බණ්ඩාරවත්ත, පුවක්පිටිය ප්‍රදේශයෙන් නුවර පාරේ එක් මංතීරුවක් ලබන 15 වැනිදා දක්වා වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කරලා තියෙනවා.
කඩවත පද්ධති අන්තර් හුවමාරුවේ සිට මීරිගම දෙසට මීටර් 500 ක දුරක් සිදුවන විශේෂ ඉදිකිරීම් කටයුත්තක් නිසයි මේ වසා තැබීම සිදු කරන්නේ. මේ දවස් ටිකේ ඒ හරහා යන වාහන වලට පොඩි තදබදයක් ඇති වෙන්න පුළුවන්.
කඩවත නගර මධ්‍යයේ තියෙන ට්‍රැෆික් ලයිට් (ආලෝක සංඥා) හන්දියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ට්‍රැෆික් ලයිට් හන්දිය දක්වා මාර්ගය පාවිච්චි කරන්න පුළුවන්.
ප්‍රමාද වෙන්නේ නැතුව ගමන යන්න නම් මේ ගැන කලින්ම දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.