Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
23
නිරන්තරයෙන්ම ලිංගික සම්බන්දතා පවත්වන අය අතර වඩාත් සුලබ රෝග ගැන ඔබත් දැනගන්න

- නිරන්තරයෙන්ම ලිංගික සම්බන්දතා පවත්වන අය අතර වඩාත් සුලබ රෝග ගැන ඔබත් දැනගන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
තරුණ කාන්තාවන් අතර සුලබතම හේතුව බැක්ටීරියල් වැජිනොසිස් නමැති යෝනි මාර්ගයේ ඇතිවන ආසාදිත තත්වයයි. එත් සමගම කැන්ඩිඩා වැනි දිලිර අසාදන වගේම ලිංගාශ්‍රිත රෝග ත් සුලභව දක්නට ලැබෙනවා. ඉතාමත්කලාතුරකින් ගැබ් ගෙලේ ඇතිවන එක්ට්‍රොපියන් සහ පිළිකා ත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු වේ. මේ ඒ ගැනයි

බැක්ටීරියල් වැජිනෝසිස්
මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් පවතින බැක්ටීරියා වර්ග අතර අසමතුලිතතාවයක් ඇතිවීඅහිතකර බැක්ටීරියා ගහනය වැඩිවීම හේතුවෙන් යෝනි තරලයේ රසායනය වෙනස් වීම නිසයි.

මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.එහෙත් ලිංගික සම්බන්දතා පවත්වන අය අතර වඩාත් සුලබය.

එහෙත්ලිංගික සම්බන්ධතා කිසිදා නොපැවැත්වූ කාන්තාවන්ද, සමලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් ඇතුළු ඕනෑම කාන්තාවකටද මෙම තත්ත්වය වැළඳිය හැකිය.

මෙය ගර්භණී කාන්තාවන් අතර ද වැඩි වශයෙන් පවතියි

අලුත් ලිංගික සහකරුවකු සිටීම හෝ ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සිටීම, යෝනි මාර්ගය ඇතුලත සේදීම ( ආසේක කිරීම/ Douching ) හෝ යෝනි සේදුම් ( Vaginal Wash ) හා ඩියොඩරන්ට් වර්ග භාවිතාව, දුම් පානය කිරීම සහ මුඛ ලිංගික සංසර්ගය ( යෝනි විවරය මුවින් උත්තේජනය කිරීම ) මෙය සැදීමට ඇති අවදානම වැඩිකරයි.
මෙහිදී අසාමාන්‍ය යෝනි ශ්‍රාවයක් ඇතිවේ.

ශ්‍රාවය දුගඳක් සහිත විය හැකි අතර අය සාමාන්‍ය ව්‍යවහාරයේදී "මාලු පිළී" ගඳ ලෙසින් හඳුනාගත හැක.මෙම තත්ත්වය ලිංගික සංසර්ගයෙන් පසු තවත් උත්සන්න වේ.
එය තුනී ශ්‍රාවයක් වන අතර සුදු හෝ ලා අළු පැහැය ගනියි.

ප්‍රතිජිවක ඖෂධ මගින් සුව කල හැක.
 
කැන්ඩිඩා හෙවත්උල්ලෝගම්
කැන්ඩිඩා ආසාදනය යනු කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ "කැන්ඩිඩා" නැමති ඊස්ට්දිලීරයකින් හට ගන්නා ඉතා සුලබ තත්ත්වයකි.
මෙම තත්ත්වය ලිංගික සංසර්ගයකදී බෝවිය හැකි නමුත් එය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හඳුන්වන්නේ නැත.
මෙහිදී කිරි මෙන් ඉතා උකු, කැදළි සහිත යෝනි ශ්‍රාවයක් පිටවීම සිදුවිය හැක.තවද යෝනි විවරය, යෝනි මාර්ගය සහ ගුද මාර්ගය වටාකැසීම, දැවිල්ල, ඉරි තැලීම සහ රතුවීම ඇතිවේ.
 
ලිංගාශ්‍රිත රෝග
ගැබ් ගෙලේ ප්‍රදාහය ඇති කරන ගොනොරියාව සහ ක්ලැමිඩියා වැනි බැක්ටීරියා රෝග, ට්‍රයිකොමෝනොසියාව වැනිප්‍රෝටසෝවා ආසාදන සුලබ වඅසාමාන්‍ය යෝනි ශ්‍රාව ඇතිකරයි.මිට අමතරව ශ්‍රෝණි ප්‍රදාහය ,ලිංගික ඉන්නන් සහ ලිංගික හර්පීස් දදායක විය හැක.
 
ලිංගාශ්‍රිත රෝග අවදානමතියෙන්නේ කාටද?
සමාජයේ සිටින ලිංගිකව සක්‍රිය සියලු දෙනාටම.
බොහෝමයක් මේ රෝගීන්ට තමාගේ සහකරුගෙන් මේ රෝග සෑදී ඇත.
 
