කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) සවස නිකුත් කළ නිවේදනයට අනුව, හෙට (10) සවස වන විට මේ පීඩන අවපාතය ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් අපේ රටේ වෙරළ තීරයට ගොඩබහින්න නියමිතයි.
අද දවල් 1.00 වෙද්දී මේ පද්ධතිය මඩකලපුවේ ඉඳන් කිලෝමීටර් 160ක් විතර දුරින් නැගෙනහිර දෙසින් තමයි ලැගුම්ගෙන හිටියේ. ඒක හෙමින් හෙමින් දැන් ගොඩබිම දෙසට ඇදී එන බවයි කියන්නේ.
උතුරු පළාතේ ඇතැම් තැන්වලට මිලිමීටර් 100 ට වැඩි වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුරය සහ ත්‍රිකුණාමලයේ අයටත් කුඩේ අතට අරන් ඉන්න වෙනවා.
මේක නිකන් වැස්සක් නෙවෙයි. පැයට කිලෝමීටර් 60ක් විතර වේගයෙන් එන සුළඟ, විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා "ප්‍රහාරාත්මක" විදියට එන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ ත්‍රිකුණාමලය පැත්තේ අයට මේක තදින් දැනේවි.
වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර සහ පොළොන්නරුව, මඩකලපුව පැතිවලටත් විටින් විට වැසි වාර කිහිපයක් සහ තරමක තද හුළඟක් බලපවත්වනවා.
ගිගුරුම් සහිත වැසි එක්ක හදිසියේ එන තද හුළඟ වගේම අකුණු ගැනත් සැළකිලිමත් වෙන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට මතක් කරනවා. හදිසි අනතුරු අවම කරගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න කියලා තමයි ඔවුන් ඉල්ලන්නේ.