Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
19
"එක ඇහැකින් ලෝකය දැකපු මම වයස අවුරුදු නවය වෙද්දි ඇස් දෙකම අන්ධ වෙලා අම්මගේ අත් වාරුවෙන් ගමට යන්න සිද්ධ වුණා..." - වී. හේමපාල පෙරේරා - Photos

- "එක ඇහැකින් ලෝකය දැකපු මම වයස අවුරුදු නවය වෙද්දි ඇස් දෙකම අන්ධ වෙලා අම්මගේ අත් වාරුවෙන් ගමට යන්න සිද්ධ වුණා..." - වී. හේමපාල පෙරේරා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"පත්තරේක ගිය ආටිකල් එකක් දැකලා එයා  මට කැමති වුණා.."

"මට මතකයි මගේ ඇඟේ තිබුණු තුවාල හැම එකක්ම කතුරකින් දොස්තරවරු කැපුවා.."

මේ දවස්වල, ඒ දවස්වල වගේම ඉදිරියටත් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ සංගීතයම තමයි. ටික කාලයකට උඩදී එළිමහන් ප්‍රසංග වගේම පටිගත කිරීම් තිබුණා. නමුත් මේ දවස්වල කාලය ටිකක් වෙනස්වීම නිසා ඒවා දැන් අඩුයි. ඒ නිසා දැන් මම ප්‍රධාන වශයෙන් සංගීතය උගන්වනවා. මගෙන් සංගීතය ඉගෙනගන්න බොහෝ දෙනෙක් ගෙදරට එනවා. කොහොමටත් උදේ අටේ ඉඳන් රෑ වෙනකම් වරින් වර මගෙන් සංගීතය ඉගෙනගන්න කට්ටිය ගෙදරට එනවා. ඒ අතරතුරේදී පොඩි විවේකයක් තියෙනවා. කොහොමටත් අපි උගන්වද්දි අපි ඉගෙනගන්න එකත් තව තව වැඩි වෙනවනේ.


ඔබේ ඇස් නොපෙනෙන්නේ කුඩා කාලයේදීමයි. ඒ කාලයට පෙර ඔබ අපූරු ළමා කාලයක් විඳපු, බදුල්ලේ සුන්දරත්වය අත්විඳපු ළමා කාලයක් ගෙවුණා. ඒ ළමා කාලය මතකද?

ඔව්.. ඔව්... හොඳට මතකයි. මගේ ගම බදුල්ලේ. පින්නරාව කියන ගමේ තමයි ඉපදුණේ. කොළඹ පාර, බදුල්ලට ඇතුළු වෙද්දි හමුවන දෙවැනි ගම තමයි පින්නරාව කියන්නේ. මගේ පවුලේ සහෝදරියන් තුන්දෙනයි, සහෝදරයන් දෙන්නයි මාත් එක්ක දරුවෝ හයදෙනෙක් හිටියා. මම පවුලේ බාලයා. මම ඉගෙනගත්තේ ගමේ කන්‍යාරාමයේ තිබුණු ප්‍රාථමික විද්‍යාලයකයි. ඒ කාලේ හෝඩිය පන්තියක් තිබුණා. ඒකේ අපිට අකුරු ඉගැන්වුවා. මට තාම මගේ හෝඩි පොත, ගල්ලෑල්ල, ගල්කූර හොඳට මතකේ තියෙනවා. දැන් කාලේ ළමයි වගේ අපි ඉස්කෝලෙ ගියේ වාහනවල නෙවේ.

කොච්චර දුර වුණත් පයින් තමයි ඉස්කෝලෙ ගියේ. ඔය යද්දි ගමේ තිබුණ කුඹුරු යායවල් මගේ මතකේ තියෙනවා. ඒවට වතුර ගලාගෙන යන ඇලවල්, කුඹුරු යායක් අවසානේ ගෙයක් වගේ මතකයන් තාම මගේ හිතේ තියෙනවා. අපි පාරේ යද්දි පාර පුරා යන මීහරක් රංචුවලට අක්කලා එක්ක එලෝ එලෝ ඉස්කෝලෙ ගියපු හැටි මට තාම මතකයි. ඔය යන අතරේ වැටවල්වල ඉදිරි තියෙන පුංචි ගෙඩි කඩලා අක්කලා මගේ කටේ තියෙනවා. කොහොමටත් මට ඉස්කෝලෙ යන්න ලැබුණේ අවුරුද්දයි. ඇස් පෙනිලා ගෙවුණු ඒ ළමා කාලය මට කවදාවත් අමතක නෑ.

