, අම්මා නිළියක් නිසා.."

සිනමාවට මට වඩා තැනක් තිබුණේ මගේ අම්මාට. ‘අහංකාර ස්ත්‍රිය. චිත්‍රපටයේ තමයි අම්මා මුලින්ම රඟපෑවේ. මම එයාගේ දරුවා හැටියට මාස තුන” හය” පහ” නවය කාලයේ චරිතය රඟපෑවා. ඊට පසුව කොහොමද වැඬේ චිත්‍රපටය ඇතුළේ තිබුණේ වෙසක් නාට්‍යයක් පෙන්වන දර්ශනයක්. මම ඒ කාලේ පාසල් යනවා. මා ගැන අපේ අම්මාගෙන් අහලා තිබුණා. අන්තිමේ මම ඒ චිත්‍රපටයේ රඟපෑවා. අන්තිමේ අම්මා අධ්‍යක්‍ෂණය කළ ‘හැංගි හොරා. චිත්‍රපටයේ රඟපෑවා. මේ චිත්‍රපට දෙකම එකම කාලයේ තමයි රූගත කළේ.


අම්මත් එක්ක සම්මාන උළෙලකට ගිය වෙලාවේ ගාමිණී ෆොන්සේකා හමුවෙනවා නේද?
ඔව්. එදා ගාමිණී ෆොන්සේකා මහත්මයා හමුවුණා.
 
ගාමිණී ෆොන්සේකා ඔබේ සිනමා ලෝකයේ වීරයෙක්. එහෙමද?
පාසල් යන කාලේ මගේ ලෝකයේ වීරයෝ දෙන්නා තමයි ගාමිණී ෆොන්සේකා සහ ටෝනි රණසිංහ. ඒ කාලේ මම කැමැතිම නිළියෝ දෙන්නා තමයි සන්ධ්‍යා කුමාරි සහ ජීවරාණි.
 
අප්සරා චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කොහොමද?
ගාමිණී ෆොන්සේකා අම්මාට කිව්වා ජේ. සෙල්වරත්නම් අධ්‍යක්‍ෂණය කරන ‘අප්සරා. චිත්‍රපටයට නිළියක් හොයනවා කියලා. දෙන්නෙක් තුන්දෙනෙක් එදා ඇවිත් හිටියා. අන්තිමේ මාව තෝරාගත්තා.
 
ගාමිණී ෆොන්සේකා සමඟ රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මට හිතාගන්න බැරිවුණා. ගාමිණී ෆොන්සේකා ඒ කාලේ පීක් එකේම හිටපු කාලය. එතුමාට කිට්ටුවෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේ කෙනෙක් එක්ක පළමු වතාවට රඟපානවා කිව්වහම මට ලොකු ගැස්මක් ඇතිවුණා.
 
මුවන්පැලැස්ස රගපාන්න ලැබීම මතක් කළොත්?
ධර්ම ශ්‍රී කල්දේරා තමයි මෙහි කතාව ලිව්වේ. ඔහු මාව පුංචි කාලේ ඉඳලා අඳුරනවා. මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම අලූත් දෙයක් වුණා.
 
ඒ කාලෙත් නිළියෝ නිළියෝ අතර ලොකු තරගයක් තිබුණාද?
මට තරගයක් තිබුණේ නැහැ. අනික මට සිනමාව අලූත් දෙයක් නෙමෙයි. පාසල් නිවාඩු කාලයට මම අම්මත් එක්ක ස්ටූඩියෝ එකට යනවා. හැමකෙනෙක්ම මම දන්නවා.
 
අම්මා කැමැති වුණා ද දුව රඟපානවාට?
අම්මාගේ වුවමනාවට තමයි” මම රඟපෑමට ආවේ.
 
ඔබට සුවිශේෂී නිර්මාණ ලැබුණා නේද?
මට අභියෝගයක් වුණ චිත්‍රපටය තමයි‘රෑ මනමාලි" බොහොම තරුණ කාලේ අවුරුදු හැට ගණනාවක චරිතයක් තමයි රඟපාන්න ලැබුණේ. ගාමිණී ෆොන්සේකා ඒ චරිතය මට කරන්න කියලා කියනකොටම ලොකු බයක් දැනුණා. ඔහු කිව්වා ඔයාට මේ චරිතය කරන්න පුළුවන් වගේම සම්මානයක් ගන්නත් පුළුවන් වේවි කියලත් කිව්වා.
 
