රංගනයට අමතරව ඇගේ ආකර්ෂණීය විලාසිතා සහ සුන්දර පෙනුම නිසාත් සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම ඇය ගැන කතාබහක් නිර්මාණය වෙනවා.
පසුගිය දවසක දිනක්ෂි ඇගේ නිල මුහුණුපොතට එක්කර තිබූ අලුත්ම ඡායාරූප පෙළක් රසික සිත් වශී කරන්න සමත් වෙලා තිබුණා. ඊට හේතුව තමයි ඇය ඇඳ සිටි ඒ මනස්කාන්ත, චාම් කහ පැහැති සාරිය! කිසිදු අතිශයෝක්තියක් නැති, ඉතාම සරල චාම් සාරි විලාසිතාවකින් සැරසිලා හිටපු දිනක්ෂිගේ මුවඟ රැඳි ඒ පිවිතුරු, සුන්දර හිනාව මේ හැම ඡායාරූපයකටම වෙනස්ම සුන්දරත්වයක් එක්කර තිබුණා.
විශේෂයෙන්ම මේ ඡායාරූප පෙළට ඇය එක්කර තිබූ සටහන කාගෙත් දැඩි අවධානයට ලක්වුණා. "Make your heart the most beautiful thing about you" (ඔබේ හදවත ඔබේ ලස්සනම දෙය බවට පත් කරගන්න) යනුවෙන් ඇය තැබූ ඒ අර්ථවත් වැකිය, ඇගේ පිටත රූප සුන්දරත්වයටත් වඩා ඇතුළාන්තයේ තියෙන නිහතමානී පිවිතුරු බව මනාව කියාපාන බවයි රසිකයන් පවසන්නේ.
බලන්නකෝ ඒ ෆොටෝ වල ලස්සන.