Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
15
"දේශපාලනේ අයන්න ආයන්නවත් දන්නේ නැති කලාකරුවන් දේශපාලනේ කරනවා.." - සුවිනීතා වීරසිංහ

- "දේශපාලනේ අයන්න ආයන්නවත් දන්නේ නැති කලාකරුවන් දේශපාලනේ කරනවා.." - සුවිනීතා වීරසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"වෛද්‍ය වෘත්තිය අතහැරියා කියලා කිසිම දුකක් නැහැ..."

"කවුරුන් හෝ මට වඩා යම් දෙයකින් ඉහළට යනවාට මට අකමැත්තක් නැහැ.."

සුවිනීතා වීරසිංහ කියන්නේ අතිශය දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. බොහෝ සිනමා කෘති සදහා රංගන දායකත්වය ලබා දුන් ඇය වැඩිවශයෙන් රංගනය තුල දකින්න ලැබෙන්නේ නැහැ. මේ ඇය ගැන තොරතුරුයි.


*ඔබ වෛද්‍යවරියක් වුණානම් මීට වඩා මිනිසුන් සුවපත් කරන්න තිබුණාද?
නියම වෛද්‍යවරයකු කියන්නේ සියලුම සත්ත්වයන් කෙරෙහි දයාව, කරුණාව සහිතව රෝගීන් සුවපත් කිරීම. ලෙඩට බෙහෙත් කිරීමට හදාරන්න ඕනා. ඒ වගේම නියම රංගන ශිල්පියා ඒ ඒ චරිතයට දිය යුතු රංගනය කළ යුත්තේ හැදෑරීමක් සහිතවයි. ඒකට ප්‍රඥාවක්, දර්ශනයක් අවශ්‍යයි. මේ දෙගොල්ලන්ම කරන්නේ මනස සුවපත් කිරීම. ඒ නිසා වෛද්‍ය වෘත්තිය අතහැරියා කියලා කිසිම දුකක් නැහැ. මොකද ඒක පට්ටමත් එක්ක එන වාණිජ පැත්තත් සහිත ආත්ම අභිමානයෙන් ඉන්න වැඩක්.

*ඉතින් නිළි පට්ටමත් ඒ වගේනේ?
අපෝ මම ඒ ගණයට වැටෙන නිළියක්වත්, වෛද්‍යවරියක්වත් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. මම මහාලොකු තනතුරු දේවලට කැමති කෙනෙක් නෙවෙයි. වෛද්‍ය වෘත්තියේ මට ලොකු සෞන්දර්යාත්මක පැත්තක් පෙනුණේ නැහැ. රංගනයෙත් ශාස්ත්‍රීය පැත්තක් තිබෙනවා. එය හඳුනාගත යුතුයි. පුංචි කාලේ මම සෞන්දර්ය පැත්ත කියලා කළේ ඔය සින්දු කීවා, ඩාන්ස් කළා, ක්‍රීඩා කළා, රඟපැමත් කළා. ඒත් වෛද්‍යවරියක වන්නට යන මාර්ගයේදී තමන්ගේ බුද්ධිය වර්ධනයවනවාත් එක්කම තමන් යා යුතු මාර්ගය තෝරා ගැනීමේ හැකියාව වෙනවා.

*ඔබ අධ්‍යාත්මික පැත්තට බොහෝ බර වෙලා වගේ පේනවා?
බොහෝ අය කියනවා වයසට ගියාම දාර්ශනික වෙනවා, පින් කරනවා කියලා. ඒත් අධ්‍යාත්මික ගුණවගාව හෝ දාර්ශනික චින්තනය බොත්තමක් ඔබලා ස්ටර්ට් කරන්න පුළුවන් එකක් නොවෙයි. එය සසර පුරුද්දක් එක්ක එන්නේ. එය බුද්ධියේ පරිනතභාවයත් එක්ක ඕනැම වෘත්තියක නියලෙන සියලුම දෙනා සියල්ලේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියන තැනට කොයි මොහොතක හෝ එනවා.

*අද කලාකරුවනුත් එවැනි අවබෝධයකින්ද සිටින්නේ?
ඒකට ඉතින් බුද්ධියත් එපැයි. පවුල් පසුබිම, හික්මීම, පාසලෙන් ලැබෙන අවබෝධය ආදි සියල්ලත් අවශ්‍යයි. හැබැයි පාසලෙන් පමණක් ඒ අවබෝධය ගන්නත් බැහැ. ජීවිත කාලය තුළ අප්‍රතිහත ධෛර්යයක් යොදා ස්වයං අධ්‍යයනයක යෙදිය යුතුයි.

