Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
11
දැන් මුළු ලෝකෙම කතා වෙන්නේ මෙයා ගැනයි! ඉන්දියාවේ වීදි සුනඛයා ඇමරිකාවේ සුපිරි තරුවක් වුණ හැටි.

- දැන් මුළු ලෝකෙම කතා වෙන්නේ මෙයා ගැනයි! ඉන්දියාවේ වීදි සුනඛයා ඇමරිකාවේ සුපිරි තරුවක් වුණ හැටි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,025 Views

සාමාන්‍යයෙන් බල්ලෙක් කිව්වම අපිට මතක් වෙන්නේ ගෙදරක් මුර කරන, එහෙමත් නැත්නම් පාරේ ඉන්න අසරණ සතෙක්ව. 


හැබැයි අද අපි මේ කියන්න යන්නේ මුළු ලෝකෙම ආදරය දිනාගත්ත, බුදු දහමේ පණිවිඩය අරන් රටවල් ගාණක් හරහා ඇවිදින අමුතුම විදියේ "පින්වන්ත" බල්ලෙක් ගැනයි. ඔහු නමින් ‘ආලෝක’ (Aloka The Peace Dog).

ආලෝකගේ කතාව පටන් ගන්නේ ඉන්දියාවේ කල්කටා නුවර වීදියකින්. මීට අවුරුදු කිහිපයකට කලින් කල්කටා පාරවල් වල කන්න බොන්න නැතුව, මිනිස්සුන්ගෙන් ගුටි බැට කාගෙන හිටපු මේ අසරණ ‘pariah’ වර්ගයේ වීදි සුනඛයාගේ ජීවිතය වෙනස් වුණේ නොසිතූ මොහොතකයි.

සාමය සොයා ඉන්දියාවේ සිට නේපාලයට කිලෝමීටර් 3000ක් පා ගමනින් වැඩම කරපු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් දැකපු ගමන්, මේ සුනඛයා උන්වහන්සේලා පිටුපසින් යන්න පටන් ගත්තා. හාමුදුරුවෝ දුන්න දෙයක් කාලා, පාරේ නිදාගෙන, කිසිම සැප සම්පතක් නැතුව මේ බල්ලා උන්වහන්සේලාගේ සෙවණැල්ල වගේ දින 112ක් තිස්සේ නේපාලයටම ගියා. ඒ ගමන අතරතුර වාහනයක හැපිලා මරණාසන්න වුණත්, ආලෝක තමන්ගේ ගමන අතහැරියේ නැහැ.

නේපාලයෙන් ගමන ඉවර කරපු භික්ෂූන් වහන්සේලාට මේ හිතෛෂී සතාව දාලා එන්න හිතුනේ නැහැ. ලොකු උත්සාහයකින් පස්සේ ආලෝකව ගුවන් යානයකින් ඇමරිකාවට අරන් යන්න උන්වහන්සේලා සමත් වුණා.

දැන් ආලෝක ඉන්නේ ඇමරිකාවේ.. ටෙක්සාස් වල ඉඳන් වොෂින්ටන් නුවර දක්වා කිලෝමීටර් 4000ක දැවැන්ත පාද යාත්‍රාවකට ඔහු එක්වෙලා ඉන්නවා. පාවහන් නැතුව, හාමුදුරුවෝ වගේම අල්පේච්ඡව, කූඩාරම් අස්සේ නිදාගනිමින් ආලෝක යන මේ ගමන දකින ඇමරිකානුවන් මවිතයට පත් වෙලයි ඉන්නේ.

ආලෝක ලෝකෙම ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි ඔහුගේ නළලේ ස්වභාවිකවම පිහිටලා තියෙන "සුදු පැහැති හදවත්" හැඩය. මේ නිසාම ඔහු "සාමයේ දූතයෙක්" විදිහට හැමෝම හඳුන්වනවා.

මේ අතරේ කනගාටුදායක පුවතකුත් වාර්තා වෙනවා. පසුගිය දිනෙක මේ පා ගමනට කිසියම් බාධාවක් හෝ අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි හාමුදුරුවෝ කියන්නේ මේ මොන බාධාව ආවත්, ආලෝකගේ ශක්තියත් එක්ක සාමයේ පණිවිඩය ලෝකෙට අරන් යන එක නවත්වන්නේ නැහැ කියලා.

අද වෙනකොට 'Aloka the Peace Dog' නමින් ෆේස්බුක් පිටුවක් පවා තියෙන අතර, දහස් ගණන් ලෝකවාසීන් මේ පින්වන්ත සුනඛයාගේ අලුත්ම තොරතුරු බලන්න පෙළ ගැසී ඉන්නවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top