ඇය තමාගේ දරු දෙදෙනාගේ මරණයට පාර්ශව කිහිපයක් වග කිව යුතු බවයි එයින් වඩාත් අවධාරණය කරන්නේ.
ඉසබෙලා බෙනවිඩ්ස් නම් මෙම තරුණියගේ සැමියා නමින් ඩැනියෙල්. ඉසබෙලා තමන්ගේ පළමු දරු උපත සඳහා සුදානම්ව සිටි අතර ඇයට නිවුන් දරුවන් බිහිවන බව වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.
ඇය සඳහන් කළ ආකාරයට 2019 සැප්තැම්බර් 15 වන ඉරු දින ඇගේ අවාසනාවන්තම දවසයි. එදින වේදනාවක් දැනී ඇය රෝහල්ගත කළ විට රෝහලෙන් ඇයට ලැබී ඇත්තේ නොසැලකිලි බවක්. එනම් එම අවස්ථාවේ රෝහල අපිරිසිදුව තිබූ බවත්, ඇය විශේෂයෙන් සඳහන් කරනවා.
අනතුරුව ඇයව පරීක්ෂා කළ අවස්ථාවේ හෙදියක් විසින් වැරදි මෙවලමක් භාවිතා කළ බවද ඇය පවසනවා. එහිදී ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර යම් වරදක් සිදුව ඇති බව ඇයට වැටහී තිබෙනවා.
පළමු රෝහල් ගමනින් අනතුරුව එය එසේ නිමවුවත් ඉසබෙලාට අවාසනාව ගෙන එමින් පසුව ඇය හදිසියේ නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු බිහි කරන්නේ නිවසේ වැසිකිළියක් තුළයි.
මෙයින් කලබලයට පත් ඩැනියෙල් 911 අමතමින් (එරට පොලිස් හදිස් ඇමතුම් අංකය) උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා. එක් දරුවෙකු බිහි වූ අනතුරුව අනිත් දරුවා එළියට පැමිණ නැහැ. අනතුරුව රෝහල්ගත කළ පසු ඇය දෙවන දරුවා බිහි කර තිබෙනවා. එහෙත් ඒ වනවිටත් අවාසනාවන්ත ලෙස එම දරු පැටවුන් දෙදෙනාම ජිවතුන් අතර සිටියේ නැහැ.
හැඟීම් විරහිතව බලා සිටි ඉසබෙලා වේදනාවෙන් හඬමින් සිටියා. දරුවන්ගේ ප්‍රාණ නිරුද්ධ බව ඩැනියෙල් දැනගන්නෙ පසුවයි.
තමාගේ දරු පැටවුන් අවසන් ගමන් ගිය හේතුව, වෛද්‍යවරුන් බව නොහෙළා ප්‍රකාශ කරන ඇය එය පිළිකුල් සහගත වදන්වලින් පවසනවා.
"මම දන්නවා මගේ දරුවන්ගේ බිහිසුණු ප්‍රසූතයට හේතුව ඇයයි. මට ඇයව හපා කන්න හිත දුන්නා. ඇය මා දෙසවත් බැලුවේ නෑ. මේ සම්බන්ධයෙන් තමනුත් වැරදි බව ඇය සිතන්නට ඇති. මා සහ මගෙ දරුවන් නොසලකා හැරීම සම්බන්ධයෙන් ඇය වග කිව යුතුයි.."
"මගේ ළඳරුවන් නැතිවීම ගැන මට තිබුණු දුක මොහොතකින් මමත් මැරුණා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත්... ඩැනියෙල් මා ළඟ හිටියා. මට ඔහු වෙනුවෙන් නැවතී ඉන්න සිද්ධ වුණා.."
තම දරුවන්ගේ අවසන් කටයුතු සිදු කළ අනතුරුව ඇය ඉතාම සංවේදී සටහනක් සමාජ ජාලා වෙත මුදා හැර තිබුණා.
"අද මගේ දරුවන් මගේ අසලක නැහැ. මම හැම උදෑසනකම අවදි වෙන්නේ ඒ සියල්ල නරක සිහිනයක් වේවා යැයි පතමින්. මම රාත්‍රීයට ඔවුන්ගේ බ්ලැන්කට් පොරවාගෙන සිටින්නේ ඔවුන් මෙන් සුවඳ දැනෙන එකම දේ නිසයි. ජිවිතය සාධාරණ නැහැ. මම ඔවුන් භූමදාන කළ යුතු නැහැ. ඒත් මට සඳහටම ඔවුන්ව රඳවාගන්න බැහැ. ඔවුන් ජේසුස් වහන්සේ සමඟ විවේක ගත යුතුයි. මම දන්නවා, ඔවුන් අපිව බලාගෙන ඉන්නවා. මට එයාලා නැති පාළුව තදින්ම දැනෙනවා..."
"මම මගේ බඩේ ගෙන යන අතරතුර අම්මා සමඟ එතරම් ඉවසිලිවන්තව කටයුතු කිරීම ගැන මගේ ලස්සන ළඳරු දේවදූතයන්ට ස්තුතියි. අපට මෙතරම් ප්‍රීතියක් ලබාදීම වෙනුවෙනුත් ස්තුතියි. මගේ දියණියන් වීම හා මාව මතක් කිරීම ගැන ස්තුතියි. මගේ ආදරණීයයන්ට ස්වර්ගයේ ස්ථානයක් ඉතිරි කරන්න.."