*ඔබේ යුගයේ කලාකරුවන්ට?
අපේ යුගයේ කලාකරුවන් බොහෝ පොතපත කියෙව්වා. කැපවීමක් කළා. සාමූහිකත්වයක් තිබුණා. දැන් මට කියන්නත් කණගාටුයි. ඒ යුගයේ කලාකරුවන් පවා මේ යුගයට අනුවර්තනය වෙලා ඒ තිබුණු ගුණාංගත් පිරිහෙමින් පවතිනවාද කියලයි මට නම් හිතෙන්නේ. එයට දේශපාලනීකරණයත් බලපානවාද මන්දා. අනෙක මම කිව යුතුයි, අප හිතන්නේ දේශපාලනඥයන් ආදීන් තමයි හොඳ නැත්තේ කියලා. ඒත් මම ජීවත් වූ පළමුවැනි දශක දෙක අතහැරලා, ඉතිරි දශක පහක් පුරා අප කළ ශාස්ත්‍රීය හා ප්‍රායෝගික අධ්‍යයනයන් අනුව දුටු දේ තමයි කලාකරුවන් තරම් කුහක විසම කොටසක් මම දැක්කේ නැහැ.

*ඉතින් ඔබත් කලාකාරිනියක්නේ?
මම කුහක නැහැ. මට ද්වේශයක් නැහැ. කවුරුන් හෝ මට වඩා යම් දෙයකින් ඉහළට යනවාට මට අකමැත්තක් නැහැ. විවිධ කලාකරුවන්ට විවිධ හැකියාවන් තිබෙනවා. ඒත් අපේ රට කුඩා නිසාදෝ අපේ අති දක්ෂ කලාකරුවන්ගේ පවා විශ්වීය හැකියාවන් දකින්න නැහැ. අනෙක තරගකාරීත්වය සහ දේශපාලනීකරණ නිසා, කලාකරුවන් දේශපාලකයන්ගේ අතකොලු වීම නිසා දෝ අද කලාකරුවන් කල්ලි ගැහිලා. අපේ කාලේ ඔහොම තිබුණේ නැහැ. දැන් අවුරුදු 20ක් 25ක් තිස්සේ තමයි මේ දේ පේන්නේ. මේකට මූලික හේතුව තමන්ගේ ස්වාධීනත්වය පාවාදීම, පෞරුෂය සල්ලිවලට පාවා දී හැල්ලුවීම කියලයි මට හිතෙන්නේ.

*කලාකරුවොත් දේශපාලනය කර පාර්ලිමේන්තු පවා යනවානේ?
තමන්ගේ දැනුම, හැකියාව මත නොවේ ඔය දේ කරන්නේ. දේශපාලනේ අයන්න ආයන්නවත් දන්නේ නැති කලාකරුවන් දේශපාලනේ කරනවා. එය ගැඹුරු විෂයක්. ඒත් මේ අය යන්නේ බලයට කැදරකමින් කියලයි මට හිතෙන්නේ. ඕන කෙනකුට දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. මතවාදයේ හිටියට කමක් නැහැ. ඒත් තමන්ගේ හෘදය සාක්ෂියත් එක්ක බලන්න තමන් තමන්ටත් අනුන්ටත් කොයිතරම් වැඩ කරනවාද කියලා ඒ දේශපාලනයෙන්. ඒ නිසා මම නම් කලාකරුවන් දේශපාලනය කිරීමට විරුද්ධයි. තමන්ට අැගයීමත් තිබෙන වෘත්තිය ඔස්සේ ගිහින් විමුක්තිය සොයා නොගන්නේ අැයි මේ අය? නියම කලාකරුවකුට දේශපාලනඥයකු වන්න බැහැ. අපි මේ ලෝකෙට අැවිත් තිබෙන්නේ යම් කාර්යයක් කරන්න. මගේ මහත්තයාටවත් නීත්‍යානුකූලව මිස මාව අයිති නැහැ. අපි අයිති රටට, රටේ ජනතාවට. හැබැයි කලාකරුවෙක් වුණේ පස්සේ. ඉස්සල්ලා වුණේ මනුස්සයෙක්. ඒ නිසා මනුස්සකමයි වැදගත්.

