ශිහාන් මේ දවස්වල ගොඩක් වැඩ වැඩියි නේද?
ටිකක් විතර වැඩත් එක්ක කාර්යබහුලයි. මගේ අලුත් ස්ටූඩියෝ එකේ වැඩත් එක්ක තමයි මේ දවස්වල දවස ගෙවෙන්නෙ.
‘ඔබ මගෙමයි’ තමයි මම රිලීස් කරපු අලුත්ම සින්දුව. ඒක ඇත්තටම මගේ ඇල්බම් එකට දාන්න හිතාගෙන කරපු ගීතයක් නෙවෙයි. ඕක මගේ වෙඩින් එකට 2011දි කරපු ගීතයක්.
රිලීස් කරන්න මෙච්චර පරක්කු වුණේ ඇයි?
ඇත්තටම ඕක මම කළේ මගේ බිරිය වෙනුවෙන්. ඕක මිනිසුන්ට අහන්න දෙන්න ඕනෙ කියල කරපු ගීතයක් නෙමෙයි. පෞද්ගලික දෙයක් හින්ද තමයි මම මෙච්චර කල් සින්දුව එළියට දැම්මෙ නැත්තෙ. මොකද ඔය සින්දුව තමයි මගේ දරුවන් තුන්දෙනාම හම්බුවෙද්දි මම ඔපරේෂන් රූම් එකෙත් දාල තිබුණෙ. වයිෆ් බබාල නළවන්නෙත් ඔය සින්දුව දාල. මේක අපේ පවුලේ ගීතයක් වගේ. හැබැයි මේක කවුරුත් අහල තිබුණෙ නෑ. පස්සෙ මම හිතුව නිර්මාණයක් තනියම රසවිඳල වැඩක් නෑ ඒක මිනිස්සු අතරට යන්න ඕනෙ කියල. එහෙම හිතල තමයි මම සින්දුවට අලුතින් මියුසික් කරල, ඩබ් කරල මගේ වෙඩින් එකේ ෆොටෝත් එක්ක අලුත්ම ඇල්බම් එකේ ගීතයක් විදිහට එළියට දැම්මෙ.
දැන් ගොඩක් ගීත ජනප් රිය වෙන්නෙ මියුසික් වීඩියෝ හරහා. ඇයි මේකට මියුසික් වීඩියෝ එකක් කරන්න හිතුවෙ නැත්තෙ?
මට තියෙන ලොකුම ප් රශ්නය තමයි මේකට මියුසික් වීඩියේ එකක් කරන්න බැරිකම. මොකද මේක මගේ වෙඩින් එකට කරපු ගීතය. මේක පිටිපස්සෙ ඇත්ත කතාවක් තියෙන නිසා අපිට මේකට අලුතින් එහෙම දෙයක් කරන්න බෑ. එහෙම කරනව නම් මගේ බිරිය නැතුව මොඩල්ස්ල දාගෙන අලුතින්ම ආයෙත් මගේ වෙඩින් එක වගේ රූප රචනයක් කරල තමයි කරන්න වෙන්නෙ. අපේ ගීතයට ඒ වගේ දෙයක් කරනවට මගේ අකමැත්තකුත් තියෙනව.ඉතින් ඔය වගේ ප් රශ්න ටිකක් තමයි මියුසික් වීඩියෝ එකක් නොකරන්න ප් රධානම හේතුව.
සින්දුවක් මාකට් කරන්න මියුසික් වීඩියෝ ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද?
මමත් හිතනව සින්දුව ජනප් රිය වෙන්න මියුසික් වීඩියෝ එකකින් ලොකු බලපෑමක් තියෙනව කියල. නමුත් මගේ බලාපොරොත්තුව තියෙන්නෙ මාකට් කරන්න සින්දු කරන්න නෙමෙයි. මම ඉස්සර ඉඳලම ටේ රන්ඞ් එකට නෙමෙයි සින්දු කළේ මගේ ආසාවට. මම හිතන්නෙ වීඩියෝ එකට වඩා සින්දුව මිනිස්සු අතරට ගිහිල්ල ජනප් රිය වීම තමයි වඩාත් වැදගත් වෙන්නෙ.
‘ඔබ මගෙමයි’වලට ලැබෙන ප් රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප් රතිචාර ලැබෙනව. ගොඩක් ඉල්ලීම් තියෙන වෙඩින්වලට ඇවිල්ල සින්දුව කියන්න කියල. මේ වෙලාවෙ රටේ තියෙන වාතාවරණයත් එක්ක ඒවට සහභාගි වෙන්නෙ නෑ. මට ලැබෙන ප් රතිචාර අනුව මට හිතනව මගේ ජීවිත කාලෙම මේක වෙඩින්වලට කියන්න පුළුවන් විදිහෙ සින්දුවක් වෙයි කියල.
මෙම ලිපිය "මව්රට" පුවත්පතේ "හාර්ට්ස්" අතිරේකයෙන් උපුටා ගන්නා ලදී..... VIDEO