අපි හිටපු ගෙදරට පිටිපස්සේ කුඹුරු යායක් තමයි තිබුණේ. ඉතින් අපි කුඹුරු හානවා බලන්න යනවා. අද කාලේ වගේ ඒ කාලේ ට්‍රැක්ටර් තිබුණේ නැහැ. සමහරදාට අපි අඳුරන අයගේ කුඹුරුවලට ගිහින් අපි කමතේ හදන බත කාලා තියෙනවා. ඒ වගේ හරිම රසවත් කාලයක් මට තිබුණා. මගේ ළමා කාලෙදී ලංකාවට රේඩියෝ ඇවිත් තිබුණේ නැහැ. ග්‍රැමෆෝන් තැටි යුගයේ අවසාන කාලයේදී තමයි මගේ පුංචි කාලය ගෙවුණේ. ඒ නිසා සින්දු අහන්නත් එහෙම ලේසියෙන් බැහැ. ඒත් අපි රෝද දාපු කරත්ත හදාගෙන අපි කැලේ දුවපු කාලයක් මට තිබුණා.

අවුරුදු පහක් ලෝකය දැකපු හේමපාල මාස්ටර්ගේ ඇස් එන්නත් නිසා අහිමි වුණා. ඒ අමිහිරි මතකය නැවත මතක් කළොත්?

ඔව්.. දැන්නම් ළමයින්ව ඉස්කෝලෙට ගන්නේ ප්‍රතිශක්තීකරණය විදලමනේ. ඉස්සර එච්චර ඉන්ජෙක්ෂන් තිබුණේ නැහැ. ඉස්කෝලේ අවුරුදු නිවාඩු දෙද්දි අපිට ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් තිබුණා. ඉතින් අපේ ඉස්කෝලෙටත් ඒ කට්ටිය ආවා. මගේ අක්කයි මායි දෙන්නම හිටියේ එක පන්තියේ. ඉතින් අක්කට ඒ එන්නත විද්දා. ටිකක් රිදුණා. අපි දෙන්නා ගෙදර ආවා. දෙන්නටම උණ ආවා. අක්කට උණ සනීප වුණා. හැබැයි මගේ ඇඟ පුරාම වෙරළු ගෙඩි ප්‍රමාණයේ ලොකු ගෙඩි දැම්මා.

මුළු ඇඟේම දාපු ඒ ගෙඩි පුදුමාකාර වේදනාවයි. නිවාඩු ඉවරවෙලා ඉස්කෝලෙ යන්න බැරි වුණා. මට තාම මතකයි ඉස්කෝලෙට ආයේ මම ඒවි කියලා පාසලේ විදුහල්පති මගේ නම අවුරුද්දක් යනතුරු පාසල් පොතේ තියාගෙන හිටියා. ඉතින් අම්මයි තාත්තායි මාව ඉස්පිරිතාලේ ගෙනිච්චා. මට එන්නත් විසි හතරක් දෙන්න වෛද්‍යවරුන් තීරණය කළා. මට මතකයි මගේ අඟේ තිබුණු තුවාල හැම එකක්ම කතුරකින් දොස්තරවරු කැපුවා. මට පුදුම වේදනාවක් දැනුණේ. ඉස්පිරිතාලේ දෙවනත් වෙන්න මම කෑගැහුවා. මට එන්නත් දොළහක් විතර ගහද්දි මගේ එක ඇහැකින් මස් දලු එන්න පටන්ගත්තා. පොඩ්ඩ පොඩ්ඩ ආපු ඒ මස් දලුවලින් මුළු ඇහැම වැහුණා. ඒ ඇහැට වෙදකම් කොච්චර කළාද? ඒත් ඒ ඇහෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා.

අවුරුදු හතරහමාරක් වෙද්දි දකුණු ඇහැ මාස්ටර්ට අහිමි වුණා. ජීවිතේ මොකද්දෝ සරදමකට ඔබේ වම් ඇසත් ටික කාලයකින් ඔබට අහිමි වුණා?

ඔව්. ටික ටික මගේ අනිත් ඇහැත් අන්ධ වෙන්න පටන්ගත්තා. ඒ කාලේ අද වගේ දියුණු නැහැනේ. ඒ කාලේ පොඩි දේට වුණත් ක්ලෝරෆෝම් අල්ලලා සිහිය නැති කරනවා. අද කාලෙ වගේ ඔපරේෂන් කරද්දි හිරිවට්ටන්නේ නැහැ. මගේ පොඩි වයසනේ. ක්ලෝරෆෝම් අල්ලලා ඔපරේෂන් තුනක් ඇස්වලට කරලා තියෙනවා. මගේ ඇස සනීප කරගන්න අම්මා තාත්තා නොකළ දෙයක් නැති තරම්. මම කොළඹ ඉස්පිරිතාලේ මාස ගාණක් නතර කරගෙන අම්මා බෙහෙත් කළා. ඒත් හරිගියේ නැහැ. අන්තිමේදී එක ඇහැකින් ලෝකය දැකපු මම වයස අවුරුදු නවය වෙද්දි ඇස් දෙකම අන්ධ වෙලා අම්මගේ අත් වාරුවෙන් ගමට යන්න සිද්ධ වුණා.