*ඔබ එය වඩවා ගන්නේ කොහොමද?
එය පුංචිකාලේ ඉඳන් මම වඩාගත් දෙයක්. එයට පසුබිමක්, බුද්ධියක් හා චින්තනයක් තියෙන්න ඕනා. කොටසක් අපි උපතින් ගේනවා. කොටසක් වඩවා ගන්න ඕනා. මම විශේෂයෙන් කියන්න ඕනා මම මගේ රටට හරිම ආදරෙයි. ආගමට ආදරෙයි. මම හොඳ බෞද්ධයෙක්. අපේ සංස්කෘතියට ආදරෙයි. ඒත් දැන් සංස්කෘතිය විකෘතියක් වෙලා. එයට බොහෝ දෙනෙක් වගකියන්න ඕනා. ඒ කොහොම වුණත් අපි බටහිර හෝ ආසියාතික සිනමාවේ කලාකරුවන් දෙස හොඳින් නිරීක්ෂණය කළොත් පෙනෙයි, ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සේ උපයාගෙන ආ සම්පත්වලින් දැන් සමාජයට යුතුකම් ඉටු කරනවා. මොකද අප මේවා ලබන්නේ සමාජයෙන්. ඒවායින් වැඩි කොටසක් අපි ආපසු සමාජයට දිය යුතුයි නේද? මොකද හර්ස් එකේ යද්දි පර්ස් එක ගෙනියන්නේ නැනේ. ඒ නිසා අපෙන් සමාජයට විය යුතුදේ ඉටු කිරීමයි නියම මනුස්සකම කියන්නේ. මා ගැන වර්ණාවක් කරනවා නෙවෙයි. ඒත් මම ඒ දේ මට පුළුවන් තරමින් කරගෙන යනවා. මගේ ඉඩමක් පවා මම පරිත්‍යාග කළා. හැබැයි මගේ ක්ෂේත්‍රයේ අය මම කවුද කියලා තාම හඳුනාගෙන නැහැ.

*ඒ කියන්නේ ඔබ ඉන්නේ සතුටින්?
කලා ක්ෂේත්‍රයේදී, සතුට වගේම අන්ත අප්‍රසන්න දේවලටත් මුහුණ දෙන්න වෙලා තිබෙනවා. ළඟදි වුණු දෙයක් කියන්නම්. අනුන්ගේ පිහිටෙන් අධ්‍යක්ෂණයට රිංගාගන්න හදන පොඩි එක්කෙනෙක්ගේ නොතේරුම්කමට කරන සුළු වරදක් නිවැරදි කරන්න ගිහින් නිහාල්සිංහ මහත්මයාට පවා අපහාස කරන හැටි අහන් ඉන්න මට සිදු වුණා. ඒ වගේ මුග්ධයන් සමඟ වාදයක් නැති නිසා මම නිහඬව සිටියා. සිනමාව ඉගෙන ගත් කෙනකුට ටෙලි කලාව ඉගෙනීම හරිම පහසුයි. හැබැයි සමහරු ඉන්නවා වැඩ බැරි වුණත් අමුතු අභිමානෙකින් පුම්බාගෙන. ඒ වගේම දක්ෂ පිරිසකුත් ඉන්නවා. මම නම් ඒ දක්ෂයින් දුටුවාම වහාම ඔවුන්ට කතා කරලා අගය කරනවා.

*ඒ කියන්නේ ඉදිරියටත් ඔබේ රසිකයන් හට තවත් සමීප වෙනවා?
මෙහෙමයි කලාව කියන දේ අපට හැමදාම එක විදිහට කරගෙන යන්න බැහැ. අපට ඉස්සර තිබුණු රූපකාය තිබෙනවාද? නැනේ. ජීවිතයේ විවිධ අදියරවලට මුහුණ දෙද්දි සිනමාවට කළ හැකි දායකත්වය වෙනස් වෙනවා. අපේ පෙනුම වෙනස් වෙනවා. යථාර්ථයට අප මුහුණ දිය යුතුයි. ගංගාවක ආරම්භය වගේ නෙවෙයි අවසානය. ඒත් මොන ගංගාවක් මුහුදට වැටුණත් මුහුදේ වතුර ලුණු රහයිනේ. ඒ වගේ තමයි මනුස්සකම. මොන දේ ආවත් වෙනස් නොවිය යුතුයි. මුහුදේ ගැඹුරට යද්දි වටින දේවල් හමුවෙනවා වගේ අපෙත් ජීවිතයේ පරිනත වෙද්දි තමයි මේ සියලු ගුණාංග එකතු වන්නේ.

*ඔබ රූපකායත් මනාව පවත්වාගෙන යනවා?
(සිනාසී) පවත්වාගෙන යනවා නොවේ පැවතිලා තියෙනවා. ඒක මම හිතන්නේ තිබුණු සුන්දරත්වයට වඩා වෙනස්. අද අපේ රූපකාය පවතින්නේ බාහිරයේ නොවේ අභ්‍යන්තරයේ ස්වභාවය මත. අපේ පෙනුමේ අද තිබෙන්නේ තාරුණ්‍යයේ ලස්සන නොවේ ප්‍රසන්න බවක්. එය අැති වන්නේ හදවතේ පිරිසුදු, ප්‍රසන්න බව සමඟයි.

