පසුගිය කාලය පුරාම දිවයිනේ නන්දෙසින් ගණිකා නිවාස වැටලීම් පිළිබඳව වාර්තා විය. මේවා බොහොමයක් පවත්වාගෙන ගොස් තිබුණේ සම්භාහන මධ්‍යස්ථානයන් මුවාවෙන්ය. ඒ ආකාරයේ තවත් ගණිකා නිවාසයක් වැටලීම් පිළිබඳව අපට වාර්තා වේ. ඒ අනුරාධපුර ප්‍රදේශයෙනුයි.
මෙලෙස ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා එහි කළමනාකාරවරිය සහ එම ස්ථානයේ සේවය කළ තරුණියක අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දුෂණ මර්දන අංශය සහ කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් පසුගියදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර මූලස්ථාන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් උපාය දූතයකු යොදවා අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලය ආසන්නයේ 3 වන පියවර, සමාධි ක්‍රීඩාංගණය ආසන්නයේ පවත්වාගෙන ගිය මෙම ආයතනය වටලා තිබේ.
අදාල ආයතනය ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගියත් එහි කිසිදු ලියාපදිංචි බලපත්‍රයක් හෝ වෛද්‍යවරයකු සේවයේ නොසිටි බව වැටලීම සිදු කළ පොලීසිය පවසයි. දහවල් කාලයට කාන්තාවන් විශාල පිරිසක් මෙම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදෙන බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.