ගොනොරියාව, සහ ක්ලැමිඩියා වැනි බැක්ටීරියා රෝග සහට්‍රයිකොමෝනොසියාවේ ලක්ෂණ
කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍යශ්‍රාවයක් පිටවීම, මුත්‍රා දැවිල්ල, සහ යටි බඩෙහි කැක්කුම මුත්‍රා දැවිල්ල,වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් කාන්තාවන්ගේ ගර්භාශය හා පැලෝපීය නාල ඔස්සේබැක්ටීරියා වර්ධනය වීපැලෝපීය නාලවල අවහිරතා ඇතිවේ.එමගින් ගර්භාශයට පිටත සිදුවන දරු පිළිසිඳ ගැනීම්( එක්ටොපික් ) සහ වඳ භාවයට පත්වීම සිදුවිය හැක.
 
ශ්‍රෝණි ප්‍රදාහයේ රෝග ලක්ෂණ රෝග ලක්ෂණ
ශ්‍රෝණි ප්‍රදාහයේ රෝග ලක්ෂණ අනුවඑමතත්ත්වය හඳුනා ගැනීම එක්වරම අපහසු විය හැක.එහෙත් පහත ලක්ෂණ එහි අනතුරු හඟවන ලක්ෂණ වේ.
උදරයේ පහළ කොටසේ වේදනාව
ලිංගික සංසර්ගයේදී ඇතුලතින් ගැඹුරු ලෙස දැනෙන අපහසුතාව හා වේදනාව
ඔසප්වීම් දෙකක් අතර කාලයේදී හා ලිංගික සංසර්ගයෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
විශේෂයෙන් කහ හෝ කොළ පැහැයට හුරු අසාමාන්‍යය යෝනි ශ්‍රාවයක් ඇතිවීම
 
උණ සහ වමනය
ඉහතලිංගාශ්‍රිත රෝග පරික්ෂා කරනිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැක.
ඒනමුත් ප්‍රතිකාර නොගැනීම මගින්
1.මෙම රෝග ප්‍රජනක පද්ධතිය පුරා පැතිරීම,මඳසරු බව හා වෙනත් දරු උපත් හා ආශ්‍රිත සංකූලතා,පිළිකා වැනි සංකූලතා
2.මෙම රෝග ලිංගික සහකරුවන්ට පැතිරී යාම
3.ගර්භනී අවස්ථාවේ දී මවගෙන් දරුවාට පැතිරීම
වැනි සංකුලතා ඇතිවිය හැක.
 
ගැබ් ගෙල පිළිකා
ශ්‍රී ලංකා වේ කාන්තාවන් අතර දෙවැනියට සුලබම පිළිකාව මෙයයි. ඉතා දුඟද ඇති යෝනි ශ්‍රාවයක් වශයෙන් පැමිණිය හැක.ගැබ්ගෙල(පැප්) පරික්ෂා ව මගින් මෙය කලින් හඳුනා ගත හැක.
 
මේ රෝග වලට ප්‍රතිකාර ගන්නේ කොහොමද?
රජයේලිංගාශ්‍රිත රෝග සායනයක ටඔබ පැමිණීමෙන් පරික්ෂා කරගෙන ප්‍රතිකාර නොමිලේ ලබාගත හැකියි. එයට කිසිදු යොමු කිරීමක් අවශ්‍ය නැ. ඕනෑම සතියේ දිනක 8-4 අතර හෝසෙනෙසුරදා උදේ පැමිණිය හැකියි. සැම දිස්ත්‍රික්කයකම සායන ඇත. ඔබේ තොරතුරු වල රහසිගත බව රැකේ.
රජයේ රෝහලකදී නම් බාහිර රෝගී අංශය හරහා ප්‍රසව හා නාරි වේද සායනයකට යොමු වීම කළ හැකි යි.
පුද්ගලික අංශයේ දී නම් ප්‍රසව හා නාරි වේද හෝ ලිංගාශ්‍රිත රෝග හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසීම සුදුසු යි.
 
ලිංගික ප්‍රදේශය පිරිසිදුකරන්නේ කොහොමද?
යෝනි මාර්ගයේ සම ඉතා සංවේදීය. සැර සබන් වර්ග කිසිසේත් බාවිතා නොකළ යුතුය.
ලිංගික සම්බන්දතාවයකින් පසුව වුවත් යෝනි මාර්ගය ඇතුලත සේදීම ( ආසේක කිරීම/ Douching ) නොකළ යුතුය.
මුත්‍රා කිරීමෙන් පසු ජලයෙන් සෝදා වියලි ව තබාගන්න.
කිසිවිටෙක විශ්බිජනාශක දියර දාන්න එපා.
 
අනෙකුත් වැදගත් කරුණු...
    වගකීමෙන් යුතු ලිංගික හැසිරීම්.
    අනාරක්ෂිත ලිංගික සම්බන්දතා තිබුන නම් රෝග පරික්ෂාවක් කරගන්න. බොහොමයක් රෝග මුල් අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
    පිරිසිදු කපු යට ඇඳුම් භාවිතය.
    යට ඇඳුම් හොදින් සෝදා තද අව්වේ වේලාගන්න.
    ඉතා තද යට ඇඳුම් භාවිතයෙන් වැලකීම.
 
ලිංගික සෞඛ්‍ය පිලිබඳවිශේෂඥයෙක් වන වෛද්‍ය ඉරේෂ් ජයවීර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top