Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
"ඒක ඉතින් අහන්න වෙන්නේ සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් තමයි..." - ජනක කුඹුකගේ

- "ඒක ඉතින් අහන්න වෙන්නේ සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් තමයි..." - ජනක කුඹුකගේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"ජීවිතේ කෙටියි කියලා දැනෙනවා.."

"මම එහෙම හිතන්නේ නැහැ..."

ජනක කුඹුකගේ. ඔහුට සිනමාව, පුංචි තිරය වගේම වේදිකාවත් සමීපයි. මේ මාධ්‍ය තුනම ඇසුරු කරන රසිකයිට ඔහුව වඩාත් ලෙන්ගතුයි. මේ දිනවල හිරු රූපවාහිණියේ බටහිර අහසත් එක්ක ජනක එකතු වෙනවා. මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.


මොනවද අලුත් තොරතුරු?
ටෙලි නාට්‍යවල වැඩ කරගෙන යනවා. අලුත් වේදිකා නාට්‍යයක් කරනවා ‘කොළඹ පාර’ කියලා. අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධවෙලා ඉන්නවා.

වර්තමානයේ බිහිවෙන නිර්මාණ ගැන මොකද හිතෙන්නේ?
බරපතළ කඩාවැටීමක් තියෙනවා. ඒක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක්. ප්‍රමිතියෙන් බාල, ප්‍රාථමික ගණයේ නිර්මාණ ගණනාවක් බිහිවෙමින් තියෙනවා. මේක අද ඊයේ වෙච්ච දෙයක් ‍නෙවෙයි. සමාජ, ආර්ථික, දේශපාලන අංශ තුනම කලාවට බලපානවා. දීර්ඝ කාලයක් සමාජය සෝදා පාළුවට ලක්වෙනකොට කලාවත් ඒ තැනට තල්ලු වෙනවා.අතරින් පතර හොඳ නිර්මාණ බිහිවෙනවා.

එදා මිනිසුන් අතරට යන්න පුළුවන් උසස් නිර්මාණ බිහිවුණා. ඇයි අද එවැනි නිර්මාණ බිහි නොවන්නේ?
අතළොස්සක් එවැනි නිර්මාණ බිහිවෙනවා. ටෙලිවිෂන් කර්මාන්තයේ නිර්මාණ ප්‍රමිතිගත නිර්මාණයන්ට ලක්විය යුතුයි. එහෙම නිර්මාණයන් අතරේ තමයි මෙය ගොඩනැගෙන්න ඕන. වාණිජයමය පරමාර්ථයෙන් නිර්මාණය වෙනවා මිසක් කලාව ‍පෝෂණය වනවාද කියන බරපතළ ප්‍රශ්නය තියෙනවා. ලෝකයේ ටෙලිවිෂන් කර්මාන්තය අද කලාවක් විදිහට දියුණුවෙලා තියෙනවා. බටහිර රටවල ඉතාම ඉහළ ගණයේ නිර්මාණවලින් උකහා ගැනීමක් කරන්නේ නැද්ද කියන ගැටලුව තියෙනවා.

මෙගා ටෙලි නාට්‍යවල රංගනයේ දායක වීම වෙහෙසකර  නැද්ද?
ලෝකයේ ප්‍රබල වගේම ජනප්‍රිය තලයේ ටෙලි නාට්‍ය තියෙනවා. ඒකාකාරී බව හා නිර්මාණ බංකොලොත් භාවය ඇතුළේ තමයි ඒ වෙහෙසකර බව දැනෙන්නේ. රංගනය ශිල්පියාට විතරක් නෙවේ ප්‍රේක්ෂකයාටත් ඒ වෙහෙසකර බව දැනෙනවා. විශේෂයෙන් දැනෙන දෙයක් තමයි ලාංකික ටෙලි නාට්‍ය කලාවෙන් ප්‍රේක්ෂකයා ශීඝ්‍රයෙන් බැහැර වෙනවා. රසිකත්වයක් තියෙන ප්‍රේක්ෂකයා ලෝකයේ අනෙක් නිර්මාණත් එක්ක ගනුදෙනු කරන බවක් තියෙනවා. ඒවාට කඩිනමින් පිළියම් නොයෙදුවොත් මෙරට ටෙලිවිෂන් කර්මාන්තය පසුබෑමකට ලක්වේවි.

