Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
01
"මගේම දුරකථනයට පණිවුඩයක් එවලා තිබුණා සමාදානයේ සැතපේවා කියලා..." - ජයලාල් රෝහණ

- "මගේම දුරකථනයට පණිවුඩයක් එවලා තිබුණා සමාදානයේ සැතපේවා කියලා..." - ජයලාල් රෝහණHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"සමහරු මාව නොමරා මැරුවා ඒත් මම මරණයෙන් නැගිට්ටා .."

" මගේ දුරකථනයට ඇමතුම් 500 කට වඩා ලැබෙන්න ඇති.."

ජයලාල් රෝහණ නමැති ප්‍රවීණ කලාකරුවා හදිසියේ මිය ගිහින් කියන පුවත අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගියේ මීට සති එකහමාරකට විතර කලින්. ඒ පුවත දුටු බොහෝදෙනා දැඩි ලෙස කම්පාවට පත්වුණා. තවත් සමහරු ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කර තිබුණා. කෙසේ නමුත්, එම පුවත පැතිර ගොස් පැය කිහිපයකට පසු, එය තවත් එක් අසත්‍ය ප්‍රවෘත්තියක් පමණක් බව ජයලාල් රෝහණ විසින්ම තහවුරු කර තිබුණා. මෙම දූසමාන ආරංචිය පිටුපස ඇති ඇත්තම කතාව මොකක්ද? ඒ ගැන ඔහු කියන්නේ මෙහෙමයි.


ඇත්තටම මොකක්ද ඔබට සිද්ධ වුණේ?
කෙටියෙන්ම කියනවා නම් පහුගිය දවස්වල සමහර සමාජ මාධ්‍ය මාව නොමරා මැරුවා. හැබැයි මම ආයෙමත් මරණයෙන් නැගිට්ටා.

ඇයි එවැනි අත්දැකීමකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණේ?
ඒක නම් මම දන්නේ නැහැ. මොකද ඒක මම ඇතිකරපු ප්‍රචාරයක් ‍නෙවෙයිනේ. හැබැයි එක දෙයක් මට කියන්න පුළුවන්. තමන්ගේ මාධ්‍යවල රේටිංග්ස් වැඩි කරගන්න ඕනෑම අසූචි ගොඩක් අනුභව කරන විදිහේ අය අද සමාජයේ ඉන්නවානේ. ඉතින්, එහෙම බලද්දී මා ගැන මේ වගේ අසත්‍ය ප්‍රචාරයක් පැතිරුණු එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ. මේ සිදුවීමේ අගමුල මොකක්ද කියලා අපි පාඨකයන්ට පැහැදිලි කරමු නේද?
ඒ ගැන මම විස්තර ඇතුව කියන්නම්. මීට සති දෙකකට විතර කලින් මම මගේ බිරිඳත් එක්ක රාගම ශික්ෂණ රෝහ‍ලේ ක්ලිනික් එකකට ගියා. රාගම රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා මගේ හිතවතෙක්. ඔහුව මුණ ගැහෙන්න ඕනෑ කියලා කන්දක් උඩ වගේ තියෙන රෝහල් ගොඩනැගිල්ලට යද්දී මගේ පපුව රිදෙන්න ගත්තා. ඒ වෙලාවේ ඊට ප්‍රතිකාර ලබාගෙන  පරීක්ෂණයකට මුහුණ දුන්නට පස්සේ වෛද්‍යවරු කිව්වා මගේ හදවත වැඩ කරනවා දුර්වලයි, ඒ නිසා ඔහොම රෝහ‍ලේ ඇඩ්මිට් වෙන්න කියලා.

ඊට පස්සේ මොකද වුණේ?
මම රාගම ශික්ෂණ රෝහ‍ලේ 9 වැනි වාට්ටුවේ නතර වුණා. පහුගිය 20 වැනිදා මාව කොළඹ මහ රෝහ‍ලේ හෘද චිකිත්සක ඒකකයට ඇතුළත් කළා. එතැනදී තහවුරු වුණා මට තියෙන්නේ හෘද රෝගයක් නොවෙයි, වකුගඩුවල දුර්වලතාවක් කියලා. පසුගිය සඳුදා මම රෝහලෙන් පිටවෙලා ගෙදර ආවා.

අසනීප තත්ත්වය ගැන වෛද්‍යවරු මොන විදිහේ උපදෙස්ද ඔබට දුන්නේ?
දිගටම සායනවලට සහභාගි වෙන්න කියලා වෛද්‍යවරු කිව්වා. ඇත්තටම කොළඹ මහ රෝහ‍ලේ සහ රාගම ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරු, හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ කරුණාව නිසා නොවේ නම් මම මේ තරම් ඉක්මනින් සුව වෙන්නේ නැහැ.

ඔය කියන කාරුණික අය හැරුණාම ඔබ ගැන බොරු ප්‍රවෘත්ති මවන්නට තරම් කුරිරු වූ අයත් මේ සිදුවීමේදී ඔබට හමුවුණා නේද?
ඒක ඇත්ත. පුදුමේ කියන්නේ, මම මියගිහින් කියන පුවත අහලා කෙනෙක් මගේම දුරකථනයට පණිවුඩයක් එවලා තිබුණා සමාදානයේ සැතපේවා කියලා. එතකොට තමයි මම දැනගත්තේ මා ගැන මේ විදිහේ දූසමාන ආරංචියක් පැතිරෙනවා කියලා.  ඔය කියන ප්‍රචාරය පැතිර ගිය පැය කිහිපය තුළ මගේ දුරකථනයට ඇමතුම් 500 කට වඩා ලැබෙන්න ඇති. බැරි මරගාතේ වුණත් මම ඒ හැම ඇමතුමකටම පිළිතුරු දුන්නා. පස්සේ තමයි මිනිස්සු නිකම් රැවටිලානේ කියලා හිතලා මම ජීවතුන් අතර ඉන්නවා කියලා වීඩියෝවක් මම අන්තර්ජාලයට මුදා හැරියේ.

කිෂාන් කනංකෙ
ලක්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top