ඇස් දෙකම අන්ධ වුණු මාස්ටර් සංගීතයට නැඹුරු වුණේ කොහොමද?

ඒ කාලේ ලංකාවේ බොහෝම ප්‍රසිද්ධ හින්දි දුලාරි කියලා ෆිල්ම් එකක් පෙන්නුවා. ඒ ෆිල්ම් එකේ සොහානි රාත් සින්දුවට මම හරි ආසයි. මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් මවුත් ඕගන් එකකින් ඒ සින්දුව ගහනවා මම අහගෙන හිටියා. මටත් ඒක පිඹින්න ආසාවක් ආවා. මම මවුත් ඕගන් එක දැකලා තිබුණෙත් නැහැ. හැබැයි ඒක මට චුට්ටක් පිඹින්නවත් ඒ අයියා දුන්නේ නැහැ. මගේ කෙළ ගෑවෙයි කියලා එයා මගේ අතට දීලා චුට්ටක් අතගාන්න දුන්නට පිඹින්න දුන්නේ නැහැ. මට හරි දුකයි. මේක දැනගත්ත මගේ අම්මා මට මවුත් ඕගන් එකක් අරගෙන දුන්නා. ඒක මගේ සැරයටිය වගේ මම අතේම තියාගෙන හිටියා. මම ඉස්පිරිතාලේ ගිහින් නිදාගත්තෙත් ඒක අතේ තියාගෙනමයි. කොහොමහරි ටික දවසකින් ඒකෙන් සින්දුවක් දෙකක් වාදනය කරන්න මම ඉගෙනගත්තා. ගෙදර මගේ සහෝදර සහෝදරියෝ හැමෝම ඉස්කෝලෙ යද්දි මම අම්මා එක්ක ගෙදර නැවතුණා. මගේ තනියට හිටියේ ඔය මවුත්ඕගන් එකයි.

මාස්ටර් ජපන් මැන්ඩලීනය පුරුදු වුණේ කොහොමද?

ගෙදර කාමරේ ඇඳේ ඉඳිද්දි මගේ තව අයියා කෙනෙක් ජපන් මැන්ඩලීනයක් අරගෙන අපේ ගෙදර ඇවිත් විකුණනවා කියලා කිව්වා. ඉතින් අම්මා රුපියල් දෙකක් දීලා සල්ලිවලට ගත්තු ජපන් මැන්ඩලීනය අරගෙන මට දුන්නා. ටික කාලයක් යද්දි ඒකෙන් සින්දුවක් අහගෙන ඉඳලා ඒක වාදනය කරන්න පුළුවන් වුණා.

සංගීතයට තිබුණු කැමැත්ත නිසාම මාස්ටර්ගේ පියා ගෙදරට සංගීත ගුරුවරයෙක් ගෙනාවා නේද?

ඔව්. ජේ. එම්. අමරනාත් සර් තමයි මට සංගීතය ඉගැන්වුවේ. ඒ සර් උදේ ඉඳන් හවස් වෙනකම් මට සංගීතය ඉගැන්වුවා. හැබැයි ඊට කලින් මගේ තාත්තා මගේ සංගීතයට ගොඩක් උදව් කරපු සිදුවීමක් තිබුණා. මම අන්ධ වෙලා ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉඳිද්දි බදුල්ලේ හිටපු සංගීත කණ්ඩායමක් හැම මාසයකටම ගෙදරට ගෙනල්ලා උදේ ඉඳන් හවස් වෙනකල් පොඩි සංගීත ප්‍රසංගයක් මට ඇහෙන්න කරන්න තාත්තා පොඩි වැඩසටහනක් කළා. ඒ වෙනුවෙන් තාත්තා එයාලට මුදලක් දුන්නා. ඒ දවසේ කන්න බොන්න දුන්නා. මට ඇහෙන්න විතරයි ඒ අවස්ථාව මට දුන්නේ. ඊට පස්සේ තමයි ජේ. එම්. අමරනාත් ගුරුතුමා අපේ ගෙදරට ගෙන්නුවේ. අමරනාත් ගුරුතුමා සල්ලිවලට සංගීතය විකුණුවේ නැහැ. මාව ළඟින් තියාගෙන මට සංගීතය ඉගැන්වුවා. ඇස් නොපෙනුණ මට තබ්ලාව, බටනලාව, වයලීනය හැමදේම කියලා දුන්නා. උදේ අටහමාරට එන ගුරුතුමා මාව ළඟින් තියාගෙන රෑ දහය වෙනකල් ඉගැන්වුවා. මට ස්වර කඩපාඩම් කෙරෙව්වා. අදටත් මම සින්දුවක් අහලා ඒක මතකේ තියාගෙන තමයි වාදනය කරන්නේ.