අද ක්ෂේත්‍රයට එකතු වන පිරිස ඉහළ ගිහින්. එදත් මේ වගේ ක්ෂේත්‍රයට එකතු වෙන්න පහසු වුණාද?
එන්න පහසු වුණාට ක්ෂේත්‍රයේ රැඳී සිටීමයි වඩා වැදගත් වෙන්නේ. කලාවේ රැඳෙන්න නම් තමන්ට ලොකු වපසරියක් තියෙන්න ඕන. ජනප්‍රිය වීමේ අරමුණින් ක්ෂේත්‍රයට ආවොත් මෙහි රැඳෙන්න අමාරුයි. මෙහි පදාර්ථ ඉගෙන ගත්තොත් මෙහි රැඳී ඉන්න පුළුවන්. ඒ වගේම අපට කලාව ගැන අධ්‍යයනය කිරීමේ ආයතන නොමැතිවීමත් ක්ෂේත්‍රයේ ගරාවැටීමට බලපානවා. දක්ෂතාවලින් පිරිපුන් තරුණ පිරිසක් අපට ඉන්නවා. ඔවුන්ට තියෙන ප්‍රධාන බාධකය තමයි අධ්‍යාපනය සඳහා නිසි ආයතනයක් නොමැතිවීම.

ඔබ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වේදිකාව වගේම ටෙලිවිෂනය හරහා. ඇයි ඔබ සිනමාව හරහා වැඩිය දකින්න නොලැබෙන්නේ?
ඒක ඉතින් අහන්න වෙන්නේ සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් තමයි. ඇයි ජනක කුඹුකගේ පාවිච්චි නොකරන්නේ කියලා. කරපු එකක් එන්න තියෙනවා. දැනට ෆිල්ම් එකක රංගනයෙන් දායක වෙනවා. ඉතා අල්ප වශයෙන් තමයි සිනමා නිර්මාණවලට දායක වෙන්න ලැබුණේ.

ඔබ රංගන ශිල්පියෙක් නොවුණා නම්?
ඒ දේ කියන්න අමාරුයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ රංගන ශිල්පියෙක් වෙනවා කියන බලා‍පොරොත්තුවෙන් ‍නෙවෙයි. නාට්‍යයක් බලලා ඒ හරහා මේ ගැන හොයන්න ඕන නිසයි රංගන ශිල්පියෙක් වෙන්නේ.

ජීවිතේ ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
ජීවිතේ කෙටියි කියලා දැනෙනවා.

රංගනය නිසා ජීවිතේ මගහැරුණු දේවල් තියෙනවාද?
මම එහෙම හිතන්නේ නැහැ. ලෝකයේ ගෞරවනීය වෘත්තියක් තමයි රංගනය කියන්නේ. ප්‍රේක්ෂක ආදරය වගේ අනෙක් දේවල් ලබාගන්නේ මම රංගන ශිල්පියෙක් නිසයි. මේ වෘත්තිය ගැන තෘප්තිමත් කියන්න බැහැ. තව කළ යුතු බොහෝ දේවල් තියෙනවා. මේ ගමන ගැන මම සෑහීමකට පත්වෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ අතරින් ඔබ සිත්ගත් නිර්මාණ මොනවාද?
මම දායකවුණු හැම නිර්මාණයකටම වගේ මම කැමැතියි. අදටත් චරිතයක් ලැබුණොත් මම උපරිමයෙන් කරනවා.

රංගනයෙන් දායක වෙන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
චරිත නම් ගොඩක් තියෙනවා. ජීවිතය පිළිබඳ විවරණයක් කරන චරිත ලැබෙනවා නම් මම හරි කැමතියි.

තමන්ගේ කියලා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
වේදිකාව පැත්තෙන් නිර්මාණයක් කිරීම ගැන සිතා බලාගෙන ඉන්නවා. නමුත් ටෙලි නාට්‍යයක් බිහි කරන්න නම් අදහසක් නැහැ. සිනමාවට මගේ කැමැත්තක් තියෙනවා. එයට අවශ්‍ය දේවල් සකස් කරගෙන සිනමා නිර්මාණයක් මගේ අතින් බිහිවෙන්න ඉඩකඩ තියෙනවා.

විවේකයක් ලැබුණම කොහොමද කාලය ගතවෙන්නේ?
ගෙදර තමයි ඉන්නේ. බොහෝ වෙලාවට චිත්‍රපට බලනවා, මගේ අධ්‍යයනය සඳහා අවධානය යොමු කරනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top