හිටපු අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ වැඩිමහල් පුත්‍රයා මෙන්ම ප්‍රකට දේශපාලන විචාරකයෙකු වූ මයිකල් රේගන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 80 වැනි වියේ පසුවුණා.
රොනල්ඩ් රේගන් ජනාධිපති පදනම සහ ආයතනය (Ronald Reagan Presidential Foundation and Institute) මෙම පුවත තහවුරු කරමින් ප්‍රකාශ කළේ, මයිකල් රේගන් සිය පියාගේ දේශපාලන දර්ශනය සහ උරුමය රැකගැනීම වෙනුවෙන් නොසැලී කැප වූ අයෙකු බවයි.
ඔහු පිළිකා රෝගී තත්ත්වයකින් පසුවූ බවත්, පසුගිය ජනවාරි 4 වැනිදා ලොස් ඇන්ජලීස් නුවරදී මියගිය බවත්, සඳහන්.
1945 වසරේදී උපත ලැබූ මයිකල්ව, රොනල්ඩ් රේගන් සහ ඔහුගේ එවකට බිරිඳ වූ නිළි ජේන් වයිමන් විසින් දරුකමට හදාගනු ලැබුවේ ඔහු ඉපදී පැය කිහිපයකට පසුවයි.
සිය දෙමාපියන්ගේ අඩිපාරේ යමින් කලක් රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු, පසුව දශක දෙකකට අධික කාලයක් "The Michael Reagan Show" නම් ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන මෙහෙයවමින් දේශපාලන හා සංස්කෘතික විචාරකයෙකු ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්වුණා.
මයිකල් රේගන් ග්‍රන්ථ කිහිපයකම කතුවරයෙකු ද වන අතර, ඔහුගේ "Lessons My Father Taught Me" කෘතිය හරහා රොනල්ඩ් රේගන්ගෙන් තමා උගත් ජීවිත පාඩම් ලොවට හෙළි කර තිබෙනවා.
දේශපාලනයට අමතරව ඔහු විවිධ පුණ්‍යායතන සඳහා මුදල් රැස් කිරීමට ද සක්‍රීයව දායක වූවෙක්.
විශේෂයෙන්ම තම පියා පීඩා විඳි ඇල්සයිමර් රෝගයට (Alzheimer’s disease) එරෙහිව සටන් කරන පදනම් වල ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා.
ඔහුගේ අභාවය වෙනුවෙන් බොහෝ දේශපාලන නායකයින් සහ හිතවතුන් සිය ශෝකය පළ කර තිබෙනවා.