Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
20
"කවුරුහරි මේක සැහැල්ලුවට ගන්න හිතනවානම් මා දිහා බලන්න. ඔබ කිසිවෙකුටත් මෙම වෛරසයෙන් ගැළවී පැනයාමට අවස්ථාවක් නැහැ.." - Covid 19ට ගොදුරු වූ කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video

- "කවුරුහරි මේක සැහැල්ලුවට ගන්න හිතනවානම් මා දිහා බලන්න. ඔබ කිසිවෙකුටත් මෙම වෛරසයෙන් ගැළවී පැනයාමට අවස්ථාවක් නැහැ.." - Covid 19ට ගොදුරු වූ කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views
මට මේ කෘත්‍රීම ආධාරක නැතිව හුස්ම ගන්න බැහැ...
ඔබ දුම් බොනවානම් වහාම එය නවත්වන්න...
සැලකිලිමත් නොවුණොත් මට වුණ දේ වෙයි..
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වි ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගණන 10,050ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
 
ගතවූ පැය 24 තුළ නව මරණ 427ක් වාර්තා විමත් සමග ඉතාලියෙන් වාර්තාවන පුද්ගල මරණ 3,405ක් දක්වා ඉහළ ගියේ චීනයෙන් මෙතෙක් වාර්තාවූ සමස්ත පුද්ගල මරණ ගණනද අභිබවමින්.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට රටවල් 181 ක් පීඩාවට පත්කර ඇති අතර, වෛරසයෙන් මේවන විට වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ ඉතාලියටයි.
 
ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 427ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ ගණන 3,405ක් දක්වා ඉහළ ගියා.
 
එම අගය පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා චීනයේ සිදුවූ මරණ ගණනද අභිබවා යන්නේ වෛරසයේ ව්‍යාප්තියේ සීඝ්‍රත්වයද ලොවට පසක් කරමින්.
 
ඉතාලියෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 41,000කට අධිකයි.
 
ඉතාලියට පසු යුරෝපා කලාපයේ දෙවැනියට වැඩිම බලපැම් එල්ලවී තිබෙන ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 833ක් වාර්තා වන්නේ ආසාදිතයින් ගණන 18,077ක් දක්වා ඉහළ නංවමින්.
 
ප්‍රංශයෙන් වාර්තාවන ආසාදිතයින් ගණනද 11,000 දක්වා ඉහළගොස් තිබෙනවා.
 
ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.
 
එම රටවලින් වාර්තාවන ආසාධිතයින් ගණන 23,000කට අධික අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය දෙවන එළිසබත් රැජින ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එකාවන්ව කටයුතු කරන ලෙසයි.
 
එමෙන්ම මහජනතාව උදෙසා රජ පවුලේ සියලුදෙනා සිය වගකීම් නොපිරිහෙලා ඉටුකරන බවද ඇය සිය නිවේදනයෙන් අවධාරණය කළා.
 
මේ අතර, මොනාකෝ රාජ්‍යයේ දෙවන ඇල්බට් කුමරුද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ මෙම මාරාන්තික වෛරසයට ගොදුරුවූ පළමු රාජ්‍ය ප්‍රධානියා බවට පත්වෙමින්.
 
මැදපෙරදිග කලාපයේ නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට ඉරානය පත්ව තිබෙනවා.
 
එරටින් වාර්තාවන ආසාදිතයින් ගණන 18,000කට අධික අතර, වාර්තාවන මරණ ගණන 1284ක්.
 
ඊශ්‍රායල වැසියන් කොරෝනා වෛරසය මැඩලීමට එක්ව සිටින වෛද්‍යවරුන් දිරිගැන්වීමට සිය නිවෙස්වල සිට ක්‍රියාකරන අයුරු දැකගන්නට ලැබෙනවා.
 
මහජන එක්රැස්වීම් අවම කරන ලෙසඨ ඊශ්‍රායල රජය නිවේදනය කර තිබීම හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ අමුත්තන් සම්බන්ධ කරගනිමින් සිය විවාහ ගිවිසගැනීම සිදුකිරීමට ඊශ්‍රායල යුවළක් කටයුතු කර තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
ඇමරිකාවෙන්ද මේවන විට වාර්තාවන ආසාදිතයින් ගණන 14,250ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
 
මේ අතර, මිලියන 40කට වාසභූමිය වූ කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 25ක ජනකායකට වෛරස ආසාදනය වීමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය අංශ නිවේදනය කිරීමත් සමග එම ප්‍රාන්තයේ වැසියන්ට නිවෙස් තුළට වී සිටින ලෙසට ඇමරිකානු රජය නිවේදනය කර තිබෙනවා.
 
මේ අතර, නව කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාකරන නව ඖෂධ ද්විත්වයක් ඇමරිකාව අත්හදා බලා තිබෙනවා.
 
ජපාන වැසියන්ටද නිවෙස් තුළට වී සිටින ලෙසට රජය දැනුම්දී තිබෙන අතර, වසන්ත සෘතුවේ සුන්දරත්වය ඔවුන්ට විඳීමට සිදුව ඇත්තේ අන්තර්ජාලය ඔස්සේයි.
 
