Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
"අමල් දරුවෝ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා.." - ගායක නදිමාල්ගේ පෙරේරාගේ අම්මා ආදරණිය පවුල ගැන කතා කරයි

- "අමල් දරුවෝ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා.." - ගායක නදිමාල්ගේ පෙරේරාගේ අම්මා ආදරණිය පවුල ගැන කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80 Views
" මම දන්නවා ඒ දෙන්නා වරදක් කරන්නේ නැහැ කියලා. ඒ දෙන්නගෙන් වරදක් වෙලත් නැහැ..."

" පුතා කවදා හරි දවසක දක්ෂ ගායකයෙක් වෙයි කියලා අමල්ගේ තාත්තා නිතරම කිව්වා..."

නදීෂා සජානි කියූ සැණින් කිසිවෙකුට ඒ කවුරුන්ද යන වග මතකට එන්නේ නැහැ. නමුත් ජනප්‍රිය ගායකයෙක් වූ අමල් පෙරේරාගේ ආදරණිය බිරිඳ ඇයයි. නදිමාල් පෙරේරාගේ ආදරණිය අම්මා ඇයයි. අතිශය ජනප්‍රිය පවුලක ජිවත් වෙන ඇය නිහඬව ලස්සනට පවුල් ජිවිතේ රැගෙන යනවා. ඒ නිසා අපි හිතුවා ආදරණිය පුතණුවන් ගැන හා කාර්යබහුල ජිවිතයක් ගත කරන ඒ කුටුම්භය තුළ ඈ සතුටින් ජිවත් වෙන හැටි කතා කරන්න. මේ ඒ කතාබහේ ආරම්භයයි.

අපි මුලින්ම කතා කරමු ඔබේ පුතණුවන් වූ නදිමාල් ගැන, පවුලට එකතු වෙන පළමු දරුවා පුතෙක් වෙයි කියලා ඔබත් අමලුත් බලාපොරොත්තුවෙන්ද හිටියේ..?
නැහැ. අපි දැනගෙන හිටියේ නැහැ දුවෙක්ද ඉපදෙන්නේ පුතෙක්ද ඉපදෙන්නේ කියලා. ඉපදුණාට පස්සේ තමයි දන්නේ පුතෙක් කියලා. පුතෙක් ඉපදුණේ කියලා දැනගත්තම හැමෝම සතුටු වුණා. අපි හැමෝටම වඩා සතුටු වුණේ අමල්ගේ තාත්තා. පරම්පරාව අරගෙන යන්න පුතෙක් ඉපදුණා කියලා හරියට ඔහු සතුටු වුණා.

නදිමාල්ට නම දැම්මෙත් නදිමාල්ගේ සීයා ප්‍රවීණ ගායක මර්වින් පෙරේරා කියන්නේ ඇත්තද..?
ඔව්. තාත්තා තමයි නම දැම්මේ. මගේ නම නදීෂා, ඒ නමින් නදී කෑල්ල අරගෙන අමල්ගේ නමින් මාල් කොටස අරගෙන නදිමාල් කියලා තාත්තා නම දැම්මා. එතරම්ම ඔහු පුතාට ආදරෙයි. පුතා කවදා හරි දවසක දක්ෂ ගායකයෙක් වෙයි කියලා අමල්ගේ තාත්තා නිතරම කිව්වා.

ඔබේ පවුලට සංගීතය කියන්නේ ඕපපාතිකයක් නෙමෙයි, නිරන්තරයෙන්ම සංගීතය එක්ක ජිවත් වෙන්න අවස්ථාව ලැබෙනවා, ඒ වගේ පසුබිමක ඉන්න නදිමාල් ගීත මුමුණන්න පටන්ගන්නේ කොයි කාලේද..?
පොඩි කාලේ ඉදලම පුතා සංගීතයට කැමැත්තක් තියෙනවා කියලා දැක්කා.  නමුත් උත්සව අවස්ථාවක එහෙම එයා ගීත ගායනා කලේ නැහැ. එයා හරිම අහිංසක දරුවෙක්. පුතාගේ පාසලේ ගුරුවරුන් දන්නවා එයා කලා පවුලක දරුවෙක් කියලා. එයාට වයස 9ක් විතර තියෙද්දී පංතියේ ගුරුවරිය පුතාට ගීතයක් දීලා එය පුරුදු පුහුණු වෙලා එන්න කිව්වා. පුතාව තරඟයකට යවන්න. මම පුතාට එය පුරුදුකරලා යැව්වා. එදා තරඟයෙන් පුතා ජයග්‍රහණය කළා. පුතාගේ මුල්ම ගයනා කිරීම මට මතක විදිහට එය තමයි. ඊට පස්සේ දවසක පාසලෙන් පුතාට ගීතයක් නිර්මාණය කරගෙන එන්න කිව්වා. ඒත් තරඟකට. එයාගේ සියා තමයි ඒ ගීතය නිර්මාණය කරලා දුන්නේ.පුතාගේ පළමු නව නිර්මාණය ඒක තමයි. ඒ ගීතය නිසාත් පුතා තරඟයෙන් ජය අරගෙන තිබුනා. නමුත් සමාජගත වෙන්නේ ජනප්‍රිය කලාකරුවන්ගේ දරුවන් එක්ක එකතු වෙලා විවිධ අවස්ථාවල ගීත ගැයුවට පස්සෙයි. ඊට පස්සේ එයාට ගායනා කරන්න අවස්ථා බොහොමයක් ලැබිලා තියෙනවා.

