Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
09
"ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි.. දෑසින් නොදකින ඇතක උන්නත් හිත විමසන්නේ ඹබේ ගැනයි..." එක වහලක් යටට ඇවිත් අදට දවස් 10 220ක් ගෙවෙන දවසේ සංජීවනී මුහුණුපොතට එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න..

- "ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි.. දෑසින් නොදකින ඇතක උන්නත් හිත විමසන්නේ ඹබේ ගැනයි..." එක වහලක් යටට ඇවිත් අදට දවස් 10 220ක් ගෙවෙන දවසේ සංජීවනී මුහුණුපොතට එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,524 Views

සංජීවනී වීරසිංහ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය කලාකාරිණියක්.

එදා වගේම අදටත් ඇයගේ රුවට වගේම හඬට ආදරය කරන බොහෝ දෙනෙක්ට සංජීවනී කියන මේ පණිවිඩය නම් ගොඩක් විශේෂ වේවි.


කොහොම වුණත් මේ බලන්නකෝ වසර ගණනක සාර්ථක පවුල් ජීවිතය ගැන හද පිරි සතුටෙන් ඉන්න ඇය, ඔවුන්ගේ විවාහ සංවත්සරය දවසේ එක්කරලා තිබුණු ඒ සටහන මොන තරම් නම් ආදරණීයද කියලා..


අපි එක වහලක් යටට ඇවිත් අදට දවස් 10,220ක් වෙනවා.
එකිනෙකා කෙරෙහි ආදරයක් හිතට දැනුන දවසෙ ඉඳලා අද වෙනකල් අපි ආදරෙන් ඉන්නවා....

කසාද බඳින්න කලින් සමහර අය මට කියල තියෙනවා, යාලු වෙලා ඉන්න කාලෙට වඩා, කසාද බැඳලා ටික කලක් ගියාම ඒ ආදරේ වෙනස් වෙනවා කියලා.

අවුරුදු විසිඅටක් එකට හිටපු අත්දැකීමෙන් අද මම කියනවා, ඔව් ඒ ආදරේ වෙනස් වුණා තමයි....
එදා තිබ්බා ආදරේ අද වෙනකොට තවත් වැඩි වුණා. හෙට අනිවාර්යෙන්ම තවත් වැඩිවේවි. ඒක මට ඉර හඳ පායනවා වගේ විශ්වාසයි.

ඇත්තම කියනවනම් අපි දෙන්න අතරෙ ගොඩක් වෙනස්කම් තියෙනවා. සුසන්ත ගොඩාක් වගකීම් සහගත කෙනෙක්. එයාව එක වචනෙකින් හඳුන්වන්න කිව්වොත් මං ගන්නේ " වැදගත්" කියන වචනේ. අම්මගේ තාත්තගෙන් මගේ අත ඉල්ලන්න ආපු දවසෙ තිබුන වැදගත්කම, අදටත් එයාගෙන් මං දකිනවා. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මැච් එකකදි ලකුණු සීයක් ගහලා ආවත්, බින්දුවට out වුනත්...

ලොකුවට සතුටු වෙන්නෙවත්, එහෙමටම දුක් වෙන්නෙවත් නෑ. හැමදේම උපේක්ෂාවෙන් බාරගන්නවා. එයා සාමාන්‍ය ජීවිතයේදිත් එහෙමමයි. එයා ගෙන් ජීවිතේ ගැන, මිනිස්සු ගැන මම බොහෝම දේවල් ඉගෙන ගත්තා. අපේ දරුවෝ දෙන්න බලාගන්නවා වගේම ආදරයෙන් අදටත් එයා මාව බලාගන්නවා. පවුල් ජීවිතයේ ලොකු ලොකු වගකීම් එයාගේ කරට අරගෙන, නිදහසේ ගීතයක් ගයාගෙන, රැගුමක් රඟාගෙන, ගුරු වෘත්තියත් කරගෙන, තවදුරටත් ඉහළට අධ්‍යාපනය ලබාගෙන, සැනසිල්ලේ ජීවිතය ගත කරන්න එයා මට ලබා දෙන්නේ සුවිශාල ඉඩක්, නිදහසක්. ඒ දෙන දිරියට, සහයෝගයට මම පින් දෙනවා. එවන් පුතෙක් මේ ලෝකයට බිහිකරලා, ගුණවත් බවෙන් පුරවලා මටම ලබා දුන්නු, ඒ දෙමව්පියන්ටත් බොහොම පින්.

