ඉතින් මේ ගැටලුවට පිළියමක් විදිහට මෙන්න මේ හිස ගාන තෙල් බෝතලයක් සාදා ගැනීම වටිනවා.
වදමල් 8 ක්
කරපින්චා ඉති 6ක්
කෝමාරිකා ලොකු ඉත්තක්
ගොටුකොළ කොල 8 ක්
කොහොඹ ඉති 6ක්
සැවැන්දරා 20g
කීකිරිදියා 20g,
වියලි නෙල්ලි පවුඩර් 10g
කලුදුරු 10,g
උලුහාල් මේස හැදි 4ක්
පිරිසිදු පොල්තෙල් බෝතලයක ප්රමානයක්
ඔලිව් තෙල් 50ml
එඩරු තෙල් 20ml
සාදා ගන්නා ආකාරය
පිරිසිදු මැටි භාජනයක් ගෙන කලු දුරු , වියලි නෙල්ලි පවුඩර් ,කීකිරිදිය සැවැන්දරා , උලුහාල් ,ටික එකතු කර ගන්න.
ගොටුකොළ ටික කඩලා එකතු කර ගන්න.
කරපිංචා නැටිත් එක්කම එකතු කර ගන්න.
කොහොඹ ඉති ටිකත් එකතු කර ගන්න .
කෝමාරිකා ඉත්ත කැබලි වලට කඩලා එක්තු කර ගන්න.
වදමල් ටික පෙති කඩලා එකතු කර ගන්න.
දැන් පිරිසිදු පොල්තෙල් බෝතලේක ප්රමානය එකතු කර ගන්න.
දැන් හොදින් කලවං කර ගන්න.
දැන් මදගින්නෙ විනාඩි 45ක් පදමට එනකන් ලිපේ තියන්න.
තෙල් එක රත් වෙනකොට ටිකෙන් ටික කලවම් කර ගන්න.
දැන් ලිප නිවලා තෙල් එක නිවෙනකන් වහලා තියන්න.
දැන් එඬරු තෙල් 20ml එකතු කර ගන්න. ඒත් එක්කම ඔලිව් තෙල් 50ml ත් එකතු කර ගන්න.
ආයෙත් හොඳට කවලම් කර ගන්න.
දැන් පිරිසිදු බෝතලයක් හෝ දෙකක් ගෙන එකට දාපු හැමදේ සමානව දා ගන්න.
භාවිතා කර ආකාරය
හිසකෙස් අඩු තැන් වල ගාගෙන හොඳට හිස් කබලේ වදින්න මසාජ් කරන්න .
මෙමගින් -
හිසකෙස් ගැලවීම
හිසකෙල් අග පැලීම
හිසකෙස් දුර්වර්ණ වීම .
හිසකෙස් වර්ධනයට ගොඩාක්ම හොද සත්කාරය