නදිමාල් ගායකයෙක් වෙනවට ඔහුගේ මව විදිහට ඔබ කැමති වුණාද..?
මගේ අකමැත්තක් නැහැ. පරම්පරාව ගෙනියන්න ඉන්නේ පුතා. නමුත් මම පුතාට කිව්වා ගායනය රැකියාව කරගන්න එපා කියලා. ඒ නිසා පුතා හොඳින් ඉගෙන ගත්තා. ඒත් අහම්බෙන්ම ඔහුත් වෘත්තීය ගායකයෙක් බවට පත් වෙලා.

ප්‍රවීණ ගායක මර්වින් පෙරේරා, ඔබේ සැමියා අමල් පෙරේරා හා පුතණුවන් නදිමාල්ගේ ගීත අතුරින් ඔබ කැමති කාගේ ගීත අහන්නද..?
මේ තුන්දෙනාගෙම හඬ වෙනස්. ඒ නිසා තුන්දෙනාගේම මම කැමති ගීත තියෙනවා. එක්කෙනෙක් කියලා තෝරා ගන්න බැහැ.

අමල් පෙරේරා හා නදිමාල් පෙරේරා ඩුබායිවල උපන්දින සාදයකට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාම අපහසුතාවයට පත් වෙන සිද්ධියකට මුහුණ දුන්නා. ඒ ආරංචිය ආ මොහොතේ නදිමාල්ගේ අම්මා විදිහට ඔබට මොකද හිතුණේ..?
නදිමාල්ගේ බාප්පා කෝල් කරලා කිව්වා ඩුබායි වලින් කෝල් කරලා සිද්ධිය කිව්වා කියලා. ඒත් හේතුව වත් කිව්වේ නැහැ. ඒ ඇමතුමෙන් පස්සේ උන්හිටිතැන් පවා අමතක වුනා වගේ හැඟීමක් මට ආවේ. පුතා තරුණ ළමයෙක් එයාගේ අනාගතේ ගැන මතක් වුණා. මම දන්නවා ඒ දෙන්නා වරදක් කරන්නේ නැහැ. වරදක් වෙලත් නැහැ කියලා. මම පුතා ගැන හිතලා හරිය දුක් වුනා. පසුතැවුනා. නමුත් අපි නිවැරදි නිසා ප්‍රශ්නය ඉක්මනින් විසදෙයි කියලා විශ්වාස කළා. ඒ විදිහටම ඒ ප්‍රශ්නය විසදුනා.

නදිමාල් විවාහ වෙන වයසක ඉන්න තරුණයෙක්, ඔබ ලේලිය කරගන්න කැමැත්තෙන් ඉන්නේ කොයි වගේ කෙනෙක්ද..?
විවාහ ජිවිතයට එකතු කරගන්න සහකාරිය එයාගේ කැමැත්තට එයා තෝරා ගන්න ඕන. එයා එකට ජිවත් වෙන නිසා එයා තමයි එයාට සුදුසු කෙනා තෝරා ගන්න ඕන. මම ඒකට නීතිරීති දාන්නේ නැහැ. හොඳ ගුණයහපත් දරුවෙක් එක්ක විවාහ වෙයි කියලා හිතනවා.

ඔබේ පවුල කොතරම් ජනප්‍රිය පවුලක් වුණත් ඔබ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ, ඔබ හා අමල් පෙරේරා සුන්දර යුගදිවියක් ආරම්භ කරනවට දෙමාපියන් අකමැති වුනේ නැද්ද..?
මම පාසල් ගියේ කළුතර බාලිකා විදුහලට. අපි දෙන්නා විවාහ වෙන්නේ 93 වර්ෂයේ. ඒ වෙනකොට මම උපාධිය හදාරමින් හිටියේ. අවුරුදු හතරක කාලයක් උපාධිය වෙනුවෙන් යොදවන්න තිබුණත් මම ඊට පෙර අමල් එක්ක විවාහ වුණා. උපාධිය කරන එක නතර කරලා විවාහ වෙනවට මගේ දෙමාපියෝ ගොඩක් විරුද්ධ වුනා. නමුත් මම විවාහ වුනා. නදිමාල් පුතා වගේම අපිට දුවෙකුත් ඉන්නවා. එයා සාරංගි පෙරේරා. වයස අවුරුදු 19යි. එයා ඉගෙන ගන්නේ කොළඹ ජනප්‍රිය පාසලක. එයත් සංගීතයට කැමති කෙනෙක්. සංගීතය රසවිදිනවා. නමුත් තවම සංගීතයට සම්බන්ධ වෙලා නැහැ.