‘රෑ මනමාලිට. සම්මානයක් ලැබුණා නේද?
ඇත්තටම මෙච්චර ඉක්මණින් සම්මානයක් ලැබේවි කියලා හිතුවේ නැහැ. සම්මාන උළෙලට ගියේ සාමාන්‍ය සාරියක් ඇඳගෙන. හැට්ටයත් හරි නැහැ. හොඳම නිළිය කියලා නම කියනකොට මට අදහාගන්න බැරිවුණා. ඒ වෙලාවේ සම්මානය අතට ගන්න කොට මට ගාමිණී ෆොන්සේකා කියපු වචනය මතක් වුණා.
 
ගාමිණී ෆොන්සේකාගෙන් බැණුම් අහපු අවස්ථා තියෙනවාද?
අපොයි ඔව්. මුල් කාලයේ ගාමිණීගෙන් බැණුම් අහපු වාර අනන්තයි. ඔහු අපිට ගුරුවරයෙක්. ඒ පාඩම් තමයි අදටත් අගය කරන්නේ.
 
ඔබට වැඩිපුර ලැබුණේ හරි සංකීර්ණ චරිත නේද?
මට ඕනෑ වුණේ චරිත. හිනාවෙලා දඟලන චරිතවලට වඩා මට තිබුණා ගොඩක් දේවල් කරන්න. මට ලැබුණ චරිතවල ජීවත්වෙන්න තිබුණා.
 
ඒ කාලේ පෙම්වතියගේ චරිතය රඟපාන්න ආසා හිතුණේ නැතිද?
එහෙම විශේෂයක් තිබුණේ නැහැ. මම පළමුවෙන්ම ගාමිණී ෆොන්සේකා සමඟ පෙම්වතියගේ චරිතය රඟපෑවා.
 
තිරයේ පළමුවෙන්ම පෙම් කළේ ගාමිණී ෆොන්සේකාට?
ඔව්. මම තිරයේ පළමුවෙන්ම පෙම් කළේ ගාමිණී ෆොන්සේකා මහත්මයාට. මාගේ මතකයේ සින්දුව අදටත් ජනප්‍රියයි. ඒ වගේම අප්සරා චිත්‍රපටයේ සඳ මෝදුවෙලා ගීතය අදටත් ජනප්‍රියයි.
 
තිරයේ වැඩිපුරම පෙම් චරිත රඟපාන්න ලැබුණේ කවුරු සමගද?
ගාමිණී සහ රවීන්ද්‍ර රන්දෙණිය සමඟ.
 
සාගරයක් මැද චිත්‍රපටය ගැනත් කතා නොකරම බැහැනේ?
පළමු දර්ශනය පටන් ගත්තේ මගෙන්. විශාල බංගලාවක තමයි රූගත කිරීම් තිබුණේ. ගාමිණී වෛද්‍යවරයකුගේ චරිතය රඟපෑවේ. මහත්තයාගේ බෑග් එක කාර් එකට දීපං කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් දර්ශනය රූගත කරනවා. ගාමිණී කාමරේ ඉඳලා එළියට එනවා. මට තියෙන්නේ දෙබස කියන්න. මහත්තයාගේ කාර් එක බෑග් එකට දීපං කියලා තමයි මට දෙබස කියැවුණේ. ඒ වෙලාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අන්තිමේ මට හිතාගන්න බැරිවුණා. මට බැණුම් ඉවරයි කියලයි හිතුවේ. අන්තිමේ මගේ දෙබස වැරදුණ හින්ද ඉතුරු දර්ශන ටික කළේ නැහැ. ඒක මගේ අතින් සිදුවුණ ලොකු වැරදීමක්.
 