එයා කොහොමටත් කිසි විදිහකට කැපී පේන්න දඟලන කෙනෙක් නෙවෙයි. බොහොම නිහඬව හැමෝගැනම, හැම දේ ගැනම අවබෝධයෙන්, අවධානයෙන් පිළිවෙලකට ජීවිතේ ගත කරන කෙනෙක්. මගෙන්, සහ දරුවන්ගෙන් තොර ජීවිතයක් එයාට නැහැ. අපිව සතුටු කරන්න ලැබෙන හැම අවස්ථාවම එය ප්‍රයෝජයට ගන්නේ හරී ලස්සනට අපේ හිත් ආදරයෙන් පුරවමින්. එයා කිසි කෙනෙක්ව අනවශ්‍ය විදිහට විවේචනය කරනවාවත්, මොනම හේතුවක්වත් නිසා කිසිවෙකුට අපහාස කරනවාවත්, අශීලාචාර විදිහට හැසිරෙනවාවත්, මේ අවුරුදු 28ටම මම දැකලා නැහැ. ඒ වගේම කාට හරි උදව්වක් කරන්න අවස්ථාවක් තියෙනවා නම්, මොන තරහකාරයෙක්ට උනත් කළ යුතු දේ අඩුවක් නොකර කරන එක එයාගේ පුරුද්ද. මං හිතන්නේ අපි දෙන්නගෙම තියෙන ලොකුම සමානකම ඒක. රටින් බැහැරව හිටියත් ලංකාවේ අයට. දන්න හෝ නොදන්න ඕනම කෙනෙක්ට, තවමත් අපට ඇති හැකි අයුරින් උදව් උපකාර කරද්දී කවදාවත් සුසන්ත මට ඒකට වැටකටුළු බැඳලා නෑ.
මේ අවුරුදු විසි අටට එයාගේ ආදරය, සෙනෙහස ගැන මං ගොඩාක් කවි ලියල ඇති. ඒත්, අදටත් මට එයා ගැන කියන්න අලුතින් දේවල් තියෙනවා. ඒ හැමදාමත් අපේ ආදරේ අලුත්වෙන නිසා. මම මේ ලියන හැම වචනයක්ම ලියන්නේ ඉතා වගකීම් සහගතව අතිශයෝක්තියකින් තොරවයි. මෙතරම් ගුණවත්, ආදරණීය සැමියෙක් ලබන්නට මම පින් කළා නම්, ඔහු ගැන ලෝභ නැතුව අගයන්නත් ඒ ආදරයේ වටිනාකම හඳුනන බිරිඳක් හැටියට මං මගහරින්නේ නෑ. අපි ජීවත් වෙන්නේ හරි ටික කාලයයි. ඒ නිසා මගේ හිතේ තියෙන ආදරේ අද වගේ දවසක මං නැවත නැවතත් කියනවා. තම බිරිඳට රැජිණක් වගේ, දරුවෙක් වගේ, හොඳම මිතුරියකට වගේ, සලකන ආදරබර වටිනා කියන සැමියන් මේ සමාජයේ තව කොතෙකුත් ඇති. පපුවේ ගින්දරක් නොමැතිව හදවතින්ම සිනාසෙමින්, කොතරම් වයසට ගියත් මලක් වගේ පිවිතුරුව ජීවිතේ සතුට අඩු නැතුව විඳගන්න සිය බිරින්දෑවරුන්ට ඉඩහසර ලබාදෙන, තම බිරින්දෑවරුන්ව ආදරයෙන් රකින මුත් කිසිම දිනෙක ඒ අය වටා වැට කඩුලු නොබඳින, සියලු යහපත් මිනිසුන්ට මගේ ප්‍රණාමය අද වගේ දවසක විශේෂයෙන් හිමි වන්නේ මටත්, දරුවන්ටත් මනා සෙවණක්, සිසිලක්, රැකවරණයක් ලබා දෙන මහා වෘක්ෂයක් බඳු වූ ආදරණීය සැමියෙකුගේ සෙනෙහස ලබන්න තරම් මා ද පිනක් කර ඇති නිසාමයි.

