ප්‍රවීන නිළි සුසන්තා චන්ද්‍රමාලීගේ දියණිය වන තිසුරි යුවනිකා කියන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතාමත් කෙටි කළකින් ජනප්‍රිය වුනු හිරු ටීවී තුළින් විකාශය වන ‘‘දේවී‘‘ ටෙලිනාට්‍යයෙහි සිරිමලීගේ චරිතයටත් පණ පොවන්නෙත් ඇය.
ඇයගේ අපූර්ව රංගනය වගේම මේ දවස්වල තිසුරිගේ ජීවිතයේ අලුත්ම විස්තර දැනගන්න හිරු ගොසිප් අපි ඇයව සම්බන්ධ කරගත්තා. තවමත් 23වන වියේ පසුවන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයට දක්වන දායකත්වය ගැන අපි අහලා බැලුවා.
මේ වෙනකොට චිත්‍රපටි දෙකකට වගේ තමන්ගේ රංගනයෙන් දායකත්වය සපයලා තියෙන තිසුරි නම් කියන්නේ ඇයට වැඩියෙන්ම ආරාධනා ලැබෙන්නේ ටෙලි නාට්‍ය වලට කියලා.
ඇයගේ විවාහය ගැන වගේම අනාගත සහකරුවා විදියට බලාපොරොත්තු වෙන කෙනාට තියෙන්න ඕනි ගතිගුණ ගැනත් තිසුරි අපිත් එක්ක කීවා.
ප්‍රශ්නය - පෙම්වතෙක් ඉන්නවාද ?
පිළිතුර - නෑ නෑ..
ප්‍රශ්නය - තිසුරි හොයන්නේ කොයි වගේ සහකරුවෙක්ද ?
පිළිතුර - හොඳ උගත්, වැදගත්, මට ආදරේ කරන මාව තේරුම් ගන්න හොඳ කෙනෙක් වෙන්න ඕනි
ප්‍රශ්නය - විවාහ වුනාට පස්සේ තව කෙනෙක්ට ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද ?
පිළිතුර - ආදරේ කියන එක කාටද, කින්ද, මන්ද කියලා නෑ, ඇතිවෙන්න පුලුවන්.
ඇයත් සමඟ අප කළ සංවාදය සම්පූර්ණයෙන්ම පහතින් අහන්න
සංවාදය - හර්ෂ මෙන්ඩිස්