මීට සති කීපයකට ඉහතදී තම පෙම්වතියට පිහියෙන් ඇන ඇයව ඝාතනය කල පෙම්වතෙක් පිළිබඳව පුවතක් අපට අසන්නට ලැබුණා. ඒ ඔවුන්ගේ පෙම් සම්බන්ධතාවයේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් නිසාබවයි වාර්තාවුනේ. ඒ ආකාරයට තම පෙම්වතියට පොල්ලෙන් ගසා මැරූ තවත් පෙම්වතෙක් පිළිබඳව පුවතක් අපවෙත වාර්තා වෙනවා.
හංවැල්ල - ඇල්ල කන්ද - වැලිකන්න ප්‍රදේශයේ පදිංචිව සිටි අදාලා පෙම්වතා, තමා සමඟ විවාහ වීමට සිටි 18 හැවිරිදි තරුණියක් යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බවට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඇයව ඝාතනය කිරීමෙන් පසුව, තරුණිය ගෙළ වැළලාගෙන මියගිය බවට පොලිසිය වෙත එම තරුණයා විසින් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ක පුද්ගලයෙකු වන අතර ඔහු මෙම තරුණිය සමඟ විවාහ වීමට සිටි බව ද සඳහන්.
එමෙන්ම ඔවුන් විවාහ වීමේ අපේක්ෂාවෙන් අඹු - සැමියන් ලෙසද ජීවත් වී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා. කෙසේ නමුත් මේ වන විට තරුණියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට සැක පළවීම හේතුවෙන් අදාළ තරුණයා පොලිස් භාරයට ගෙන තිබෙනවා. තරුණියගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.