නිළියෝ රැසක් සමග වැඩකෙරුවා නේද?
මුවන්පැලැස්සේ මාලනී සමඟ” මිනිසුන් අතර මිනිසෙක් ගීතා සමඟ” සරුංගලය ෆරීනා ලායි සමඟ” තවලම ස්වර්ණා සමඟ වැඩකරලා තියෙනවා. මගේ චරිතය හරියට කළහම අනෙක් චරිත ගැන මම සොයාබලන්න යන්නේ නැහැ.
 
ඔබව වැඩිපුර ඇගයීමට ලක්වුණේ?
මයුරිගේ කතාව” සාගරයක් මැද” සරුංගලය වගේ නිර්මාණවලට සම්මාන ලැබුණා.
 
පුංචි කාලේ තවත් වීරයෙක් වුණ ටෝනි සමගත් වැඩකරන්න ලැබෙනවා ?
ඔව්. බාඳුරා මල් හි ටෝනි මගේ පෙම්වතා විදිහට රඟපෑවා. ඊට පසුව සාගරයක් මැද චිත්‍රපටයේ මගේ පුතාට රඟපෑවා. මයුරිගේ කතාවේ මගේ ස්වාමියා විදිහට රඟපෑවා. මයුරි ගේ කතාවේ වුණත් ටෝනි අයියාට තිබුණ පොඩි කොටසක්. නමුත් ඔහුත් සමඟ රඟපෑ කොටස් ටික හරියට දැනුණා. ඒ ඉන්සිඩන්ට් එකෙන් තමයි කතාව යන්නේ.
 
මේ රංගනය ගැන අයිරාංගනී සේරසිංහ පවා කතාබහ කරනවා?
සම්මාන උළෙලකදී මට ඒ චරිතයට ලැබුණේ කුසලතා සහතිකයක්. ඒ වෙලාවේ අයිරාංගනී ඇන්ටි මට කියනවා නෑ” ඔයාට මේ චරිතයට සම්මානයක් ලැබෙන්න ඕනෑ කියලා. මොකද මගේ ජීවිතයට දැනුණ හොඳ චරිතයක්.
 
සම්මාන නොලැබීම ගැන ඔබ දුක්වෙලා තියෙනවාද?
මම දුක්වුණේ නැහැ. හැබැයි ප්‍රේක්‍ෂකයෝ මගේ මූණට කියලා තියෙනවා ඔයාට එන්න තියෙන සම්මානයක් කියලා.
 
ඔබට එහෙම දැනුණ නිර්මාණ මොනවාද?
මම ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මොකද ඊට පස්සේ කවුරුහරි හිතන්න පුළුවන් සම්මාන ලැබුණේ නැහැ කියලා මම දුක්වෙනවා කියලා.
 
වීනාට ආදර යෝජනා එහෙම ආවේ නැතිද?
මට කට්ටිය ආදර යෝජනා ගේන්න ටිකක් බයවුණා. මොකද මගේ කට ටිකක් සැරයි. අනික කෙළින් කතා කරන චරිතයක්. ඒ හින්ද ඒ වගේ දේවල් එළියට ආවේ නැහැ.
 
ඔබ අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. එහෙමද?
මොකද මම සාමාන්‍යයෙන් පිටුපසින් කතා කරන චරිතයක් නෙමෙයි. අනික කේළම් අහන චරිතයකුත් නෙමෙයි. අරයගේ ඒවා මෙයාට කියන මෙයාගේ ඒවා අරයට කියන චරිතයක් නෙමෙයි. මට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එවෙලේම විසඳ ගන්නවා.
 
ඔය කියන විදිහට ඔබට නළුවොත් බයද?
එහෙම දෙයක් තිබුණා. තවමත් ඒක තියෙනවා. නැත්තේ නැහැ. බයට වඩා පොඩි චකිතයක් තමයි තියෙන්නේ.
 
ඔබේ හිතට ආදරය දැනුණ නළුවෝ හිටියේ නැතිද?
එහෙම ලොකුවට තිබුණේ නැහැ. වැඩකරද්දි අපි සහෝදරයෝ වගේ තමයි වැඩ කළේ.
 
දිනේෂ් විතාන
දිවයින





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top /////////////////////////////////////////////// Commented on 2025-09-17 ////////////////////////////////////////////////////