අපි මේ කතා කරන්න යන්නෙ එයා ගැන හැදුණු කට කතාවක් ගැන. ෂෙරිල් ෆීල්ඞ් එකට ඇවිත් වැඩි කාලයක් නෑ... හැබැයි එයාට ඇති පදමට කට කතා නම් හැදුනා... ඒ මොකද, ඒවා ඇත්ත ද අහන්න අපි ෂෙරිල්ට කතා කළා.
ෂෙරිල් මේනකත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන කියලා කතාවක් මේ දවස්වල පැතිරිලා යන හින්දා අපි මුලින්ම ඇහුවේ ඒ ගැන. ෂෙරිල් ඒ කට කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මේනක එක්ක ප්‍රේම සම්බන්ධයක් තියා සාමාන්‍ය හිතවත්කමක්වත් නෑලූ. ෂෙරිල් කියන්නේ මේ කට කතාව ගැන ඉස්සෙල්ලම දැන ගත්ත දවසෙ එයා කිව්වේ ‘‘ ඒ කොල්ලා එක්ක මම හරියට කතා කරලාවත් නැහැනේ’’ කියලලූ.
ඒක එහෙමයි කියමුකෝ. මීට කලින් ෂෙරිල් චීලි එක්ක යාලූයි කියලත් කතාවක් තිබුණා. ඒ හින්දා අපි ඒ ගැනත් ඇහුවා. ෂෙරිල් ඒ කතාවත් ප්‍රතික්ෂේප කළා. හැබැයි ෂෙරිල් චිලී ගැන කිව්වෙ නම් ටිකක් අමුතු කතාවක්.
එයා එක්ක කරපු සම්පූර්ණ කතාබහ මෙතනින් අහල බලන්න..