*අඩසියවසක පමණ ඔබේ අත්දැකීමට අනුව වර්තමාන සිනමාවේ ගමන් මඟ පෙනෙන්නේ කොහොමද?
අද සිනමාකරුවන් හරියට ඉන්නවා. ඒත් කීපදෙනකුගේ පමණයි නිර්මාණශීලීත්වය තිබෙන්නේ. එහිත් අඩුවක් ‍ලෙස දකින්නේ තිර පිටපතේ සහ චරිත සඳහා තෝරා ගැනීමට ශිල්පීන් හිඟකම. අපේ කාලේ යම් චරිතයකට හරිම කෙනා තෝරා ගත්තා. අපේ සිටින අතිදක්ෂ ශිල්පිනියක් වන මාලිනී ෆොන්සේකා සහ මම සමකාලීනයන්. මට අැය වන්නත් බැහැ. අැයට මා වන්නත් බැහැ. ස්වර්ණාත් ඒ වගේ දක්ෂයි. ඒත් චරිත සඳහා තෝරා ගන්නේ වඩාත් උචිත කෙනාව. අද සමහරු හිතනවා අහවල් ශිල්පියා හෝ ශිල්පිනිය ගත්තොත් මට වාසියි කියලා. ඒ පෞද්ගලික හේතු වාසි මිස චරිතයට සුදුසුම කෙනා නෙවෙයි. එහෙම වුණාම ශිල්පීන්ටත් සිදුවන්නේ අසාධාරණයක්. යමෙකුගේ දක්ෂතා අපි අධිතක්සේරු කළ යුතු නැහැ. ඒ වගේම දේශපාලනීකරණය හා කල්ලිවාදය නිසා සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. අනෙක අපේ රටේ දක්ෂයන් ඉද්දි ඉන්දියාවෙන් නළු නිළියන් ගෙන්වාගෙන කරන මේ දේ මොකක්ද? ඔවුන්ට අවස්ථාව දෙද්දි අපේ අයට යන කල? මම බොහොම විරුද්ධයි ඒ වැඩේටත්. අනෙක මම නිර්භයව කියනවා ඉන්දියාවේ සකස් කරපු රූපවලට වඩා අපේ කෙල්ලො කොල්ලොන්ගේ මූණ කට අැත්තෙන්ම ලස්සනයි. වයසට ගියත් ලස්සනයි.

*ඔබ අද ඔබ ගැන හිතන්නේ කොහොමද?
සමහරු හිතනවා අැති මම උඩින් යනවා කියලා. නැහැ. මම පොළොවේ පය ගහලා මම මගේ දෙපයින් හිටගන්න කෙනෙක්. මම කලාව නවත්වලා නැහැ. ඒත් මට දැන් හිතනවා පවතින තත්ත්වයන් අනුව කලාව කළා අැති කියලා. හැබැයි හොඳ පිරිසුදු වතුරක් වගේ නිර්මාණයකට බහින්න කැමතියි.

*ඒ කියන්නේ අනෙක් අය වගේ අධ්‍යක්ෂණයටද?
අප්පච්චියේ. මම එක්තරා ස්වරූපයක කලාකාරිනියක්නේ. සල්ලි ගොඩක් දෙනවා කියලා මල් ගස් වටේ නටන්න කීවොත් පුළුවන්ද? පුළුවන් ඒත් ගැළපෙනවාද? නොදන්න කාලේ නම් මම 'සුදු සඳේ කළු වලා' මගේ මුල්ම චිත්‍රපටයේ සින්දුත් කීවා. ඒත් එක් අවස්ථාවක තමන්ට අවබෝධ වෙනවානේ. ඉතින් දන්නේ නැති කෙහෙල්මල්වලට අතදාන්න බැහැ මට. ඔය පට්ටමට කරන වැඩ මට කරන්න බැහැ. එහෙම තමන් නොදන්න වැඩ කරන අය ගැන කියන්න තියෙන්නේ නොදැන කරන වරදට සමාව දෙන්න කියලයි. මම කලාවට ආදරෙයි. ඒනිසා මම නිහඬව අධ්‍යාත්මික වශයෙන් මගේ ජීවිතය කැප කරලා නිහඬ සේවයක් කරනවා, කලාව වෙනුවෙන්, මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඒ තමයි සුවිනීතා වීරසිංහ.

අරුණි මුතුමලී
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top