ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට ඊයේ (05) සිදුවුණා.
මෙම තරඟයේ කිසිඳු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබුණේ වර්ෂාවෙන් තෙතබරිත වූ ක්‍රීඩා පිටිය යළි සකස් කරන්නට ක්‍රීඩා පිටියේ බලධාරීන්ට හැකියාව නොලැබීම හේතුවෙන්.
කෙසේ වෙතත් තණ තීරුව යළි සකස් කරන්නට ගුවහාටි ක්‍රීඩාංගන බලධාරීන් දැඩි වෙහෙසක් දැරූ අතර ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියා.
ඔවුන් තණ තීරුව වියළා ගැනීමට කොන්ඩා වේලන උපකරණ, වැකුම් යන්ත්‍ර සහ විදුලි ස්ත්‍රික්කද යොදා ගත් අතර එය මේ වන විට බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව තිබීම විශේෂත්වයක්. ඒ අතර සමාජ මාධ්‍ය තුළත් ඒ සම්බන්ධ නිර්මාණශීලී පෝස්ට් හුවමාරු වෙමින් පවතිනවා.
ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න....
