පකිස්ථානය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේබව කියාසිටියේ.
ලාහෝර් නුවර පැවැත්වෙන අවසන් 20 යි 20 තරගය ආරක්ෂක හේතුන් මත වෙනත් රටක පවත්වන ලෙසට ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කර තිබු අතර නායක උපුල් තරංග මෙම තරගාවලියට සහභාගී නොවන බව ද ප්‍රකාශ කළා.
මේ හේතුවෙනුයි 20 යි 20 කණ්ඩායමට නව නායකයෙක් පත්කර ඇත්තේ.
20 යි 20 කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුනු තිසර පෙරේරා ලෝක කණ්ඩායම සමග පසුගියදා පකිස්ථානයේ සංචාරයක නිරතවුනා.
20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා නම්කර ඇතැයි ඉන්දීය ක්‍රීඩා පුවත් වේබ් අඩවියක් උපුටා දක්වමින් අප පසුගියදා වාර්තා කළා.
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 20 යි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.
අවසන් තරගය වෙනත් රටකදී පවත්වන ලෙසට ක්‍රීඩකයන් 40 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද ඉල්ලීමක් කර තිබුනා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ තීරණය කර ඇති ආකාරයෙන්ම අවසන් තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමටයි.
20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට දිල්ෂාන් මුණවීර / ධනුෂ්ක ගුණතිලක / දසුන් ශානක / ඉසුරු උදාන / ලහිරු ගමගේ / ශෙහාන් ජයසුරිය / මිලින්ද සිරිවර්ධන / සචිත් සේනානායක / ලක්ෂාන් සඳකැන් / සීක්කුගේ ප්‍රසන්න / අශාන් ප්‍රියන්ංන් / සධීර සමරවික්‍රම සහ නිරෝෂන් දික්වැල්ල ඇතුලත් බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේ.
තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 26 වනදා ආරම්භ වන අතර මතබේධයකට ලක්ව ඇති අවසන් තරගය ලාහෝර් නුනර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ලබන 29 වනදායි.
ආරක්ෂක හේතුන් මත ප්‍රබල ක්‍රීඩකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස් මෙන්ම ලසිත් මාලිංග ද මෙම තරගාවලියෙන් ඉවත්වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ආරක්ෂක හේතුන් මත ක්‍රීඩකයන් ලාහෝර් නුවරට යාමට අකමැත්තක් දැක්වීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ / පුහුණුකරු නික් පොතාස් / පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න සහ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක ද ලාහෝර් නුවරට යාමටයි මේවන විට තීරණය කර ඇත්තේ.