ඇයගේ ආකර්ෂණීය පෙනුමත්, රංගන කුසලතාවයත් නිසාම නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට ඇය සමත් වී සිටිනවා. නිතරම සමාජ මාධ්‍ය හරහා තම රසිකයින් සමඟ සමීප වන යොහානි, පසුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කළ ඡායාරූප පෙළක් නිසා මේ වෙද්දී අන්තර්ජාලය පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
මේ අලුත්ම ඡායාරූප පෙළ සඳහා යොහානි තෝරාගෙන තිබුණේ කාගෙත් නෙත් සිත් පැහැරගන්නා මනස්කාන්ත කළු පැහැති විලාසිතාවක්. කළු පාටින් හැඩවුණු ඇයගේ මේ රූ රටා තුළින් වෙනදාටත් වඩා සරාගී මෙන්ම අතිශය සුන්දර පෙනුමක් නිරූපණය වන බව නම් නොකියාම බැහැ.
සාමාන්‍යයෙන් කළු පැහැය ඕනෑම කෙනෙකුගේ පෙනුම කැපී පෙනෙන්නට උදව් වුණත්, යොහානිගේ මේ අලුත්ම හැඩගැන්වීම ඇගේ රූපයට ගෙනැවිත් තිබෙන්නේ ඊටත් එහා ගිය පුදුමාකාර ආකර්ෂණයක්.
මේ වෙනස්ම විදියේ සරාගී ඡායාරූප පෙළ දුටු සැණින්ම ඇගේ රසිකයින්ගෙන් ඊට ලැබෙන්නේ නොනවතින ආදරණීය ප්‍රතිචාරයි.
කොතරම් නවක මුහුණු ක්ෂේත්‍රයට ආවත්, රංගනයෙන් වගේම නිසඟ රූ සපුවෙනුත් ප්‍රේක්ෂක හිත් හොරාගත් යොහානි, ඇගේ මේ අලුත්ම සරාගී පෙනුමත් එක්ක මුහුණුපොතම යළිත් වතාවක් වසඟ කරගන්නට සමත් වෙලා තියෙන බව මේ ඡායාරූප වේගයෙන් හුවමාරු වීමෙන්ම ඔප්පු වෙනවා.


