Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
දානේ නැති නිසා කලින්ම මිනී පෙට්ටියක් ලෑස්ති කරන්ඉන්න දඹුල්ලේ පන්සල

- දානේ නැති නිසා කලින්ම මිනී පෙට්ටියක් ලෑස්ති කරන්ඉන්න දඹුල්ලේ පන්සලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,468 Views
පන්සලක දින කිහිපයක් සිට මිනී පෙට්ටියක් තැන්පත් කර ඇති පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දඹුල්ල වෑවල වැව මොරගොඩ මූකලාන ප්‍රදේශයේ පිහිටා ඇති "ශ්‍රී සුගතාභිනවාරාම" විහාරස්ථානයේ තමයි මේ අපූරු සිදු වීම වෙලා තියෙන්නේ.





සාමණේර භික්ෂූන් තුන් නමක් වැඩ සිටින මෙම පන්සලේ මිනී පෙට්ටියක් තැන්පත් කර තිබෙනවා.

මේ සම්බන්ධව විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන් පුවත්පතකට අදහස් දක්වා තිබුණේ මෙලෙසින්..

අවසරයි හාමුදුරුවනේ ඇයි මිනී පෙට්ටියක් තැන්පත් කළේ..?

මහත්තයෝ, මේ මිනී පෙට්ටිය පන්සලට ගේන්න කරුණු දෙකක් හේතු වුණා. එක් කරුණක් තමයි පසුගිය වකවානුවේ ගංගොඩේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණ මත්ද්‍රව්‍ය (කසිප්පු) නිසා තරුණ පරපුර විනාශ වුණා. මේ අය රැකගන්න කියලා පොලිසිය ඉස්සරහා උද්ඝෝෂණය සංවිධානය කළා. මත්ද්‍රව්‍ය විකුණන උදවිය පොලිසියට අල්ලලා දුන්නා. ඒ වැඩ නිසා මත්ද්‍රව්‍ය නිෂ්පාදයෙන් ප්‍රතිලාභ ලබන ගමේ උදවිය දානේ දීමෙන් වැළකී හිටියා. දැන් මාසෙකට දින 15ක් විතරයි දානේ ලැබෙන්නේ. මාසේ ඉතිරි දින ගණන් නිරාහාරව ඉන්න වෙලා. හදිසියේ අපවත් වුණොත් මිනී පෙට්ටියක් ගන්න ගමේ උදවියට වත්කමක් නෑ.

මහත්තයෝ, දෙවැනි කාරණය තමයි මමයි තවත් භික්ෂුන් වහන්සේ නමකුයි අපවත් වුණාම අපේ මෘතදේහ පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මගේ මෑණියන් මියගිය පසුත් මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මේ කාරණා තුනටම මිනී පෙට්ටියක් මිලදී ගන්න ගියොත් විශාල මුදලක් යනවා. ඒ නිසා මේ මිනී පෙට්ටියේ මෘතදේහ තැන්පත් කරගෙන ගොස් වෛද්‍ය විද්‍යාලයට භාරදීලා ආපසු මිනී පෙට්ටිය පන්සලේ තැන්පත් කරන්න පුළුවන්. එතකොට මිනී පෙට්ටියකට මුදල් වැය වෙන්නේ නෑ.
මහත්තයෝ මේ මිනී පෙට්ටිය පිටරටක හදපු එකක්. හරිම සවිශක්තිමත්. මෘතදේහ ප්‍රවාහනය කරන්න හදපු මිනී පෙට්ටියක්. ඒ නිසා ඕනෑම කෙනකුට මියගිය උදවියගේ මෘතදේහ ප්‍රවාහනය කිරීමේ කාරණය ඉටුකරගත් පසු මේ මිනී පෙට්ටිය ආපසු පන්සලේ තැන්පත් කරන්න පුළුවන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,677 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,475 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,019 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  846 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,417 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,748 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,414 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top