ඒ තමයි, රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ මහතාට බන්ධනාගාරයේ සාමාන්‍ය කෑම බීම වෙනුවට නිවසින් සකස් කළ ආහාර ලබාගැනීමට බන්ධනාගාර බලධාරීන්ගෙන් විශේෂ අවසරයක් හිමිවීම. මේ බව නිල වශයෙන් තහවුරු කර ඇත්තේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතායි.
කෙසේ වෙතත්, ඔහු බැලීමට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් දැඩි සීමා පනවා ඇති අතර, දිනකට ඔහු හමුවීමට අවසර හිමිවන්නේ පුද්ගලයන් තිදෙනෙකුට පමණයි. මීට අමතරව, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක විධිවිධාන රැසක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
අල්ලස් කොමිසම මගින් පසුගිය 04 වැනිදා සිදුකළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතාව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.