අද දහවල් කාලයේ ප්‍රදේශයට හමා ගිය තද සුළඟක් හේතුවෙන් අදාළ ගසේ අතු මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී රෝහල් භූමියේ වාහන රැසක් නවතා තිබුණත්, මෙම අවාසනාවන්ත හානිය සිදු වී ඇත්තේ ත්‍රීරෝද රථ දෙකකට පමණයි.
වාසනාවකට මෙන්, අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රීරෝද රථවල කිසිවෙකුත් සිට නැහැ. එම රථවලින් පැමිණි පිරිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තම ඥාතීන් බැලීම සඳහා ගොස් සිටි නිසා විශාල පුද්ගල අනතුරක් වැළකී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, අත්ත කඩා වැටීමෙන් ත්‍රීරෝද රථ දෙකට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා. කන්තලේ මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.