Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
29
ලාබාල වයසේදීම රණතුංග සමඟ පවුල් කෑ සබීතාගේ අනියම් සැපත නිසා වෙච්ච නස්පැත්තිය

- ලාබාල වයසේදීම රණතුංග සමඟ පවුල් කෑ සබීතාගේ අනියම් සැපත නිසා වෙච්ච නස්පැත්තියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මම ඕන එකෙක් එක්ක රවුම් ගහනවා තමයි...
මගේ පවුලව බයිසිකල්කාරයෙක් හප්පගෙන ගියා...
සර්.. මේ මිනිහා තමයි පිහියෙන් ඇන්නේ...

සබීතා මධුෂාන්ති බිබිල මැදගම පදිංචිකාරියකි. ඇය මැදගම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු සමග දීග ගියේ වයස අවුරුදු 17 සපිරෙද්දීය.

ඒ විවාහයෙන් ඇය දරුවෙකු ලැබුවාය. එහෙත් ඒ දීගේ වැඩිකලක් නොතිබිණි. කසාද සැමියාගෙන් ඇය වෙන්වූයේ ගතිගුණ ඉවසා සිටිය නොහැකි තැනය.


එහි ප්‍රතිඵලයක් වූයේ මැදගම ගමේම පදිංචි රණතුංග සමග ඇය අලුත් සම්බන්ධයකට මුල පිරීමය.

සිය දරුවා හා සැමියා අතහැර දැමූ ඇය රණතුංග සමග පවුල්කෑවද ඒ නීත්‍යානුකූල කසාදයක් නොවීය.

වසර පහක් පමණ මෙසේ ගතවිය.

රණතුංගට දාව ඇයට දරුවන් ලැබුණේ නැතත් අවසානයේ මීට මාසයකට පමණ පෙර ඇය නීත්‍යානුකූලව රණතුංග සමග විවාහයට එළැඹුණාය.

කල්යාමේදී ඇයට රණතුංගද එපා වූවාය. ඒ ඔහුගේ බේබදුකම නිසාය.

රණතුංගගේ ක්‍රියාකලාපය නොරිස්සූ ඇය ඔහුවද අතහැර දමා කොළඹට ආවේ ගාමන්ට් රස්සාවක් සොයාගෙනය.

සබීතාගේ සොහොයුරියක් කිරිබත්ගොඩ පදිංචිව සිටියාය.

ඇය රණතුංග සමග ජීවත්වෙද්දී මේ සොහොයුරියගේ නිවසටද ඔහු සමග ආවා ගියාය.

කිරිබත්ගොඩ අක්කාගේ ගෙදරට පැමිණි ඇය එහි සිට ගාමන්ට් රස්සාවට ගියාය.

සබීතා තමාගෙන් වෙන්වී යාම රණතුංගට ඉවසුම් නොදෙන්නක් විය.

ඔහු ඇය සොයන්නට උත්සහ කළේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ තම බිරිය වෙනත් තරුණයෙකු සමග මෝටර් සයිකලයක නැග යන අයුරුය.

කෙසේ හෝ ඇය මුණගැසී මෙහි ඇත්ත නැත්ත දැනගැනීමේ අදහසින් ඔහු කිරිබත්ගොඩ ඇගේ සොහොයුරියගේ නිවෙසට ගියේය.

සබීතා එනතුරු ඔහු ගෙදරට වී සිටියේය.

ඔව්. මම මට ඕන කෙනෙක් එක්ක රවුම් ගහනවා තමයි. තමුසෙට ඒක ප්‍රශ්නයක්ද..?

සොහොයුරියගේ ගෙදරට පැමිණි සබිතා සිය සැමියා වූ රණතුංගගේ ඇගට කඩා පනිමින් කියන්නට වූවාය.

එහෙම කියන්න එපා.. අපි යමු ගමේ. රණතුංග සබීතා ඉදිරියේ බැගෑපත් වුවද ඇය ඔහු සමග නැවත දීග කන්නට කැමැත්තක් පලකළේ නැත. 

සබීතා සමග ආරවුලක් ඇති කරගත් රණතුංග ඇය අත තිබූ ජංගම දුරකථනයත් ඇගේ හැදුනුම්පතත් උදුරාගෙන යන්නට ගියේය.

ජංගම දුරකථනය හා හැදුනුම්පත උදුරාගෙන ගිය දින ඇය මැදගම පොලිසියේ රණතුංගට එරෙහිව පැමිණිල්ලක් දැම්මාය.

ඒ අතරතුර සබීතාගේ ජංගම දුරකථනය පැහැරගෙන ගිය රණතුංග එය ක්‍රියාත්මක කොට ඇයගේ ජංගම දුරකථනයේ තිබු අංක පිරිස්සුවේය.

