ලෝකයේ පෙරදිග සහ අපරදිග යා කළ දැවැන්තම වෙළඳ ජාලය වුණු "සේද මාවත" (Silk Route) ගැන අපි කවුරුත් අහලා තිබුණත්, එහි සැඟවුණු තැන් පිළිබඳව අලුත් අනාවරණයක් වෙලා තියෙනවා.
ක්‍රි.පූ. 130 ඉඳන් ක්‍රි.ව. 1453 දක්වා කාලය තුළ ආසියාව, මැදපෙරදිග සහ යුරෝපය යා කරමින් භාණ්ඩ හා සංස්කෘතීන් හුවමාරු කරගත් මේ ඓතිහාසික මාර්ගය කාලයාගේ ඇවෑමෙන් වැසී ගියා. හැබැයි අලුත්ම වාර්තාවලින් කියවෙන්නේ මෙතෙක් කල් රහසක්ව තිබුණු මේ මාර්ගයේ ඇතැම් කොටස් පැරණි ජපන් හමුදා සිතියම් කිහිපයක් හරහා නැවත සොයාගෙන ඇති බවයි.
පැරණි ජපන් හමුදා සිතියම්වල තිබූ රහස් කේත මගින් මෙම මාර්ගයේ වැළලී ගිය තොරතුරු හෙළි වී තිබෙනවා. රෝම අධිරාජ්‍යයේ සිට චීනය දක්වා විහිදුණු මේ මාවත හරහා ඉන්දියාව, පර්සියාව සහ අරාබිය සම්බන්ධ වූ ආකාරය නැවත කරළියට පැමිණීම විශේෂත්වයක්.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින්ට මගහැරුණු ඇතැම් ගමන් මාර්ග මේ හරහා තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතිහාසය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. අපි හැමෝම හිතාගෙන හිටපු දේවල් එක මොහොතකින් වෙනස් කරන්න මෙවැනි සොයාගැනීම් සමත් වෙනවා.