මේ අතර, ලෝක ආර්ථිකයට සෘජු දායකත්වයක් දක්වන ටොයෝටා, හොන්ඩා සහ නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම් ඇමරිකාව තුළ පිහිටි සිය නිෂ්පාදන අංගනයන් වසාදමා තිබෙනවා.
 
මේ අතර, අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ගුවන් ගමන් සති දෙකකට නවතා දමා තිබෙනවා.
 
වෛරසයේ තිඹිරිගෙය වු චීනයෙන් තෙවැනි දිනටත් කිසිදු අභ්‍යන්තර ආසාදිතයෙකු වාර්තා නොවූ අතර, විදෙස්ගතව පැමිණි ආසාදිතයින් 39 දෙනෙකු පමණක් වාර්තා වනවා.
 
මේ කොරෝනා වෛරසයට ගොදුරුවූ කාන්තාවක් වෛරසයේ බලපෑම සම්බන්ධයෙන් ලොව දැනුවත් කළ අයුරුයි.
 
"කවුරුහරි මෙම වෛරසය සැහැල්ලුවට ගන්න හිතනවානම් මම දිහා පොඩ්ඩක් බලන්න. මම ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. මට මේ කෘත්‍රීම ආධාරක නැතිව හුස්ම ගන්න බැහැ. මට ඔබට පෙන්වන්න ඕන වුණේ මේ වෛසරය වැළඳීමෙන් පසුව තිබෙන කටුකත්වයයි. ඔබ දුම් බොනවානම් වහාම එය නවත්වන්න. එය ඔබේ පෙනහළු මරා දමනවා. ඔබ කිසිවෙකුටත් මෙම වෛරසයෙන් ගැළවී පැනයාමට අවස්ථාවක් නැහැ. සැලකිලිමත් නොවුණහොත් ඔබට නතර වන්නට සිදුවන්නේ මා මේ ඉන්න ස්ථානයේ..."
 
මේ අතර, චීනය සාර්ථකව වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් එරට CGTN ප්‍රවෘත්ති සේවයේ මෙලෙස වාර්තාමය වැඩසටහනක් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
 
"මාසයක් පුරාවට මෙම වෛරසය චින වැසියන් දිනකට දහස් ගණනින් මාස ගණනාවක් බිළිගත්තා. හැබැයි කොහොමද මේ අභියෝගය චීනය ජයගත්තේ. සමහරු අපිට කිව්වා අපි අමානුෂිකයි ඒ වගේම දැඩි පියවර අරන් තියෙනවා. මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරනවා කියලා. චීනය තමයි ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ජනතාව භාජනය කළේ. කාර්යාල වසා දැමුවා. පොදු ප්‍රවාහනය අත්හිටෙව්වා. මිනිසුන් නිවෙස්වලට වී සිටින්න කටයුතු කළා. මේවගේ දේවල්වලින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය වුණා. අනෙක් අතින් චිනයට පුළුවන් වුණා වෛරසය මිලියන ගණනකට ආසාදනය වීම වළක්වාගන්න. දහස් ගණන් ජිවිත මරණයෙන් ගළවාගන්න. මෙය තමයි යුරෝපය සහ ඇමරිකාව දැනගත යුත්තේ. නිරෝධායන කටයුතු අනිවාර්ය කරුණක්. එයට මිනිසුන්ගේ අවංකභාවය වගේම දායකත්වයත් අවශ්‍යයි. වූහාන් වැසියන් එය හොඳින්ම කළා. ඔවුන් දින ගණන්, සති ගණන්, මාස ගණන් නිවෙස් තුළට වි අවංකව කටයුතු කළා. එමගින් තමයි වෛරසය පාලනයට චීනයට හැකියාව ලැබුණේ. අපි සියල්ලෝම මිනිසුන් තිබිය යුත්තේ මනුෂ්‍යත්වයයි..."
 
2002 වර්ෂයේ හටගත් සාර්ස් වසංගතයෙන් ලොව පුරා වාර්තා වූයේ ආසාදිතයින් 80,098ක්.
 
එම වසංගතයෙන් වාර්තාවූ පුද්ගල මරණ ගණන 774ක් වනවා.
 
2012 වර්ෂයේදී මර්ස් වසංගතයෙන් මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් ආසාදිතයින් 2494 දෙනෙකු වාර්තාවූ අතර, පුද්ගල මරණ වාර්තාවූයේ 858ක් පමණයි.
 
2014 වර්ෂයේ පැනනැගුණු ඉබෝලා වසංගතයෙන් ආසාදිතයින් 28,637 දෙනෙකු වාර්තා වූ අතර, පුද්ගලයින් 11,315 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
 
මේ සියලු වසංගතයන් අභිබවමින් මේවන විට කොවිඩ් 19 වෛරසයෙන් බලපැම් එල්ලවී තිබෙනවා.
 
මේවන විට ලොව රටවල් 181ක් ආක්‍රමණය කරඇති කොවිඩ් 19 වෛරසය ගොදුරුවු ආසාදිතයින් ගණන 246,467ක් වන අතර, මරණ ගණන 10,050 ක් වනවා.
 
මෙහි බලපෑම හෝ අවසානයක් තවමත් අවිනිශ්චිතයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top