එහි වැඩිපුරම සටහන් වී ඇති අංකය සොයාගත් එහු ඊට ඇමතුමක් දුන්නේය.

ඔයා කවුද..? මම අසංග.

ඔයාද සබීතා එක්ක යාළුවෙලා ඉන්නේ..?

සියල්ල අසා දැනගත් රණතුංග අසංගට ඇත්තම කීවේය.

මල්ලි සබීතා කියන්නේ මගේ කසාද පවුල. ඔයා ඔහොම කරන එක වැරදියි.

ඔයාට පුළුවන්නම් අපි දෙන්නව ආයෙත් එකතු කරලා දෙන්න.

අනේ අයියේ මම ඔය වගක් දන්නේ නැහැ. එයා මට කියලා තිබුණේ එයා කසාද බැදලා නැහැ කියලයි.

හරි මම එයාට කතා කරලා ඔය ප්‍රශ්නේ විසඳලා දෙන්නම්.

අසංග රණතුංගට පොරොන්දු විය. අසංග මේ බව සබීතාගෙන් විමසුවේය.

ඇය අන්තිමේදී අසංගට ඇත්තම කීවාය.

ඒ අතරතුර රණතුංග නිතර නිතර අසංගට දුරකථනයෙන් කතාකොට සබීතා යළි ඔහුට මිත්‍ර කරදෙන ලෙස කීවාය.

අනේ මල්ලි ඔයාට පිං සිද්ධ වෙනවා මට උදව් කරන්න.

හරි අයියේ මම උත්සහ කරලා එයාට කියලා බලන්නම්.

අසංග රණතුංගට පොරොන්දු විය.

සබීතාටද දුරකථනයෙන් කතාකොට මේ බව කීවද අසංග හැරදමා යන්නට සබීතා කැමති නොවීය.

මේ අතර සබීතා දැමූ පැමිණිල්ල විභාග කිරීම පසුගිය මස 29 වැනිදා සිදුවිය.

සබීතා මෙන්ම රණතුංගද එදා පොලිසියට ආවේය.

පැමිණිල්ල විභාග කෙරිණි. රණතුංගට අවශ්‍ය වූයේ සබීතා සමග යළි එක්වීමටය.

එහෙත් රණතුංග ඇයගෙන් උදුරාගත් හැඳුනුම්පතත් දුරකථනයත් එදින රැගෙන ආවේ නැත.

ඒ නිසා ඒවා රැගෙන එන ලෙස පොලිස් නිලධාරීන් ඔහුට කීවේය.

පසුදින එය රැගෙන එන ලෙස රණතුංග පොරොන්දු විය.

දෙදෙනාම පොලිසියෙන් පිටව ගියාය.

පොලිසියෙන් පිටවූ සබීතා සිය පෙම්වතා වූ අසංගට ඇමතුමක් ගත්තාය.

ඔයා කොහේද ඉන්නේ.. පොලිසියේ වැඩේ ඉවරයි. මට කොළඹ යන්න ඕනි.

සබීතා අසංග අමතමින් කීවාය.

හරි ඔයා තණමල්විලට එන්න. මම බයික් එක අරන් එතැනට එන්නම්.

පොරොන්දු වූ පරිදි අසංග තණමල්විලට ආවේ සබීතා රැගෙන කොළඹ යාම සඳහාය. 

ඒ අතරතුර රණතුංග අසංගට දුරකථන ඇමතුමක් දෙමින් කොහේද මල්ලි ඉන්නේ..? යැයි විමසුවේ ඔහු නැවත සබීතා දැකගැනීමට ඇති ආශාව නිසාය.

අපි තණමල්විල ඉන්නේ. දැන් කඩේක තේ බොනවා. ඔයාට පුළුවන්නම් එන්න.

අසංග කීවේය. ඒ අනුව රණතුංගද තණමල්විලට පැමිණියේය. මේ කවුද..?

රණතුංග සබීතාගෙන් විමසුවේ අසංග නොදන්නා අයෙකු මෙන්ය.

මේ කවුරු වුණත් ඔයාට මොකද මෙයා මගේ යාළුවෙක්. සබීතා කීවාය.

රණතුංග යළි ඇය ඉදිරියේ බැගෑපත් වෙමින් ඇයට ඔහු සමග යන්නට කතා කළේය. ඒත් ඇය ඊට කැමැත්තක් දැක්වූයේ නැත. හරි එහෙම නම් ඔයාට මාව එපානේ..

මම යන්නම්. රණතුංග එලෙස ඇගෙන් සමුගත්තේ හිත හොදකින් නොවන බව අසංගට වැටහුණේය. සබීතා අසංග සමග යතුරු පැදියේ නැගී යන්නට විය.

