ඒ, වේගයෙන් පැමිණි වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ දරුණු රිය අනතුරක් පිළිබඳවයි.
පොලිසිය පවසන පරිදි, යතුරුපැදිකරු කළුතර දෙස සිට බේරුවල දෙසට ධාවනය කරමින් සිට ඇති අතර, බේරුවල සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථය එහි ගැටී තිබෙනවා.
අනතුරේ බරපතළකම කොතෙක්ද යත්, යතුරුපැදියේ ගැටුණු වෑන් රථය රියැදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් තිබූ බැම්මකද වැදී පෙරළී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුරින් යතුරුපැදිකරු මෙන්ම වෑන් රථයේ රියැදුරුද බරපතළ තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය වූ සැණින් ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා. අනතුර සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.