ඒ සෙනෙහස නිසාම, කොතරම් වයසින් මුහුකුරා ගියත්, මගේ හිත තාම හිරිමල් යුවතියක වගේ සතුටින් පිරිලා. ඔබත් සමඟ මේ බෙදාගෙන ඇති වීඩියෝව මගේ ආදරණීය මිතුරිය ප්‍රභා බමුණුආරච්චි විසින්, ඇගේ සොදුරු නිවසේදී ලබාගත් එකක්.

එදා ප්‍රභාගෙ ආදරණීය සැමියා කුමාර, ප්‍රභා, සුසන්ත, අපි හැමෝගෙම ආදරණීය සොයුරෙක් වන සුසිල්... අපි හැමෝම ගොඩාක් සතුටුවුන දවසක්. ප්‍රභා ඉතා ආදරණීය බිරිදක් සහ මවක්. මගේ සොදුරුතම හිතවතියක්. ඇගේ නිවහනේ ඉතා සතුටින් ගතකල සොදුරු මොහොතකදී ගැයුනු ඒ ගීයෙන් කියවෙනවා වගේම " සාගරය බදු පෙම්...ආදරයක්" මට ලැබෙන නිසාම මං සතුටින්. මං ආදරේ කරන, මට ආදරේ කරන ඔහු නිසා මගේ ලෝකය පිරී ඇත්තේ පුදුම සැනසිල්ලකින්. මොනම හේතුවකටවත් මාව සැක නොකරන, කාර්‍යබහුලතාවය නිසාම මගේ අතින් පුංචි අඩුපාඩුවක් උනත් ඒ සියල්ල කරුණාවෙන් ඉවසන. එහෙමත් දිනක තරහ ගියාම මටත් පුංචි පාට් එකක් දාන... ඒත් ඊළඟ මොහොතේ මා ඉදිරිපත් කරන හැට හතරෙන් ඒකකට හසුවී යලිත් සන්සුන් වෙන, මේ ආදරණීය චරිතය, මගේ හිත නිවන... මගේ ආත්මයම ආදරයෙන් පුරවන, මටත් දරු දෙදෙනාටත් මේ මිහි තලය මත සුරපුරක්ම මවන කප් රුකක්ම නොවේද?

ඔහු මට ලබාදෙන ආදරයට සමවූ සෙනෙහසක්, ගෞරවයක් ඔහුටත් ලබා දෙන්නට මේ වසර 28 පුරාම මමත් කැප වුනා. ඔහුට වදක භාරියක් නොවී ආදරබර බිරිඳක්, හොඳම මිතුරියක් වන්නට මම උත්සාහ කළා.
ඉතින් සුසන්ත, එදා වගේම අදත්... අද වගේම හෙටත්.. මේ ජීවන ගමනේ සැනසිල්ලේ , සතුටින්, එන ඕනම ගැටලුවක් දෙදෙනාම එකට එකතු වී විසඳා ගනිමින්, අවබෝදයෙන් යුතුව ගමන් කරමු. ඔබෙන් මට දෙන්නටවත් මගෙන් ඔබට දෙන්නටවත්, තවදුරටත් අමුතුවෙන් කිසිවක් ඉතුරු වී නෑ. තවදුරටත් දෙන්නට ඇත්තේ හිත පුරා උතුරා ගලන ආදරය, ගෞරවය පමණමයි.

හැමදේම අනියත මේ ජීවිතයේ, දවසක ඔයා හෝ මම අනෙකාට කලින් අවසන් හුස්ම හෙලාවි. එදාට පසු නොතැවෙන්නට මගේ අහින්සක, අවංක ආදරේ මේ අයුරින් මම ලියා තබනවා. පිවිතුරු ආදරයකට වයසක් නෑ... ඒ නිසාම අපේ හිත් හැමදාම තරුණ වෙන්න ඇරල අපි සතුටින් ඉමු.
ඉතින් මිතුරනේ, අපේ සතුට, අපේ ජීවන තොරතුරු.. හැමදාම අපි ඔබ සමග බෙදාගන්නේ, මේ ගමනේ සාර්ථකත්වයට හැමදාමත් ඔබ ආශිර්වාද කළ නිසාමයි..
එහෙනම්.....
ඔබත් ආදරෙන් ඉන්න..
අපිත් ආදරෙන් ඉන්නවා..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top