ඔය අතරේ මාස්ටර් හින්දි චිත්‍රපට අහන්න පවා ගියා කියලයි ආරංචිය?

ඔව්. පිච්චර් හෝල්වල හොඳ හින්දි ෆිල්ම් එකක් ආවහම ගුරුතුමා තාත්තාට කියලා මාවත් ඒක බලන්න එක්කගෙන යනවා. කතාව දන්න දන්න විදිහට ගුරුතුමා මට කියලා දෙනවා. ගුරුතුමා මගේ වැඩි අවධානය යොමු කරවන්නේ ඒ චිත්‍රපටවල පසුබිම් සංගීතයට. එහෙමත් නැත්නම් ගීතවලටයි. ඒ වගේ බොහෝම රසවත් අධ්‍යාපනයක් ඒ ගුරුතුමා මට ලබලා දුන්නා. සමහරදාට ගෙදර මිදුලේ මාව වාඩිකරවලා බටනලාව හරි වයලීනය අතට දීලා ගුරුතුමා මට ඇහෙන්න පොඩි කතාවක් කියනවා. ගුරුතුමා ඒ කතාව කියවද්දි ඒ සිද්ධියට අදාළ සංගීතය මට ලබලා දෙන්න කියලා තමයි කියන්නේ. කතාවේ සංවේදී තැනකදී සංගීතය සපයන්නේ කොහොමද? සතුටු තැනකදී සංගීතය සපයන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ මගේ ගුරුතුමාගෙන්. මම වයපු සමහර තාල ගැලපුණේ නැහැ. අපි ආයෙත් බලමුකෝ ගැලපෙන්නේ නෑ කියලා ගුරුතුමා මාව තව තවත් උනන්දු කළා.

ජීවිතේ බොහෝ අභියෝග ජයගත්තු හේමපාල මාස්ටර්ගේ ජීවිතේට හරි අපූරු තැනැත්තියක් ද මුණුගැහුණා. මාස්ටර්ගේ ජීවිතයට ලොකු ශක්තියක් වුණා. ඒ මුණගැසීම ගැනත් අපි කතා කරමුද?

ඔව්. පුංචි කාලේ ඉඳන් මගේ හයිය වුණේ මගේ අම්මා. මාව කවදාවත් අම්මා තනි කළේ නැහැ. කොළඹ නගරය පුරා මාව අරගෙන ඇවිද්දේ, දොස්තරවරුන්ට මාව පෙන්වන්න එක්කගෙන ගියේ මගේ අම්මා. ඒ වගේම තාත්තාත් මට ලොකු හයියක් වුණා. ගුවන් විදුලි සංස්ථාවට විශිෂ්ඨ ශ්‍රේණිය වයලින් වාදකයෙක් විදිහට තේරුණාට පස්සේ බදුල්ලේ ඉඳන් බස් එකේ, කෝච්චියේ මම කීපාරක් කොළඹට එන්න ඇත්ද? සමහර සතිවල තුන් පාරක් විතර මම කොළඹ එන්න ඇති. 1969 අවුරුද්දේ තමයි මම ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වුණේ. ඔය අතරේ තමයි මගේ පත්තරේ පළවුණු ආටිකල් එකක් දැකලා ඇය මට කැමති වුණේ.

බිරිඳගේ නම කුසුමා පෙරේරා. 1976 අවුරුද්දේ තමයි අපි විවාහ වුණේ. අපිට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. පුතා දැන් විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ. දුවත් විවාහකයි. දරුවන්ගෙන් අපිට කිසිම කරදරයක් නැහැ. ඒ දරුවෝ හොඳට ඉගෙනගත්තා. මගේ බිරිඳ හරි උත්සාහවන්ත කාන්තාවක්. මගේ ජීවිතේට ඇය ලොකු ශක්තියක් වුණා. මම දවසේ කොයි මොහොතකදීවත් සංගීතයෙන් බැහැර වෙන්නේ නැහැ. නිදා ගන්න යන්නෙත් සංගීතය අහලම තමයි. සංගීතයෙන් ලබන අධ්‍යාත්මික තෘප්තියට මිලක් නැහැ. මේ සංගීතය හරහා මනස හොඳට සමාධිගත වෙනවා. මනසේ තියෙන අවුල් වියවුල් සමනය වෙනවා. ඇස් නොපෙනෙනා මට ලෝකය පෙන්නුවේ සංගීතයයි.
 
දිශානි ජයමාලී
දේශය




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top