තණමල්විල කඩයකට ගිය රණතුංග රුපියල් 150 ක්දී මුවහත් පිහියක්ද මිලදී ගෙන එයද ඉනේ සඟවාගෙන කොළඹ යන බසයකට ගොඩවිය.
බසය තුලදීත් ඔහුගේ මතකයට ආවේ සබීතාය.

ඇය තමාට පිටුපෑ අයුරු ඔහුගේ හිත තුල මැවි මැවී පෙනෙන්නට විය.

කල්පනා ලොවක සිටි රණතුංගගේ දෙනෙත් එකවරම ඇදී ගියේ බසය පසුකරගෙන ගිය මෝටර් සයිකලයක් වෙතය. එහිවූයේ අසංගත් සබීතාත්ය. ඔහුට යළි සබීතා සමග කතා කිරීමට අවශ්‍යතාවයක් ඇතිවිය.

ඔහු බසයෙන් බැස්සේය. මෝටර් සයිකලය තමා ඉදිරියට එනතෙක් අතරමග රැදුනේය. අසංග මෝටර් සයිකලයෙන් ඉදිරියට එද්දී ඔහු අතදමා බසියිකලය නතරකරගත්තේය.

ඇයි අයියේ..? අසංග රණතුංගගෙන් විමසුවේය.

මට සුදුත් එක්ක කතා කරන්න ඕනා. සබීතාට ගෙදරට කියන්නේ සුදූ කියාය.

මට ඔයත් එක්ක කතාවක් නැහැ. මට කරදර කරන්න එපා.

සබීතාගේ ඒ වචන ඔහුට රිස්සුවේ නැත. එයින් උරණ වූ ඔහු සඟවාගෙන සිටි පිහිය රැගෙන සබීතාට එක වරක් ඇන්නේය.

සබීතා මරලතෝනි දුන්නාය.

ඒ සමග බියවූ අසංග බයිසිකලය ඉදිරියට ගන්නට උත්සහ කරද්දි දෙවන පිහිපහරද එල්ලවිය.

එම පහරින් සබීතා බිම ඇදවැටුණේය.

ඒ සමග තවත් පිහි පහරක් එල්ලවිය. අසංග සබීතාද දමා පැනගියේ එතැන සිටියොත් තමාටද මැරැම් කන්නට වන බව සිතමින්ය.

ලේ පෙරාගෙන බිම වැටුණු සබීතා තුරුළු කරගත් රණතුංග හඩන්නට විය. ඒ සමග අහල පහළ පිරිස එතැනට රැස්විය.

ඇයි මොකද වුණේ..? 

මේ මගේ පවුල. බසියිකල්කාරයෙක් එයාව හප්පගෙන ගියා.

හරි අපි ඉස්පිරිතාලෙට යමු. පිරිස සබීතාද රණතුංගද ත්‍රීවීලයක දමාගෙන රෝහලට රැගෙන ගියහ.

ඒ අතරතුර එතැනින් පලාගිය අසංග පාරේ සිටින තරුණ පිරිසකට සිද්ධිය කීවේය.

එවුන් සමග සිද්ධිය වූ තැනට පැමිණියද සබීතා එතැන නොවීය.

ආ.. ඒ ළමයා ඉස්පිරිතාලෙට අරන් ගියා. එතැන සිටි අයෙකු අසංගට කීවේය.

ඒ වනවිට උඩවලව පොලිසියටද මෙම සිද්ධිය සැලවී තිබිණි.

අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රෝහලට පැමිණ පරීක්ෂණ අරඹන්නට විය.

සබීතා ඒවනවිටත් මෙලොව හැරගොස්ය.

රෝහලට පැමිණි අසංග දුටුවේ සබීතා අසල රණතුංග සිටින බවය.

සර් මේ මිනිහා තමයි මෙයාට පිහියෙන් ඇන්නේ.

රණතුංග දුටු අසංග කෑ ගසමින් පොලිස් ස්ථානාධිපතිවරයාට කීවේය.

නිලධාරීන්ද අන්දුන්කුන්දුන් විය. එහෙනම් මේ යකාකිව්වේ ඒ ළමයා හප්පගෙන ගියා කියලනේ.

බොරු සර්... මෙයා තමයි සබීතට පිහියෙන් ඇන්නේ.

රෝහල් වෛද්‍යවරයා කීවේද සබීතා මියගොස් ඇත්තේ පිහි පහර එල්ල කිරීමෙන් බවය.

ඒ අනුව සැකකාර රණතුංග රෝහලේදීම පොලිස් අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව විසිකර දමා තිබූ පිහියද සොයා ගැනීමට හැකිවිය.

සබීතා මියයද්දී අවුරුදු 21 කි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top