Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
11
අනේ මේ පුංචි මල් කැකුළ ගියේ තමන්ගේ සුරතලා වෙච්ච එළුවා බේරගන්න. ඒත් අවසානයේ වුණේ කවුරුත් නොහිතපු දෙයක්!

- අනේ මේ පුංචි මල් කැකුළ ගියේ තමන්ගේ සුරතලා වෙච්ච එළුවා බේරගන්න. ඒත් අවසානයේ වුණේ කවුරුත් නොහිතපු දෙයක්!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයෙන් අද (11) අසන්නට ලැබුණේ මුළු රටම කම්පා කරවන පුවතකි. 


ඒ, වගා බිමක ඇද තිබූ අනවසර විදුලි රැහැනකට හසුව මියයමින් සිටි තම ආදරණීය එළුවා බේරා ගැනීමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු විදුලි සැර වැදී මියයාමේ පුවතයි.

මෙසේ අවාසනාවන්ත ලෙස දිවි අහිමි කරගෙන ඇත්තේ කුච්චවේලි, සල්ලිමුණේ පදිංචි අයුබ්කාන් මොහොමඩ් රිපාස් නැමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔහු කුච්චවේලි අන්-නූරියා මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ, ගුරු-සිසු කාගේත් ආදරය දිනූ දක්ෂ දරුවෙකි.

ඊයේ (10) පස්වරුවේ රිපාස් නිවසින් පිටව ගියේ සිය එළුවන් රැළ බැලීම සඳහායි. එහිදී වඩලිකුලම් ප්‍රදේශයේ වගා භූමියක් අසලින් යද්දී, එක් එළුවකු එම ඉඩමේ වැටට සම්බන්ධ කර තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මියයමින් සිටිනු ඔහු දැක තිබේ. සිය සුරතල් සතාව බේරාගැනීමේ අහිංසක අදහසින් ඉදිරියට ගිය රිපාස් හටද එම විදුලි සැර වැදී ඇත්තේ මුළු ගම්මානයම ගල් කරමිනි.

බරපතළ ලෙස විදුලි සැර වැදී සිහිසුන්ව ඇද වැටුණු රිපාස්ව වහාම කුච්චවේලි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද, තත්ත්වය බරපතළ වූ බැවින් ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබුණා. නමුත් වෛද්‍යවරුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මේ දරුවා මෙලොව හැර ගියේ බොහෝ දෙනෙකුගේ දෙනෙතට කඳුළක් එක් කරමිනි.

මෙම මාරක උගුල ඇටවූ වගා භූමියේ අයිතිකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පුදුමයට කරුණ නම්, අත්අඩංගුවට ගත් 62 හැවිරිදි පුද්ගලයා විදුලිබල මණ්ඩලයේම විශ්‍රාමික කාර්මික ශිල්පියෙකු වීමයි. විදුලිය ගැන මැනවින් දන්නා අයෙකු මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවක නිරත වීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය දැඩි විරෝධය පළ කර සිටියි.

සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුච්චවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top