ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ සායන හතළිස් එකක් දිවයින පුරා පවත්වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, ඒඩ්ස් රෝගීන් 4771 , සිෆීලිස් රෝගීන් 1469ක්, ගොනෝරියා රෝගීන් 1035, සහ හර්පීස් රෝගීන් 2,891ක් ප්‍රතිකාර ලබන බවයි.
එමෙන්ම ඉහත වැඩසටහන පරිපාලනය කිරීම සඳහා ස්ථිර අධ්‍යක්ෂවරයෙකු පත්කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
එමෙන්ම ඒත් රෝගය සඳහා ලබා දෙන ඖෂධයෙන් 2025.12.31 වන දින වන විට පෙති 36421ක තොගයක් පවතින අතර එම ප්‍රමාණය මාස හතරකට ප්‍රමාණවත් වන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
ගෝලීය අරමුදලෙන් මෙම ඖෂධ තොගය පරිත්‍යාගයක් ලෙස ලැබුණු බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.