සංගීතයත් එක්ක ඔබේ සැමියා අමල් කාර්යබහුල ඇති, ඒ වගේ අවස්ථාවල ඔහුගෙන් ඔබට හා පවුලට ලැබෙන සහයෝගය කොහොමද..?
මම අදටත් රැකියාවක් කරන කෙනෙක් නෙමෙයි. අමල් තමයි මුල්‍යම පැත්ත බලන්නේ. දරුවෝ දෙන්නගේ වැඩ වගේම ගෙදරට අවශ්‍ය සියලු දේ වෙන්නේ ඔහුගේ අතින්. ඔහු මට දෙන මුදල්වලින් මම අවශ්‍ය දේවල් කළමනාකරණය කරගන්නවා. ඇත්තම කිව්වොත් ඔහු හොඳ තාත්තා කෙනෙක් දරුවෝ ගැන බලනවා. අමල් කියන්නේ දරුවෝ වෙනුවෙන් කැපවුණු තාත්තා කෙනෙක්. කවදාවත් එයා දුවටවත් පුතාටවත් පහරක්වත් ගහලා නැහැ. ඒ තරම් දරුවන්ට ආදරෙයි. අමල් දුව පුතා සහ මම එක පවුලක් විදිහට හොදින් සතුටින් ජිවත් වෙනවා.

එතකොට කාලයක් සමාජ මාධ්‍යවල කටකතාවක් පැතිරුණා ඔබ සහ අමල් දික්කසාද වෙලා කියලා, ඒ කතාවේ ඇත්ත මොකක්ද..?
අදටත් අමල් මගේ නිත්‍යනුකුල සැමියා. ඔහු මගෙන් කවදාවත් දික්කසාද වෙන්න ඕන කියලා ඉල්ලලා නැහැ. අපි දික්කසාද වෙලත් නැහැ. මම පුද්ගලික දේවල් මාධ්‍ය ඔස්සේ කතා කරන්න කැමති නැහැ. මගේ බලාපොරොත්තුව දරුවෝ දෙන්නා මේ රටේ හොඳ පුරවැසියන් කරන්න. මම නිතරම පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන්නේ. මේක තමයි සත්‍ය සිදුවීම. මේවා මාධ්‍යට කියන්න මට කිසිම වුවමනාවක් නැහැ. ඒ වගේම තමයි සමහරුන්ට පෙනෙන දේට වඩා ඇතුල් පැත්ත වෙනස්. මම කවුද අමල් කවුද කියලා අපේ පවුලේ නෑදෑ හිතවතුන් දන්නවා. කවුරු මොන දේවල් කිව්වත් අමල් මගේ නීත්‍යනුකුල සැමියා. ජනප්‍රිය පවුල් විරසක වෙනකොට සාමාන්‍ය පවුලක් විරසක වුණාට වඩා සමාජ ගත වෙන්නේ ඒ පවුල ජනප්‍රිය නිසයි. අපිත් සාමාන්‍ය මිනිස්සු. මොන පවුල ගත්තත් ගැටළු තියෙනවා. ඒ වගේ සුළු සුළු මත භේද ආවත් අපි හතර දෙනා එක ගෙදර එකට සතුටින් ජිවත් වෙනවා. අමල්ට කොහේ හෝ තැනක අත්වැරදීමක් වෙන්න ඇති. අමල්ගේ නෑදෑ හිතවතුන් මේ හැමෝම අපිට හරි ආදරෙයි. .

පුතාගේ රෝල් මොඩ්ල් එක අමල්ද ඔහුගේ සීයා මර්වින් පෙරේරාද..?
ඒක මට එහෙමම කියන්න බැහැ. මම හිතන්නේ පුතා තාත්තාගේ හා සීයාගේ ගත යුතු දේවල් අරගෙන ඔහු ඔහුගේම ගමනක් යනවා කියලයි මට හිතෙන්නේ.

හර්ෂණී වීරරත්න

මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය හිරු මාධ්‍ය ජාලය සතුය. උපුටා ගැනීම තහනම්. 




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top