පෞද්ගලික බස් රථයක්, ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකා ගැටීමෙන් සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් එක් අයෙකුට සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුව තිබෙනවා.
පොලිස් වාර්තාවලට අනුව, වාහන තුනම එකිනෙක ගැටී ඇත්තේ පාලනය කරගත නොහැකි වේගයකින් පැමිණීම නිසා බවට සැක කෙරෙනවා. එකම දිශාවට ධාවනය වූ බස් රථ දෙක සහ ටිපර් රථය මෙලෙස ගැටීමෙන් වාහනවලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
අනතුර සිදුවූ සැණින් ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව තුවාල ලැබූවන් මුදාගැනීමට කටයුතු කළා. පුද්ගලයින් 10 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් කඩිනමින් මාවනැල්ල සහ කෑගල්ල රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තා. මේ වන විට මාවනැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.